අතීතයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන් හෙවත් ඕස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව, ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිසි ලෙස පිළිගැනීමකට ලක්ව තිබී නොමැත. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දුපත් වැසියන් වසර 100 කට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනමය වශයෙන් අයිතිවාසිකම් අවශ්‍ය බවට තම හඬ අවදි කිරීම සිදු විය.
ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දුපත් වැසියන්ගේ ප්‍රජා සඳහා බලපාන තීරණ වලදී ඔවුන්ගේ ඉදිරි දර්ශන සහ ඔවුන්ගේ අදහස් විමසීම සිදු වන බවට සහතික කිරීමට ඔවුනට අවශ්‍ය වූ අතර, මේ සඳහා ඕස්ට්‍රේලියානු ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දුපත් වැසියන් විවිධ සංගම් සහ කමිටු පිහිටුවමින් වසර ගණනක් තිස්සේ මේ සඳහා සටන් කොට තිබේ.
මෙලෙස වසර ගණනක් පුරා වූ වෑයමකින් අනතුරුව ‘The Voice to Parliament’ නමින්, ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන්ට බලපාන ගැටලු සහ නීති පිළිබඳව රජයට උපදෙස් දීමට මැදිහත් වන, ආදිවාසීන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් පත් කිරීමට යෝජනා විය.
කෙසේ නමුත් මෙම ආදිවාසීන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලය පිහිටුවීම සඳහා ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා ජනතා බහුතර කැමැත්ත අවශ්‍ය වේ.

Australian Parliament House is seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
මෙම අවශ්‍යතාවයෙහි ප්‍රතිපලයක් වශයෙන් මෙම වසරේදී "Voice referendum" වශයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කිරීම සිදු විය.
මේ හේතුවෙන් "Voice referendum" ජනමත විචාරණය හරහා ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් ආදිවාසී ප්‍රජාව පිළිගැනීම සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික තරුණ ප්‍රජාව දරන අදහස් විමසීමට SBS සිංහල සේවය කටයුතු කල අතර එම අදහස් ඔස්සේ මෙම ලිපිය සැකසේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මුලින්ම SBS සිංහල සේවයත් සමග එක්වුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන 21 හැවිරිදි මිනුලී කොඩිතුවක්කු
මිනුලී මෙම ජනමත විචාරණය සඳහා ඡන්දදායිකාවක වන අතර ඇය පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් හට මේ දක්වා නිසි ස්ථානයක් ඔස්ට්‍රේලියාව තුල ලැබී තිබු බවට තම නුදුටු බවයි. මේ හේතුවෙන් මෙවැන්නක් සිදු කිරීම ඉතාමත් වැදගත් වන බවත් මිනුලී කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව නියෝජනය කරන අයෙක් විදියට, මම හිතන්නේ නැහැ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් තරම් හොඳ අවස්ථාවක් තිබුනා කියලා, මේ නිසා මම හිතන්නේ මේ ජනමත විචාරණය ඕස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ට ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට ධනාත්මක පියවරක් වේවි කියලා.
කෙසේ නමුත් මිනුලී තමන්ගේ අත්දැකීම් මත වැඩිදුරටත් අපත් සමග සඳහන් කොට සිටියේ, ඕස්ට්‍රේලියානු ආදිවාසීන් මෙලෙස ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් බොහෝ පිරිසකට අඩු දැනුමක් පවතින බවයි.

Munulee Kodituwakku - NSW Credit: Supplied
මේ හේතුවෙන් ඇය පවසා සිටියේ මෙම "Voice referendum" හෙවත් ජනමත විචාරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රජා දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය තවදුරටත් කටයුතු කිරීම යහපත් බවයි.
මම හිතනවා ඕස්ට්‍රේලියානු රජය තව චුට්ටක් මේ සම්බන්ධයෙන් විස්තර ලබා දුන්නනම් හොඳයි කියලා. මොකද අනිත් අයත් එක්ක කතා කරන කොට මම දැනගත්තා ඒ අයත් එච්චර මේ referendum එක ගැන දන්නේ නැහැ කියලා. එක නිසා ඉස්සරහට මේ වගේ referendum තියෙනකොට මම හිතනවා government එක information දුන්නනම් හොඳයි කියලා.
මීළඟට SBS සිංහල සේවයත් සමග අදහස් දැක්වීමට එක්වූයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් සිංහල පාසලේ අධ්‍යාපනය හදාරන 16 හැවිරිදි සෙව්මි චන්ද්‍රසේකර.
සෙව්මි සඳහන් කොට සිටින්නේ මීට බොහෝ කලකට පෙර සිටම ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාව තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සටන් කලත්, ඔවුන් මේ දක්වා ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් බැහැර කොට තිබී ඇති බවයි.

Sewmi Chandrasekara - QLD Credit: Supplied
මේ හේතුවෙන් තමන්, මෙම ඕස්ට්‍රේලියානු ආදිවාසීන් සම්බන්ධයෙන් වන ජනමත විචාරණයට එකඟ වන බවත් ඔවුනට හඬක් නැගීමට අවස්ථාව දීම සිදුවියයුතු දෙයක් වන බවත් සෙව්මි පවසයි.
ඇත්තෙන්ම මම මේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් බොහෝ කලක් තිස්සේ මුල් ජාතීන්ව බැහැර කරලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් ඉතා සුළු පිරිසයි ආදිවාසීන් ජීවත් වෙන්නේ ඒ හින්දා ඔවුන්ට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුල හඬක් නගන්න ඉල්ලන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඉතින් මේ නිසා මම විශ්වාස කරන්නේ මෙය විය යුතු දෙයක් කියලා.
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දුපත් වැසියන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන ජනමත විචාරණයට පක්ෂව සහ විපක්ෂව වන ව්‍යාපාර පවතී.
මේ අනුව ජනමත විචාරණයට පක්ෂව "Yes" වශයෙන් ව්‍යාපාර පවතින අතර ඊට විරුද්ධව "No" වශයෙන් ව්‍යාපාර පවතී.
"Yes" යන මෙම ජනමත විචාරණයට "පක්ෂ" ව්‍යාපාරය සඳහන් කොට සිටින්නේ, ආදිවාසීන්ට බලපාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන් අදහස් දැක්විය යුතු අතර ආදිවාසී ප්‍රජාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැකසීමේදී රජය ආදිවාසීන්ට ඇහුම්කන් දිය යුතු බවයි.
එමෙන්ම අනාගතයේදී රජයන් වෙනස් වුවත් ආදිවාසී නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලය ඒ අයුරින්ම පැවතිය යුතු බවත් එම පක්ෂ ව්‍යාපාර කියා සිටී.
මේ අතර "No" හෙවත් මෙම ජනමත විචාරණයට "විරුද්ධව" පවතින ව්‍යාපාර සඳහන් කොට සිටින්නේ, මෙම ආදිවාසී නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලය හුදෙක් සංකේතාත්මක වන අතර ඒ සඳහා සැබෑ බලයක් නොමැති බවයි.

Supporters of the Yes and No campaigns
එමෙන්ම රජයට අවශ්‍ය නම් මෙම උපදේශක මණ්ඩලයේ උපදෙස් නොසලකා හැරිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මෙම "No" ව්‍යාපාර සඳහන් කොට සිටින්නේ "Voice" යන සංකල්පයට පෙර "Treaty" හෙවත් ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සහ ඕස්ට්‍රේලියානු රජය අතර ගිවිසුම් ඇතිකිරීම සහ, "Truth" හෙවත් ආදිවාසී ප්‍රජාවේ ඉතිහාසය සහ වර්තමාන අත්දැකීම් සම්බන්ධයෙන් බහුතර ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත් බවක් ඇති කිරීම සිදු විය යුතු බවයි.
මෙම "No" යන ව්‍යාපාර සඳහා ආදිවාසී ප්‍රජාව නියෝජනය කරන පිරිසද ඇතුලත් වන අතර සෙනෙට් සභික Jacinta Nampijinpa Price මෙහි ප්‍රමුඛ ස්ථානයක් ගනී.
ඇය මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටියේ "උළුරු ප්‍රකාශය" හරහා තමන් නියෝජනය වූවා යැයි නොහැඟෙන ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් සිටින බවයි.

Source: Facebook / Facebook/The Uluru Statement from the Heart
එමෙන්ම ඕස්ට්‍රේලියානු ආදිවාසී ව්‍යාපාරිකයකු සහ හිටපු ප්‍රබල පෙලේ ලේබර් පක්ෂ සාමාජිකයකු වන Nyunggai Warren Stephen Mundine ද මෙම ජනමත විචාරණයට විරුද්ධ "No" ව්‍යාපාර සඳහා සිය සහය පලකොට තිබේ.
අපත් සමග අදහස් දැක්වීමට දකුණු ඕස්ට්‍රේලියාවෙන් එක් වූ 21 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන රන්දිල් ගුණසිංහ සඳහන් කොට සිටියේ තමන් මෙම ජනමත විචාරණයේ "Yes" ව්‍යාපාරය සඳහා කැමති බවයි.

Randil Gunasinghe - SA Credit: Supplied
කෙසේ නමුත් මේ සඳහා තම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී "Yes" සහ "No" යන ව්‍යාපාර පිළිබඳව මෙන්ම, මේ සම්බන්ධයෙන් තිබෙන කරුණු හැකිතාක් සොයා බලා ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වන බවත් රන්දිල් කියා සිටී.
Aboriginal කට්ටියට මෙහෙම voice එකක් දෙන එක නිසා මම මේකට කැමතියි. මම හිතන්නේ vote කරනකොට මේ ගැන Google search එකක් කරන එක හොඳයි, මොකද එතකොට අපට හොඳ idea එකක් තියෙනවනේ මේ ගැන.
අපත් සමග මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බටහිර ඔස්ට්‍රේලිය ප්‍රාන්තයෙන් එක්වූයේ 20 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන, සාවින්දි විමලරත්න.
සාවින්දි අපත් සමග පවසා සිටියේ ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර නියෝජනය කරන්නකු වශයෙන්, මෙම ජනමත විචාරණය ඉතා වැදගත් පියවරක් වශයෙන් තමන් දකින බවයි.

Sawindi Wimalarathne - WA Credit: Supplied
එමෙන්ම වෙනත් ජන කොටස් සඳහා ගෞරව කිරීමත් ඔවුන්ගේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගරු කිරීමටත් ශ්‍රී ලංකික අගයන් ඔස්සේ උගන්වා ඇති අතර, ලාංකික ඉගැන්වීම් ඔස්සේ මෙවැනි යහපත් දේ සඳහා සහය ලබාදීම ලාංකිකයකු වශයෙන් විශාල ගෞරවයක් වන බවත් සාවින්දි කියා සිටී.
මම හිතනවා මේ ආදිවාසීන්ගේ හඬට සවන් දී ඔවුනට සහයක් ලබාදීම මේ රටේ දියුණුවට ගොඩක් වැදගත් කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකික තරුණ තරුණියන් හැටියට විවිධ ජනතාවට ගෞරව කිරීම, ඉතිහාසයට සහ සංස්කෘතියට ආදරය කිරීම වැනි ශ්‍රී ලංකික අගයන් අපි එළිදක්වන්න ඕනේ. මේ අගයන් වලින් ඕස්ට්‍රේලියාවේ දියුණුවට අපට උදව් කරන්න පුළුවන් කියන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට අපට ලොකු ගෞරවයක්.
එමෙන්ම සාවින්දි වැඩිදුරටත් සඳහන් කොට සිටියේ, තමන් මේ වනවිට වෛද්‍ය උපාධියක් හදාරන අතර අනාගතයේදී තම දැනුම ඔස්සේ තමාට හැකි පමණින් දුෂ්කර පළාත් වල සිටින ආදිවාසීන් හට උපකාර කිරීම බලාපොරොත්තුව වන බවයි.
මම දැනට වෛද්‍ය උපාධියක් හදාරනවා ඉතින් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පළාත් වල ඉන්න ආදිවාසීන්ට වෛද්‍ය උපකාර ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කැමතියි කියන්න මගේ සහෝදර සහෝදරියන්ට, ඉදිරියට ආදිවාසී ජනතාවට අපි කරන රැකියාවලින් සහ හැකි හැම විදියකටම උපකාර කරන්න කියලා.
ඕස්ට්‍රේලියානු ආදිවාසීන් ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා සිදු කෙරෙන මෙම ජනමත විචාරණයේදී පහත සඳහන් ගැටලුවට "Yes" හෙවත් "එකඟද" ද යන්න හෝ "No' හෙවත් "එකඟ නොවන්නේද" යන්න ලෙස පිළිතුරු ලබාදීමට ඡන්දය ප්‍රකාශ කරන පිරිසට සිදු වේ.
"යෝජිත නීතියක්: ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසීනට ඕස්ට්‍රේලියාවේ හඬක් පිහිටුවීමෙන් ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් පිළිගැනීමට ව්‍යවස්ථාව වෙනස් කිරීම.
ඔබ මෙම යෝජිත වෙනස් කිරීම අනුමත කරනවාද?"
ඕස්ට්‍රේලියාවේ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සෑම අයකුම මෙම ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබයි.
එමෙන්ම මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමත් අනිවාර්ය වේ.