ඕස්ට්රේලියානු ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා පැවැත්වෙන Voice to Parliament referendum හෙවත් "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වැනිදා නිල වශයෙන් පැවැත්වේ.
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා පැවැත්වෙන"පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වේ.
මෙම ජනමත විචාරන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඕස්ට්‍රේලියානු ග්‍රාමාත්‍ය Anthony Albanese බදාදා (30/08) Adelaide හිදී ප්‍රකාශ කර සිටියේ, මෙය අපගේ අවස්ථාව වන අතර, ඕස්ට්‍රේලියානුවන්ගේ යහපත් බව පෙන්වාදීමට මෙය මහඟු අවස්ථාවක්ද වන බවයි.

Anthony Albanese has announced the date of the Voice to Parliament referendum.
මේ සඳහා මෙවර සිය ඡන්දය ලබාදෙන පිරිස මින් පෙර, එනම් මීට වසර 20කට පමණ පෙර පැවති ජනමත විචාරණයට සහභාගී වී නොතිබීම විශේෂත්වයක් වශයෙන් දැක්විය හැක.
මෙම Voice to Parliament ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම, සාමාන්‍ය ෆෙඩරල් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම හා සමාන වන අතර කෙසේ නමුත් මෙහි සුළු වශයෙන් වෙනස්කම් පවතී.
ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කිරීම, මෙම ජනමත විචාරණය පැවැත්වීමට හේතුව වේ.

Source: Press Association
ඡන්ද පත්‍රිකාව සම්පූර්ණ කිරීම
ඔබ වයස අවුරුදු 18ට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියකු නම් මෙම ජනමත විචාරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ.
මෙහිදී ඡන්දදායකයින්ගෙන්, ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව පරිච්ඡේදයක් එක් කළ යුතුද? ලෙසට ඡන්දදායකයින් ප්‍රශ්නයක් ඇසීම සිදු කරයි
එය පහත පරිදි වේ,
The question that will be put to voters is whether a new chapter should be added to the constitution, which would read:
129 Aboriginal and Torres Strait Islander Voice
In recognition of Aboriginal and Torres Strait Islander peoples as the First Peoples of Australia:
1.there shall be a body, to be called the Aboriginal and Torres Strait Islander Voice;
2.the Aboriginal and Torres Strait Islander Voice may make representations to the Parliament and the Executive Government of the Commonwealth on matters relating to Aboriginal and Torres Strait Islander peoples;
3.the Parliament shall, subject to this Constitution, have power to make laws with respect to matters relating to the Aboriginal and Torres Strait Islander Voice, including its composition, functions, powers and procedures.
ඔබ ඡන්දය ලබාදෙන්නේ කෙසේද?
Voice to Parliament ජනමත විචාරණයේදී ඔබට ලැබෙන පත්‍රිකාවේ ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම අනුමත කරන්නේ දැයි ඔබෙන් ඇසීම සිදු කරයි.
මෙහිදී ඔබ යෝජිත වෙනස් කිරීම අනුමත කරන්නේ නම්, "YES" හෝ යෝජිත වෙනස් කිරීම අනුමත නොකරන්නේ නම් "NO" ලෙස අදාල කොටුව තුළ "පැහැදිලි අත්අකුරින් ලිවීම" සිදු කලයුතු වේ.

Sample ballot paper Credit: Australian Electoral Commission
කෙසේ නමුත් මෙහිදී "කතිරය" හෝ "හරි" ලකුණ භාවිත කිරීම සිදු නොකළ හැකි අතර, එවැනි ආකාරයට ලකුණු කළහොත් ඔබේ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත්විය හැක.
ඡන්ද මධ්‍යස්ථානයකදී පුද්ගලිකව ඡන්දය ලබාදීම
ජනමත විචාරණය පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථානයකදී සාමාන්‍ය ඕස්ට්‍රේලියානු මැතිවරණයකදී මෙන් තම ඡන්දය ප්‍රකාශ කල හැක.
මෙම ජනමත විචාරණය සඳහා උදෑසන 8 සිට සවස 6 දක්වා, ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ස්ථාපිත ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඔබට ඡන්දය ප්‍රකාශ කල හැක.

කෙසේ නමුත් ඔබ වෙනත් ප්‍රාන්තයක සිටී නම්, ඔබට නම් කරන ලද interstate voting centre හෙවත් "අන්තර් රාජ්‍ය ඡන්ද මධ්‍යස්ථානයකට" යාම සිදු කල හැක.
Early voting හෙවත් නියමිත දිනයට කලින් ඡන්දය ප්‍රකාශ කිරීම
ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට සති දෙකකට පෙර සිට පූර්ව ඡන්ද මධ්‍යස්ථාන සිය ගණනක් විවෘත කිරීමට නියමිතව තිබේ.
ජනමත විචාරණය පැවැත්වෙන දිනයේදී,
- ඔබ ඡන්දය දීමට ලියාපදිංචි වී සිටින මැතිවරණ කොට්ඨාශයෙන් පිටත සිටී නම්
- ඡන්ද මධ්‍යස්ථානයක සිට කිලෝමීටර් අටකට වඩා දුරින් සිටී නම්
- රැකියා සහ වෙනත් කටයුතු සඳහා ගමන් කරමින් සිටී නම්
- ඔබට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබේ සේවා ස්ථානයෙන් පිටවීමට නොහැකි නම්
- බරපතල ලෙස රෝගාතුර වී, දුර්වල වී ඇත්නම් සහ දරු ප්‍රසූතියක් සඳහා සුදානම් නම්
- රෝහල්ගතව සිටී නම්
- ඔබට ඡන්ද පොළකට පැමිණීම වළක්වන ආගමික විශ්වාසයන් පවතී නම්
- වසර තුනකට අඩු සිරදඬුවම් විඳිමින් හෝ වෙනත් කරුණු මත සිරගතව සිටී නම්
- ඔබ ඔබේ ආරක්ෂාව හෝ යහපැවැත්ම ගැන සාධාරණ බියක් ඇති නිහඬ ඡන්දදායකයකු නම්
ඔබට පෞද්ගලිකව හෝ තැපෑලෙන්, කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ.
Postal voting හෙවත් තැපැල් ඡන්ද
ඡන්දය ප්‍රකාශ කරන දිනයේ හෝ මුල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව තුළ පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ඕනෑම අයකුට තැපැල් ඡන්ද ලබාදීමට හැකියාව පවතී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගැනීම, ඡන්ද විමසීමට පෙර තිබෙන අවසාන බදාදා දින සවස 6 දක්වා විවෘතව පවතී.
විදේශගතව සිටීනම් ඡන්දය ප්‍රකාශ කිරීම
ජනමත විචාරණය පැවැත්වෙන අතරතුර ඔබ විදේශගතව සිටී නම්, ඔබට විදේශීය ඡන්ද මධ්‍යස්ථානයකදී හෝ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැක.
කෙසේ නමුත් විදේශගත ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය නොවේ.
විදේශ රටක සිටියදී ඡන්දය ප්‍රකාශ කිරීමට නම්, ඔබ Overseas notification form හෙවත් විදේශීය දැනුම්දීමේ පෝරමයක් සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු වේ.

Australian Parliament House is seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
යම් හෙයකින් ඔබ ඔබ ඡන්දය ප්‍රකාශ නොකොට ඒ සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු මැතිවරණ කොමිසමට දැනුම් දීමක් සිදු නොකළහොත්, ඔබ ඡන්දය ලබා නොදීමට හේතු විමසා ඔබට ලිපියක් ලැබේ.
විදේශගතව සිටින ඕස්ට්‍රේලියානුවන් හට තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ අනෙකුත් ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන හරහා පුද්ගලිකව ඡන්දය ලබාදීමට හැකි අතර, මේ සඳහා ඕස්ට්රේලියානු මැතිවරණ කොමිසම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සිදු කරයි.
විදේශගතව සිටින ඕස්ට්‍රේලියානුවන් හට ජනමත විචාරණය සඳහා පුද්ගලිකව ඡන්දය දීමට නොහැකි නම් තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැක.
ජනමත විචාරණය පැවැත්වෙන දින සිට දින 13ක් දක්වා ලැබෙන තැපැල් ඡන්ද පමණක් ඕස්ට්රේලියානු මැතිවරණ කොමිසම ගණන් කිරීම සිදු කරන අතර මේ හේතුවෙන් විදේශගතව සිටින ඕස්ට්‍රේලියානුවන් සිය තැපැල් ඡන්දය හැකි ඉක්මනින් ළඟම ඇති ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට හෝ මහ කොමසාරිස් කාර්යාලයට භාරදීම වැදගත් වේ.
මෙම ජනමත විචාරණය සඳහා Online මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කල නොහැක.
ජනමත විචාරන දිනයේ COVID-19 ආරක්ෂාව
ඕස්ට්රේලියානු මැතිවරණ කොමිසම මගින් ඡන්දදායකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමකින් කටයුතු කරයි.

AAP Image/Richard Wainwright Source: AAP
මේ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල පහත සඳහන් ආරක්‍ෂිත පියවර අනුගමනය කරයි,
- ඡන්ද මධ්‍යස්ථානවල Hand sanitiser යන්ත්‍ර සවි කොට තිබීම
- හැකි සෑම විටම පෝලිම්වලදී සහ ඡන්දය ලබාදෙන ස්ථානයේදී දුරස්ථ බව ආරක්ෂා කිරීම
- COVID-19 ව්‍යාප්තිය පිළිබඳව කනස්සල්ලක් ඇත්නම් මුහුණු ආවරණයක් රැගෙන ඒමට සහ පැළඳීමට ඡන්දදායකයින් දිරිමත් කිරීම
- සෑම ඡන්ද මධ්‍යස්ථානයකම Hygiene Officer කෙනෙකු සිටින අතර, පුද්ගලයින් පරිහරණය කරන පැන්සල් වැනි දෑ පිරිසිදු කිරීම
- පිරිසිදු පැන්සල් ලබා ගත හැකි අතර, ඡන්දදායකයින්ට තමන්ගේම පැන්සලක් හෝ පෑනක් ගෙන ඒමට ද හැකියාව තිබීම
- කාර්ය මණ්ඩලය COVID-19 සඳහා සම්පූර්ණයෙන්ම එන්නත් ලබා තිබීම
ඡන්දය ප්‍රකාශ කිරීමට තිබියදී අසනීප වන ඡන්දදායකයින්, තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කිරීම සලකා බැලිය යුතු වේ. ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට පෙර බදාදා සවස 6 දක්වා තැපැල් ඡන්දය ලබා ගැනීමට ඔබට අයදුම් කිරීමට ඔවුනට හැකියාව පවතී.
COVID-19 හේතුවෙන් හුදකලා කාලසීමාවක සිටින පුද්ගලයින් හට දුරකථනය ඔස්සේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ අයිතිය 2022 අවසානයේ කල් ඉකුත් වූ අතර, මේ හේතුවෙන් මෙම ජනමත විචාරණයේදී COVID-19 සඳහා ධනාත්මක වන පුද්ගලයින් හට දුරකථනය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කළ නොහැක.
ජනමත විචාරණයෙන් අනතුරුව දින 13ක් ඇතුලත, ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව පවතින බව ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.