ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අඩුම පොළී අනුපාතිකය ඊයේ දිනයේදී (03/11) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 0.1% දක්වා තවත් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තීරණය කළේය.

People walk past the Reserve Bank of Australia sign in Sydney Source: William West/AFP/Getty Images
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අඩුම පොළී අනුපාතිකය
ඊයේ තෙක් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය පැවතියේ 0.25% මට්ටමේය.
නමුත් එය 0.1% දක්වා තවත් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තීරණය කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහනයක් වීම සඳහා මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ප්‍රකාශ කළේය.
එමෙන්ම 0.1% පොළී අනුපාතිකය අවම වශයෙන් තවත් වසර තුනක් යනතෙක් ඉහළ නොදමන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
උද්ධමනය නැති කිරීමට සහ ණය දීම හා ආයෝජන දිරිගැන්වීම සඳහා ඉදිරි මාස හය තුළ ඩොලර් බිලියන 100 ක් වටිනා ඔස්ට්‍රේලියානු රජයේ බැඳුම්කර මිලදී ගන්නා බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තහවුරු කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් සඳහා නොමිලේ මුදල් මුද්‍රණය නොකරන බවත් මධ්‍යම බැංකුව විසින් මිලදී ගත් බැඳුම්කර කල් පිරෙන විට රජයන් විසින් ආපසු ගෙවිය යුතු බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe අවධාරණය කළේය.

Governor of the Reserve Bank of Australia (RBA) Phillip Lowe. Source: AAP
කප්පාදු කළ පොලී අනුපාතිකය ඔබේ නිවාස ණයට බලපාන අයුරු
ඊයේ ප්‍රකාශයට පත් කළ නව පොළී අනුපාතිකය ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතනය විසින් ක්‍රියාත්මක කළහොත් ඩොලර් 400,000 ක නිවාස ණයක් සඳහා ආපසු ගෙවීම් සාමාන්‍යයෙන් මසකට ඩොලර් 33 කින් පමණ අඩු වනු ඇත.
ඒ පිළිබඳ චැනල් 7 පුවත් සේවයේ වෙබ් අඩවියේ දක්වා තිබුණේ පහත අයුරිනි.

Source: SBS Sinhala