Key Points
- ඔස්ට්‍රේලියාවේ ලිංගික කැමැත්ත පිළිබඳ නීති විමර්ශනය කිරීම සඳහා නීති විශාරදයින් සහ නීතිඥයින් මේ සතියේදී රැස්වීමට නියමිතයි.
- ඔස්ට්‍රේලියාවේ පවතින ලිංගික කැමැත්ත පිළිබඳ නීති වලට එකඟ විය හැකිද යන්න සොයා බැලීමට මෙම විමර්ශනය සැලසුම් කර තිබේ.
- ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවල ඉහළ ලිංගික අතවර සහ හිරිහැර කිරීම් මෙම විමර්ශනය සඳහා පාදක වී තිබේ.
මෙම ලිපියේ ලිංගික ප්රචණ්ඩත්වය ගැන කරුණු අන්තර්ගත වේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී T 20 ලෝක කුසලාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි හි කාන්තාවක විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා හතරෙන් තුනක් පොලිසිය විසින් ඉවත් කර ගෙන ඇති නමුත් එම කාන්තාවගේ ලිංගික කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධ චෝදනාව තවදුරටත් පවතී.
ඔස්ට්‍රේලියාවේ නීති විශාරදයින් සහ නීතීඥයින් විසින් රට පුරා සිදුවන ලිංගික ප්රචණ්ඩත්ව අර්බුදය විසදීමට ගන්නා උත්සාහයක් ලෙස ලිංගික කැමැත්ත පිළිබඳ නීති මේ සතියේ සෙනෙට් සභාවේදී විමර්ශනය කරනු ඇත.
ලිංගික හිංසනයෙන් දිවි ගලවා ගත් අධිනීතිඥ Saxon Mullins රජය විසින් මීට සවන් දී සුදුසු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරයි.
රටේ පවතින දැවැන්ත ගැටළුවට ඇත්තෙන්ම සවන් දීමටත්, එය විසඳන්නේ කෙසේදැයි තීරණය කිරීමටත් රජය මෙය අවස්ථාවක් කර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඇය පසු ගිය සඳුදා SBS ප්රවෘත්ති සේවයට පැවසුවාය.
එමෙන්ම දැනට මේ සම්බන්ධව රජය විසින් ගන්නා ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන බවද ඇය පෙන්වා දුන්නාය.
සිඩ්නි හි රාත්‍රී සමාජ ශාලාවක් පිටුපස මංතීරුවකදී ඇයට ඊට මිනිත්තු කිහිපයකට පෙර හමු වූ පුද්ගලයෙකු විසින් ඇයව දූෂණය කළ බව Mullins පවසයි.
ඇය නඩු විභාග දෙකක් සහ අභියාචනා දෙකක් විඳදරාගත් අතර, චූදිතයා සමඟ ලිංගිකව හැසිරීමට ඇය එකඟ නොවූ බව උසාවිය විසින් සොයාගනු ලැබුවද, විනිසුරුවරයා අවසානයේ තීරණය කළේ ඇය විශ්වාස කිරීමට ඔහුට සාධාරණ හේතු ඇති බවයි. ඒ අනුව 2017 දී ඔහු නිදොස් කොට නිදහස් විය.
වසර ගණනාවක් තිස්සේ ලිංගික කැමැත්ත පිළිබඳ සාකච්ඡා මෙහෙයවන අය අතර Mullins ද සිටී. ඔස්ට්‍රේලියාවේ ලිංගික ප්රචණ්ඩත්වය හා සම්බන්ධව ලිංගික කැමැත්ත යන කාරණය "අර්බුදකාරී කාරණයක් " ලෙස දිගු කලක් තිස්සේ පවතින බව ඇය පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් වහාම කටයුතු කළ යුතු බව රජය පිළිගෙන ඇති අතර මෙම සෙනට් සභා විමර්ශනය පැවැත්වීමෙන් එම මතය නීත්‍යානුකූල වේ.
අඟහරුවාදා උදෑසන කැන්බරා හි දී පාර්ලිමේන්තුවෙන් ආරම්භ වූ මෙම විමර්ශනය දින තුනක් පුරා පැවැත්වෙන අතර මෙල්බර්න් සහ සිඩ්නි හිදී ද පැවැත්වීමට නියමිතයි.
කැමැත්ත යනු කුමක්දැයි ඔස්ට්‍රේලියානු නීතියේ අර්ථ දක්වා ඇත්තේ කෙසේද?
කැමැත්ත යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර ඇති වන ගිවිසුමකි.
ලිංගිකත්වය සම්බන්ධයෙන් ගත් කල, කැමැත්ත යනු නිශ්චිත ලිංගික ක්‍රියාකාරකමකට සහභාගී වීමට නිදහස් සහ ස්වේච්ඡා ගිවිසුමකට එළඹීමයි.
Affirmative consent හෙවත් 'තහවුරු කරන ලද කැමැත්ත' යන යෙදුමෙන් අදහස් වන්නේ යමෙකු එම ලිංගික ක්‍රියාකාරකමට සක්‍රියව එකඟ වීම හෝ වෙනත් පුද්ගලයෙකුගේ එකඟතාවය අපේක්ෂා කිරීමයි.
ආචාර්ය Rachael Burgin යනු Swinburne විශ්ව විද්‍යාලයේ අපරාධ යුක්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන අතර ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර පිළිබඳ පර්යේෂණ සහ උපදේශන සංවිධානයේ (RASARA) ප්‍රධාන විධායක නිලධාරිනියයි.
ඇය RASARA හි උපදේශන අධ්‍යක්ෂවරිය වන Mullins සමඟ අඟහරුවාදා මෙම සෙනට් විමර්ශනය හමුවේ පෙනී සිටියහ.
කැමැත්ත “සැබෑ, දැනුවත්, අර්ථවත්, ස්වේච්ඡාමය සහ නිදහස්ය. එය සන්සුන් ය, එයට මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වල බලපෑමක් නැත, යම් කෙනෙකු සතු බලය මගින් එයට බලපෑමක් නැත, " යනුවෙන් ඇය පසුගිය මැයි මාසයේදී SBS ප්රවෘත්ති සේවයට පැවසුවාය.
මෙම අර්ථ දැක්වීම සෑම අධිකරණ බල ප්‍රදේශයකම වෙනස් වන බැවින් කැමැත්ත පිළිබඳ නීතිමය අර්ථ දැක්වීම වඩාත් සංකීර්ණ වන බව ආචාර්ය Burgin පෙන්වා දුන්නාය.
යම් අයෙකුට ලිංගික ක්‍රියාකාරකම්වලට එකඟ වීමට නීත්‍යානුකූලව හැකියාවක් ඇතැයි සලකනු ලබන වයසද විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල අධිකරණ බල ප්‍රදේශ වල දී වයස අවුරුදු 16 සහ 17 අතර වෙනස් වේ.
Affirmative consent හෙවත් 'තහවුරු කරන ලද කැමැත්ත' අදාළ වන අධිකරණ බල ප්‍රදේශවල, ලිංගික ක්‍රියාකාරකමට පෙර කැමැත්ත සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති අතර අනෙකුත් අධිකරණ බල ප්‍රදේශ වලට එය අදාළ නොවේ.
ලිංගිකව හැසිරීමේදී තහවුරු කරන ලද කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය බවට 2004 වසරේදී පළමු වරට ටස්මේනියා ප්‍රාන්තය විසින් නීති සම්පාදනය කළ අතර මෑතකදී NSW, ACT සහ Victoria ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නීති වෙනස් කර තිබේ. මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද එය සිදු කිරීමට පියවර ගන්නා බවට නිවේදනය කර තිබේ.
මෙම සෙනට් සභා විමර්ශන කුමක් ගැනද?
මෙම විමර්ශනය සැලසුම් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ලිංගික කැමැත්ත පිළිබඳ නීති වඩාත් හොදින් සම්බන්ධීකරණය කළ හැකිද යන්න සොයා බැලීමටය.
මීට අදාළ ඕනෑම දෙයක් ගැන සොයා බැලීමට සෙනට් කමිටුවට පුළුල් අවස්ථාවක් ඇති නමුත් කමිටුව විසින් ප්‍රධාන වශයෙන් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.
- ලිංගික කැමැත්ත සම්බන්ධව විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල පවතින නීතිවල නොගැලපීම්
- එම නීති සියල්ල සම්බන්ධීකරණය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ
- අධිකරණ පද්ධතිය හරහා ගමන් කරන විට අධිකරණ ක්‍රියාදාමයන් ලිංගික හිංසනයේ වින්දිතයන්ට බලපාන ආකාරය
ලිංගික කැමැත්ත පිළිබඳ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල අධිකරණ පද්ධති තුළ පවතින නීති සම්බන්ධීකරණය කිරීම සංකීර්ණ ක්‍රියාදාමයක් වන අතර, එය වැරදි ලෙස සිදු කළහොත් ඉන් සිදු වන හානිය වඩාත් වැඩි විය හැකි බව විශේෂඥයන් විසින් අනතුරු අඟවා සිටී.
නමුත් මෙය ප්‍රතිඵල වැඩිදියුණු කිරීමේ "ප්‍රයෝජනවත් මෙවලමක්" විය හැකි බව පවසන Mullins මෙහි "වාසි සහ අවාසි" යන කරණා දෙකම ඇති බව විශ්වාස කරයි.
විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල අධිකරණ පද්ධති වල දැනට සිදුවෙමින් පවතින්නේ වඩාත් පහසු ලෙස දැනෙන නීතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම නීති සම්බන්ධීකරණය මගින්ද ඊට සමාන දෙයක් සිදු වේ නම් එය කණගාටුවට කරුණක් බව Mullins පැවසීය.
එමගින් සිදු වන්නේ වඩාත් පහසු දේ කිරීමක් මිස වඩාත් සුදුසු දේ කිරීමක් නොවන බව ඇය කියා සිටියාය.
නීති සම්බන්ධීකරණය කිරීම මගින් පවතින "මට්ටම පහත වැටීමේ" අවදානමක් ඇති බවට ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය ද පිළිගෙන තිබේ.
මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් අභියෝග ඇති අතර තිරසාර ලෙස සලකා බැලීමෙන් ඒවා ජය ගත හැකි වන බව සෙනට් විමර්ශනයට ඉදිරිපත් කර ඇති යෝජිත කෙටුම්පතෙහි සදහන් වේ.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන්නේ ඇයි?
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ඉහළ ගොස් ඇති ලිංගික අතවර සහ හිරිහැර මෙම විමර්ශනය සදහා පාදක වී තිබේ.
විශ්ව විද්‍යාල වල සිදු වන ස්ත්‍රී දූෂණ නැවැත්වීමට ඔවුන් දරන උත්සාහය වසර ගණනාවක් තිස්සේ විවේචනයට ලක්ව ඇති අතර, එම විවාදයේ උච්චතම අවස්ථවකදී මෙම සෙනෙට් විමර්ශනය සිදු වන බව Mullins පැවසුවාය.
මෙම විමර්ශනයේදී අධ්‍යාපන සංගම් වලින් සහ අධ්‍යාපන ක්ෂේත්රයෙන් තොරතුරු විමසීම කාලෝචිත වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
Universities Australia විසින් සිසුන් වෙනුවෙන් දියත් කළ ලිංගික කැමැත්ත පිළිබඳ ව්‍යාපාරය, එහි පැහැදිලි අන්තර්ගතය සම්බන්ධයෙන් වූ උපකුලපතිවරුන් සුළුතරයකගේ විරෝධතා වලින් පසුව, ඉවත් කොට ගෙන තිබේ.
පසුගිය සති අන්තයේ The Saturday Paper විසින් වාර්තා කරන ලද මෙම හෙළිදරව්වෙන් ලිංගික හිංසනයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධව විශ්ව විද්‍යාල වල ඇති පසුබෑම පෙන්නුම් කෙරේ.
පසුගිය මාස 12 තුළ ලිංගික අතවරවලට ලක්වූ 1% කට වැඩි ප්‍රමාණයක් සිසුන්ද ඇතුළු ව විශ්වවිද්‍යාල ආරම්භයේ සිටම සිසුන්ගෙන් 5%කට ආසන්න ප්‍රමාණයක් ලිංගික අතවරවලට ලක්ව ඇති බව 2021 වසරේ Universities Australia විසින්ම ඉදිරිපත් කළ වාර්තාවක් මගින් සොයාගෙන තිබියදීත් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
එම අතවරයන්ට ලක් වූ කණ්ඩායමෙන් සියයට 5.6ක් පමණක් ඔවුන්ට සිදු වූ අතවර පිළිබඳව විධිමත් පැමිණිල්ලක් කර තිබේ.
විශ්වවිද්‍යාල ආරම්භයේ සිටම 16% ක් ලිංගික හිංසනයට ලක්ව ඇති බවත්, එම පිරිසෙන් 3%ක් පමණක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
රට පුරා විශ්වවිද්‍යාලවල පැමිණිලි පද්ධති ද එමගින් පරීක්ෂාවට ලක් වූ අතර සිසුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් හිරිහැර කිරීම් සම්බන්ධව විධිමත් ලෙස වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිවක් දැන නොසිටි බව හෝ ඉතා අල්ප ලෙස දැන සිටි බව එම වාර්තාව මගින් සොයා ගන්නා ලදී.
ග්‍රීන්ස් පක්ෂයේ කාන්තා කටයුතු පිළිබඳ ප්‍රකාශිකාව වන Larissa Waters විසින් විශ්ව විද්‍යාල වල ලිංගික හිංසනයට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාකාරීත්වය විවේචනය කොට තිබේ.
ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලින් පහසුවෙන් කම්පනයට පත්වීමේ ප්‍රවණතාවක් ඇති වේ යන විකාරරූපී අදහස මත එම වැඩසටහන ඉවත් කර ඇති බව ඇය පැවසුවාය.
"ශිෂ්‍යයින්ට ආරක්ෂිත පරිසරයක් ලබාදීමට විශ්වවිද්‍යාලවලට පැහැදිලි වගකීමක් තිබෙනවා. සෑම සතියකම විශ්වවිද්‍යාල පසුබිමක ලිංගික අතවර 275ක් සිදු වන විට ඔවුන් අසාර්ථක බව පැහැදිලියි" ඇය වැඩිදුරටත් පැවසුවාය.

Larissa Waters has criticised universities for reportedly walking away from an in-person consent student program. Source: AAP
විමර්ශනයට පෙනී සිටින්නේ කවුද?
Universities Australia සංවිධානය මෙම විමර්ශනයට පෙනී සිටින අතර, End Rape on Campus සංවිධානය සහ මෙම ගැටලුව විසඳීම ඉලක්ක කරගත් අනෙකුත් ශිෂ්‍ය කණ්ඩායම් ද ඊට සහභාගි වනු ඇත.
මෙම වසර මුලදී SBS හි විකාශය වූ Asking For It වාර්තා චිත්‍රපටිය නිෂ්පාදනය කළ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී Jess Hill,
අඟහරුවාදා උදෑසන කැන්බරා හි දී, සෙනට් විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටි අතර
පසුව එදිනම Teach Us Consent සංවිධානයේ නිර්මාතෘ Chanel Contos , ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර පිළිබඳ පර්යේෂණ සහ උපදේශන සංවිධානයේ Mullins සහ Burgin ද සෙනට් විමර්ශනයට සාක්ෂි දීමට සහභාගි වූහ.
නීති විශාරදයින්, කාන්තා උපදේශන කණ්ඩායම් සහ වෘත්තීය සමිති ද මෙම දින තුන තුළ විමර්ශනයට සහභාගි වේ.
මධ්‍යම රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ සමාජ හා සේවා සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද මීට සාක්ෂි ලබා දෙනු ඇත. ලිංගික කැමැත්ත පිළිබඳ නීති, ජාතික වශයෙන් සම්බන්ධීකරණය කිරීමට ඔවුන් ඕනෑම උත්සාහයක් දැරීමට ඉඩ ඇත.
ඔස්ට්‍රේලියාවේ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ ගැටළුවේ විශාලත්වය
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම පුද්ගලික ආරක්ෂණ සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 2.8ක් පමණ වයස අවුරුදු 15 සිට පහර දීම සහ/හෝ තර්ජන ඇතුළුව ලිංගික ප්රචණ්ඩත්වය අත්විඳ ඇත.
2021-22 යන කාල සීමාවේදී කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු එනම් 22% ක් සහ පිරිමින් 16 දෙනෙකුගෙන් එක් අයෙකු එනම් සියයට 6.1 % ක් ඊට ඇතුළත් වේ.
2021 වසර වෙන්ව ගත් කළ ABS දත්ත වලට අනුව, දිනකට සාමාන්‍යයෙන් ලිංගික අතවර 85 ක් පමණ පොලිසියට වාර්තා වී තිබේ.
ලිංගික ප්රචණ්ඩත්වයේ වින්දිතයින් හෝ දිවි ගලවා ගත් කාන්තාවන් ගණන පිරිමින්ට වඩා හය ගුණයකින් වැඩි ය.
- additional reporting by AAP.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වුවහොත්, 1800 737 732 යන දුරකථන අංකයෙන් 1800RESPECT අමතන්න හෝ වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.