මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති 4 වන මට්ටමේ කොරෝනා නීති වලට අනුව අද (05/08) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ව්‍යාපාර හා සේවා ස්ථාන පමණක් ක්‍රියාත්මක වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එයට අනුව හෙට (06/08) සිට එම ව්‍යාපාර හා සේවා ස්ථාන වෙත ගමන් කරන සියලුම වික්ටෝරියානු සේවකයින් "Worker Permit" එකක් හෙවත් සේවක අවසර පත්‍රයක් ලබාගත යුතුවේ.

Source: AAP
වික්ටෝරියානු සේවක අවසර පත්‍රය
4 වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේ වුවද බොහෝ පිරිසකට තම රැකියා වලට යාමට සිදුව තිබේ.
ඒ අනුව ඔවුන්ට තම රැකියා ස්ථාන වලට යාමට සහ නැවත නිවෙස් වලට පැමිණීමට අවසර ලබාදෙන වික්ටෝරියානු සේවක අවසර පත්‍රයක් අවශ්‍යය.
එම වික්ටෝරියානු සේවක අවසර පත්‍රයේ සේවා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ ප්‍රධානියා මෙන්ම සේවකයාද අත්සන් කළ යුතුය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
පොලිස් නිලධාරීන් සහ හෙදියන් වැනි ඇතැම් සේවකයින්ට තම නිල හැඳුනුම් පත වික්ටෝරියානු සේවක අවසර පත්‍රය ලෙස භාවිතා කළ හැකිය.
නමුත් එසේ නොවන සෙසු පුද්ගලයින් හට අදාළ වික්ටෝරියානු සේවක අවසර පත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය.
හෙවත් නීතිය හා ප්‍රජා සේවා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් මෙම අවසර පත්‍රය ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට හැකිය.

VIC worker permit Source: Department of Justice and Community Service
සේවක අවසර පත්‍රය අවශ්‍ය කා හටද?
අද (05/08) මධ්‍යම රාත්‍රියෙන් පසුව තම සේවා ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන වෙත වාර්තා කිරීමට සිදුවන සියලුම සේවකයින්ට මෙම සේවක අවසර පත්‍රය අවශ්‍ය වේ.
මෙය සකසා දීම අදාළ ව්‍යාපාරයේ හෝ සේවා ස්ථානයේ හෝ ප්‍රධානියාගේ වගකීමකි.
යම් සේවකයෙකු හට නිවසේ සිට රාජකාරී කිරීමට නොහැකිනම්, ඔහු හෝ ඇය සිව්වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේදී පවා සේවා ස්ථානයට හෝ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සේවය කළ යුතු නම් මෙම සේවක අවසර පත්‍රය සකසා දිය යුතුය.
එක් එක් සේවකයාට වෙන් වෙන්වූ සේවක අවසර පත්‍ර නිකුත් කළ යුතුය.
මෙය උල්ලංඝනය කරන පුද්ගලයින්ට $19,826 ක් දක්වා දඩයක්ද ව්‍යාපාර සඳහා $99,132 දක්වා දඩයක්ද පනවනු ලබයි.
එසේ නැතිනම් එක් පුද්ගලයෙකුට $1,652 ක සහ ව්‍යාපාරයකට $9,913 ක on the spot දඩයක් නිකුත් කළ හැකිය.

Source: AAP
මෙම බලපත්‍රය සඳහා අවශ්‍ය වන්නේ මොනවාද?
මෙම සේවක අවසර පත්‍රය නිකුත් කිරීමට ව්‍යාපාරයකට හෝ සේවා ස්ථානයකට පහත සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුය.
- ව්‍යාපාරයේ හෝ සේවා ස්ථානයේ නම, ABN, ලිපිනය
- සේවකයාගේ නම සහ උපන් දිනය
- සේවකයා සේවය කරන ස්ථානය හා ඔහුගේ/ඇයගේ සාමාන්‍ය සේවා මුර වේලාවන්
- ව්‍යාපාරය හෝ සේවා ස්ථානය 4වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේ ක්‍රියාත්මක වීමට හිමිකම් ඇති සහතිකයක්.
- අදාළ සියලු නීතිමය බැඳීම් සපුරාලිය යුතුය.
- සේවා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ COVID-19 ආරක්‍ෂිත සැලසුමක් තිබිය යුතුය.
- සේවක අවසර පත්‍රය නිකුත් කිරීමට පුද්ගලයෙකුට හෝ පිරිසකට බලය පැවරීම.

Source: SBS Sinhala