Key Points
- නිදහස ලද රැඳවියන් සම්බන්ධයෙන් වන අධීක්‍ෂණය දැඩි කිරීම සඳහා රජය ඩොලර් මිලියන 255ක් වෙන් කර තිබේ.
- නව නීතිවලට අනුකූලව රැඳවියන් නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලිසියට ඩොලර් මිලියන 88ක් ලැබෙනු ඇත.
- දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට මහාධිකරණය තීන්දු කිරීමෙන් පසුව, මෙම නව නීති කඩිනමින් සම්මත වීම සිදුව තිබේ.
ඕස්ට්‍රේලියාවට පැමිණි අනවසර සංක්‍රමණිකයින් දින නියමයක් නොමැතිව රඳවා තබාගැනීම නීති විරෝධී බව පවසමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය ඔවුන් නිදහස් කිරීමට පසුගියදා තීන්දුවක් ලබාදීම සිදු විය. මේ අනුව රැඳවුම් භාරයේ සිටි සැලකියයුතු පිරිසක් මේ වනවිට සමාජයට මුදාහැර තිබේ.
මෙලෙස මුදා හරින ලද රැඳවියන් ඔවුන්ගේ වීසා කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීම සහතික කිරීමට ඕස්ට්‍රේලියානු පොලිසිය වැනි ආයතන සඳහා රජය මගින් මෙම මුදල් වෙනකොට තිබේ.
මෙම අරමුදල් ඔස්සේ අදාළ නීති උල්ලංඝනය කිරීම්වලදී නඩු පැවරීමේ හැකියාව ඉහල දමන බව සංක්‍රමණ අමාත්‍ය Andrew Giles කියා සිටී.

Andrew Giles MP Source: AAP
ඕස්ට්‍රේලියානු මහාධිකරණ තීන්දුව මත නිදහස් කල අනවසර සංක්‍රමණිකයින් සඳහා බලපාන නව දැඩි වීසා කොන්දේසි බලාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු රජය මෙලෙස ඩොලර් මිලියන 255ක් වෙන් කොට තිබේ.
මේ අනුව මින් ඉදිරියට මෙලෙස සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් වූ පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් වීම සිදු වේ.
දින නියමයක් නොමැතිව අනවසර සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම නීත්‍යානුකූල නොවන බවට මහාධිකරණය තීන්දු කිරීමෙන් පසු රැඳවියන් 140 කට ආසන්න සංඛ්‍යාවකට මෑතකදී නිදහස හිමිවිය.
මෙම නිදහස ලැබූ පිරිසට වැරදිකරුවන් වූ ඇතැම් අපරාධකරුවන් ඇතුළත් වන අතර, ඔවුන් ඒ වන විටත් සිර දඬුවම් විඳිමින් සිට තිබේ.
කෙසේ නමුත් මේ හේතුවෙන් සමාජය තුල වර්ධනය වන කෝපය සහ ප්‍රජාවට තිබෙන අනතුරුදායක තත්වය හේතුවෙන්, මොවුන් හට දැඩි වීසා කොන්දේසි පනවා හදිසි නීති පැනවීමට රජය පියවර ගෙන තිබේ.
ඕස්ට්‍රේලියානු පොලිසිය (AFP) මෙම නව වීසා කොන්දේසි කඩකිරීම් විමර්ශනය කරන අතර ප්‍රාදේශීය ප්‍රතිචාර කණ්ඩායම් සහ පිරිස් සඳහා ඩොලර් මිලියන 88ක් ලබාදීම සිදු වේ.
මෙම පිරිස curfew තත්වයකට අවනත විය යුතු අතර ඔවුන් වළලුකරෙහි මොනිටර පැළඳීම අනිවාර්ය වේ. මේ සම්බන්ධයෙන් අදාළ නියෝජිතායතන දැඩි අවධානයක් යොමු කරන අතර ඔවුන් වීසා කොන්දේසි කඩකිරීමක් සිදු කල හොත්, මෙම අරමුදල් ඔස්සේ ඔවුනට නඩු පැවරීමේ හැකියාව ඉහල දමයි.
ආගමන අමාත්‍ය Andrew Giles මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ රජය ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ක්‍රියාත්මක "දැඩි නීති" තවදුරටත් දැඩි කරන බවයි.
සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් වූ පුද්ගලයින් 138 දෙනාගෙන් 132 දෙනෙකුව ඔවුනේ වලලුකරෙහි තිබෙන මොනිටර ඔස්සේ ඉලෙක්ට්‍රොනිකව අධීක්ෂණය කරන අතර, 04 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක නිරත වේ.

Razor wire surrounds the Christmas Island detention centre Source: AAP
එමෙන්ම පුද්ගලයින් දෙදෙනකු හට තිබෙන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්ද කටයුතු කරමින් සිටී.
මෙම අරමුදල් වලින් ඩොලර් මිලියන 150ක් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායට හිමිවේ. ඔවුන් අදාළ නීති වලට මෙම පුද්ගලයින් අනුකූල වීම, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, අවශ්‍යවූ විට ඔවුන් ඉවත් කිරීම සහ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම කරයි.
රැඳවුම් භාරයෙන් නිදහස් කළ පිරිසෙන් ඇතැමුන් ළමා ලිංගික අපරාධ ඇතුළු බරපතළ අපරාධ සිදුකොට ඇතත්, අනෙක් පිරිස ඊට අඩු මට්ටමේ වැරදි සඳහා රැඳවුම් භාරයට ගෙන තිබේ. කෙසේ නමුත් මෙම සියලුම පිරිස එකම දැඩි වීසා කොන්දේසිවලට යටත් වේ.
ප්‍රජා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රයත්නයන්හිදී රජය දැඩි විමසිල්ලකින් කටයුතු කරන බව ආගමන අමාත්‍ය Andrew Giles කියා සිටී.
මෙම නව නීති ගෙන ඒම ඔස්සේ ඕස්ට්‍රේලියාව තුල මේ වනවිට තිබෙන නීති වඩාත් කල් පවතින අතර, අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි බවත් ආගමන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු මහාධිකරණය මෙම තීන්දුව ලබාදීම සඳහා පසුගිය අඟහරුවාදා හේතු දැක්වීම සිදු කළේය. මේ වනවිට තිබෙන තත්වය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil කියා සිටියේ ප්‍රජා ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා රජය හදිසි නීති ක්‍රියාත්මක කොට ඇති බවයි.
එමෙන්ම නිදහස් කරන ලද රැඳවියන් විසින් සිදු කරන ලද අපරාධවලට ගොදුරු වූවන්ට උපකාර සඳහා සම්බන්ධ වීමට සේවාවක් ද O'Neil නිවේදනය කළාය.

Almost 140 detainees were released recently after the High Court ruled indefinite detention unlawful. Source: AAP / Lukas Coch
ඔහු Sky News වෙත පවසා සිටියේ, රජය මේ සම්බන්ධයෙන් ගන්නා සෑම පියවරක්ම ඔවුන් නිසි දැනුමකින් ගන්නා බවට සහතික වීමද අවශ්‍ය වන බවයි.
ස්වාධීන මන්ත්‍රීනී Kylea Tink ද සඳුදා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කළ අතර ඒ ඔස්සේ, රජය ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින් දින නියමයක් නොමැතිව රැඳවුම් භාරයේ තබා ගැනීම වැලැක්වීම සිදු කරයි.
මහාධිකරණය සිය තීන්දුව ලබා දීමට පෙර මේ සම්බන්ධයෙන් යෝජනාවක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර ඒ ඔස්සේ පුද්ගලයින් දින 90ක කාලයක් පමණක් සංක්‍රමණ රැඳවුම්භාරයේ රඳවා තැබීමට සීමා සඳහා යෝජනා පැවතින. එමෙන්ම ළමයින් රඳවා තබා ගැනීම ද එමගින් තහනම් වේ.