ප්‍රතිවෛරස් පෙති ලබාගැනීම සඳහා සුදුසුකම්
අවදානම් සාධක සහ රෝග ලක්ෂණ නොසලකා වයස අවුරුදු 70 සහ ඊට වැඩි අයට, අමතර අවදානම් සාධක දෙකක් සහිත අවුරුදු 50 සහ ඊට වැඩි අයට, එක් අමතර අවදානම් සාධකයක් සහිත වයස අවුරුදු 30 සහ ඊට වැඩි ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට සහ මධ්‍යස්ථ මට්ටමේ සිට බරපතල මට්ටම දක්වා ප්‍රතිශක්තීකරණය හීන වූ වැඩිහිටියන්ට ප්‍රතිවෛරස් පෙති දැනට ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකිය.
ප්‍රධාන වශයෙන් Paxlovid සහ Lagevrio යන පෙති, concession කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 10 ට අඩු සහ Pharmaceutical Benefits Scheme (PBS) යටතේ සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා ඩොලර් 45 ක් පමණ වන බව සෞඛ්‍ය හා Aged care දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඔබට Medicare කාඩ්පතක් නොමැති නම්, ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව ප්‍රතිකාර සඳහා වන පිරිවැය වෙනස් වන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එනිසා ගෙවීම් විකල්ප ගැන ඔබේ වෛද්‍යවරයා හෝ සාමාන්‍ය ශ්වසන සායනය සමඟ කතා කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
"ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් නොවන නමුත් පුද්ගලික සෞඛ්‍ය හෝ සංචාරක රක්ෂණයක් ඇති පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ COVID-19 ප්‍රතිකාර පිරිවැය පිළිබඳ ඔවුන්ගේ රක්ෂණ ක්‍රමයෙන් විමසා බැලිය යුතුය.
LISTEN TO

ගිම්හාන කාලය ළඟ ළඟම එද්දි ඔස්ට්‍රේලියාවේ අලුත් කොවිඩ් රැල්ලක් ඇති වේවිද? ඔබ මොනවද දැන ගත යුත්තේ ?
SBS Sinhala
13:21
නොමිලේ සෞඛ්‍ය උපදෙස් සඳහා සාමාන්‍ය ශ්වසන සායනයක් ඔබේ ප්‍රාන්තය අනුව පහතින් සොයා ගන්න
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
COVID ප්‍රතිවෛරස් ලබා ගැනීමේ හැකියාව
ඇතැම් ඔසුසැල්වල COVID ප්‍රතිවෛරස් පෙති ගබඩා කර තබාගන්නේ නැත.
COVID ප්‍රතිවෛරස් පෙතිවල අධික මිල හේතුවෙන් බොහෝ ඔසුසැල් ඒවා ගබඩා කර තබාගන්නේ නැති බව ඖෂධවේදී Kelly Lim පැවසුවාය.
“ඔවුන් මෙම ඖෂධ ඇණවුම් කරන්නේ ඖෂධ වට්ටෝරුවක් ලැබීමෙන් පසුවයි,” Kelly Limපැවසුවාය.

Sydney-based pharmacist Kelly Lim. Credit: Kelly Lim
"PBS හරහා සැපයීමට අමතරව, රජය විසින් ජාතික වෛද්‍ය තොග ගබඩාව හරහා සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙත මුඛ ප්‍රතිවෛරස් ප්‍රතිකාර සැපයුම් යොදවා ඇත," යනුවෙන් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වඩාත් අවදානමට ලක්විය හැකි අයට ඔස්ට්‍රේලියාව පුරා මෙම ප්‍රතිකාර සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම පිණිස මධ්‍යම රජය විසින් මෙම ප්‍රතිවෛරස් ප්‍රතිකාර residential aged care නිවාස (Lagevrio පමණි), ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජා පාලිත සෞඛ්‍ය සේවා සහ Royal Flying Doctor Service හෝ පෙරාතුව සූදානම් ස්ථානගත කර ඇත.
ඔස්ට්‍රේලියාවේ Pharmacy Guild විසින් Paxlovid® සහ Lagevrio® යන දෙකම ඇතුළත් කර ඇත.
මෙම වෙබ් අඩවිය මගින් රෝගීන්ට තමන් අසල ඇති ඖෂධ තොග තිබෙන ෆාමසි සොයාගැනීමට අවස්ථාව ලබා දේ.