නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ High school හෙවත් ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට පාසල් වේලාව තුළ ඔවුන්ගේ දුරකථන භාවිතා කිරීම තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
අලුතින් තේරී පත්වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns පසුගිය සතියේ සිඩ්නි හි Condell Park උසස් පාසලේ සංචාරයක නිරත වෙමින් සිටියදී මේ බව නිවේදනය කළේය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල දුරකතන තහනම
පාසල් පන්ති කාමරවල අනවශ්‍ය ලෙස අවධානය වෙනතකට යොමු කිරීමට තුඩුදෙන දේවල් ඉවත් කර ඉගෙනීම සඳහා වඩා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා එහිදී පැවසීය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම ජංගම දුරකතන තහනම ගෙන ඒමට පෙර ප්‍රාන්තයේ Condell Park සහ Davidson High නමැති පාසල් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවත් එම පාසල් නියම නායකත්වයක් ලබා දී ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns පැවසීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
පාසල්වල දුරකථන තහනම් කිරීම අධ්‍යයන කාර්ය සාධනය වැඩි කිරීමට සහ හිරිහැර කිරීමේ සිදුවීම් (bullying) පහත වැටීමට හේතු වූ බව 2022 වසරේ නෝර්වේ හි සහ 2020 සිට ස්පාඤ්ඤයේ සිදු කරන ලද අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ.
නමුත් පාසල්වල දුරකථන තහනම් කිරීම හරහා ලැබුණු ප්‍රතිලාභ අවම බවත් සිසුන් දුරකථනවලින් ඈත්ව සිටීමේ අහිතකර ප්‍රතිවිපාක නොමැති බවත් ස්වීඩනයේ 2020 වසරේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

Phones belonging to students are stored in a container after being checked in at Condell Park High School. Source: AAP / Steven Saphore
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරිවල මෙය ක්‍රියාත්මක වන අයුරු
පාසල්වල පාසල් කාලයේ සිසුන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කළ නවතම ප්‍රාන්තය බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වී තිබේ.
මෙම තහනම මේ වසර අග සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
NSW හි ප්‍රාථමික පාසල්වල මෙන්ම ක්වීන්ස්ලන්තය සහ ACT හැර අනෙකුත් සෑම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම දැනටමත් ජංගම දුරකතන තහනම ක්‍රියාත්මක වේ.
LISTEN TO

මේ වනවිටත් අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇති "සරම්ප" වෛරසයෙන් දරුවා ආරක්ෂා කරගැනීමට, දෙමාපියන් දත යුතු දේ
SBS Sinhala
12:58
දකුණු ඔස්ට්‍රේලියාව සිය ජංගම දුරකථන තහනම ක්‍රියාත්මක කළේ පසුගිය වසරේ නොවැම්බරයේ පැවති කම්කරු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය. 2023 හි පළමු වාරයේ සිට, තුන්වන වාරය වන විට සම්පූර්ණ තහනමකට මාරු වීමට සිසුන්ට ඔවුන්ගේ දුරකථන ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වනු ඇත.
මෙම තහනම් කිරීම එක් එක් පාසලේ අභිමතය පරිදි පවතින බව ක්වීන්ස්ලන්ත අධ්‍යාපන අමාත්‍ය Grace Grace, Courier-Mail වෙත පැවසුවාය.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ 2023 සිංහල අලුත් අවුරුදු නැකැත් නිවැරදිව අහගන්න
SBS Sinhala
06:53
මේ අතර රජයේ පාසල් අධ්‍යාපනික අරමුණු සඳහා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන බැවින් ACT මෙම තහනම බැහැර කර ඇත.
පාසල්වල දුරකථන තහනමක් පැනවූ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර වසර 2020 දී එහි ආරම්භය සනිටුහන් විය.