ඔස්ට්‍රේලියාවට 2013 ට කලින් බෝට්ටුවෙන් පැමිණි අයට ස්ථිර විසා. පසුව ආ අයට මොනවත් නැහැ. ආණ්ඩුවේ තීරණය ගැන මතභේද

තාවකාලික ආරක්ෂණ වීසා ලාභීන්ට ස්ථිර වීසා ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයෙන් පසුව එය හිමි නොවන සරණාගතයින් 12,000 කගේ ඉරණම ගැන පැහැදිලි කිරීමක් තමන් අපේක්ෂා කරන බව සරණාගත කටයුතු පිළිබඳ නීතීවේදීන් පවසයි.

Several people sit at desks, studying sheets of paper.

W Source: SBS

Key points
  • සරණාගතයින් 19,000ක් සඳහා ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව රජය විසින් සලසා දී තිබේ.
  • එහෙත් තවත් 12,000 කගේ ඉරණම පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ස්වෛරී දේශසීමා මෙහෙයුම දියකර හරින බවට නැගෙන චෝදනා ඇන්තනි ඇල්බනීසි විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සරණාගතයින් දහස් ගණනකට ස්ථිර මාවතක් ලබා දී තිබියදීත්
සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් 12,000 කගේ ඉරණම පිළිබඳව ඔවුන් තවමත් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.


තාවකාලික ආරක්ෂණ වීසා (TPVs) හෝ Safe heaven enterprises වීසා (SHEVs) මත ජීවත් වන පුද්ගලයින් 19,000 කට පමණ ස්වෛරී දේශ සීමා මෙහෙයුම් ආරම්භ වූ 2013 අග භාගයට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණියේ නම්, ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන බව පසු ගිය සඳුදා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නිවේදනය කළේය.

ලේබර් පක්ෂය අවධාරනය කරන්නේ මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ TPV අයදුම් කිරීමේ ක්‍රියාවලියේ විවිධ අවධීන්හි සිටින පුද්ගලයින් 31,000කට ඔවුන්ගේ පුරවැසිභාවය සඳහා මාර්ගයක් සපයන බවයි.

TPVs අහෝසි නොකරන මෙම පියවර මගින් ඔවුන්ට අවශ්‍ය වූ විට රටින් පිටව යාමට , සමාජ ආරක්ෂණ ගෙවීම් සඳහා අයදුම් කිරීමට සහ ඔවුන්ගේ ඥාතීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අනුග්‍රහය දැක්වීමට හැකියාව ලබා දේ.

තාවකාලික වීසා අවලංගු කර ඇති හෝ ප්‍රතික්ෂේප කර ඇති ඕනෑම අයෙකු මේ සඳහා සුදුසුකම් නොලබන අතර 2500ක් පමණ පිරිසක් ඒ අතර වේ. "ස්වේච්ඡාවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස" ඔවුන්ගෙන් රජය ඉල්ලා සිටී.
A woman against a bright-coloured wall.
Jana Favero wants clarity for 12,000 people she says are left in limbo. Credit: Supplied
හිටපු සන්ධාන ආණ්ඩුවේ "Fast Track" යෝජනා ක්‍රමය යටතේ ආරක්ෂාව නොලබන තවත් 12,000 ක සරණාගතයින්ගේ ඉරණම අපැහැදිලිව පවතින බව සරණාගත සම්පත් මධ්‍යස්ථානයේ උපදේශන සේවා අධ්‍යක්ෂ Jana Favero පැවසුවාය.

Favero මහත්මිය මෙම පද්ධතිය "අසාර්ථක ක්‍රියාවලියක්" ලෙස නම් කරන ලද අතර, එය අයදුම්කරුවන්ට "විරුද්ධව ගොඩ නැගී ඇති" බව ද කියා සිටියාය.


මෙම තීරණයෙන් හරියටම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් සොයමින් සිටින බවත් එම තීරණය නිසා ස්ථිර පදිංචියට සුදුසුකම් නොලබ සරණාගතයින් 12,000 ගේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටි බවත් ඇය පැවසුවාය. එමෙන්ම ඔවුන් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ඇය SBS ප්‍රවෘත්ති සේවයට කියා සිටියායය.

මෙම නිවේදනයෙන් පසු 19,000 ක පමණ පිරිසක් ප්‍රීතියෙන් ඉපිල ගිය අතර, 12,000 ක් පමණ පිරිසක් තවදුරටත් සිය ආරක්ෂාව ගැන අවිනිශ්චිතතාවයෙන් පසුවේ.

රජය තැබූ මෙම පියවර තාවකාලික ආරක්ෂණ වීසා වල වර්ධනයක් සිදු කරනු ඇති බව Favero මහත්මිය පිළිගත් නමුත් එම වීසා බලපත්‍ර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සඳහා සංක්‍රමණ පනත සංශෝධනය කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට යාමට කටයුතු කරන ලෙස ලේබර් පක්ෂයෙන් ඉල්ලා සිටියාය.

අඛණ්ඩ මානසික අවපීඩනය

Obaidalluh Mahek යනු ඇෆ්ගනිස්ථානයේ සිට ආරක්ෂාව පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයෙකි. ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තම රටේ රැඳී සිටීමට තමාට අවශ්‍ය වූ නමුත් තලෙයිබාන්වරු විසින් තම වළලුකර ප්‍රදේශයට වෙඩි තැබීමත් සමඟ ඔහුගේ තත්වය ඉවසිය නොහැකි වූ බවත්, පලා යාමට ඔහුට සිදු වූ බවත් ඔහු SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

මහේක් මහතා 2015 දී ඔස්ට්‍රේලියාවට දින අටක "භයානක" බෝට්ටු ගමනකින් පැමිණ ඇති අතර දැන් හෙළි නොකළ තුන්වන රටක සිටින ඔහුගේ පවුලෙන් වෙන් වී සිටී.

"මා විඳි විරහව, දුක, වේදනාව සහ වේදනාව ඔබට සිතාගත නොහැකියි. ඔබ පාරේ කෙළ ගසන්නේ නම්, ඔබව රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි.එය එතරම් භයානකයි
Obaidalluh Mahek

ඔහුගේ මානව හිමිකම් කඩවෙන තත්ත්වයකට ඔහු පත් වී ඊට විරුද්ධ වන්නට හෝ හඬක් නගන්නවත් නොහැකි තත්වයක් ඇතිවේ යැයි ඔහු විශ්වාස නොකළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

TPV දරන්නෙකු ලෙස ඔහුට ජාත්‍යන්තර ගාස්තු ගෙවීමට සිදුවනු ඇති නිසා ඔහුට උසස් අධ්‍යාපන අත්හැරීමට සිදු වූ බව මහෙක් මහතා පැවසීය.

ඔහුට බොහෝ අවස්ථාවන් අහිමි වූ බවත් ඒ හේතුවෙන් අඛණ්ඩ මානසික අවපීඩනය, ආතතිය, කාංසාව, අසාර්ථකත්වය සහ සමාජයෙන් ප්‍රතික්ෂේප වීමේ හැඟීම ඇති වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජීවිතයේ බොහෝ සිහින, අභිලාෂයන් සහ ඉලක්ක සහ අරමුණු තමාට තිබූ අතර ඒ සියල්ල නැති වී ගිය බව ද මහේක් මහතා SBS සේවය වෙත පවසා තිබේ.


පසු ගිය සඳුදා රජය සිදු කළ නිවේදනයෙන් ඔහුට සිය පවුල සමඟ නැවත එක්වීමට හැකි වනු ඇතැයි මහෙක් මහතා "බලාපොරොත්තු වූ" නමුත් මෙම ස්ථිර වීසා ලබා දීමේ ක්‍රියාවලියට කල් ගත වේ යැයි ඔහු බියෙන් පසුවේ.

ඔහු දන්නා තරමින් ඔහුගේ පවුලේ අයට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බවත්, නමුත් ඊට ගත වන කාලය කොපමණදැයි තමන් නොදන්නා බවත්, ස්ථිර වීසා ලබා දීමට ගත වූ තරම් කාලයක් ගත වුවහොත් පවුලේ අය හමුවීමට පෙර තමා මිය පරලොව ගොස් සිටීමටද ඉඩ ඇති බව මහේක් මහතා පැවසුවේය.

රජය ගත් මේ තීරණය ගැන විවිධ පාර්ශව වල අදහස්

හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් විසින් පසු ගිය සඳුදා කම්කරු පක්ෂයට චෝදනා කරමින්
ඔවුන් ස්වෛරී දේශසීමා මෙහෙයුම “දියකර” ඇති බවට චෝදනා කර තිබේ.

එමෙන්ම මෙම පියවර මගින් මිනිස් ජාවාරම් වැඩිවීමක් නොවනු ඇති බවට සහතික වන ලෙස ද ඇය ඉල්ලා සිටී.

එහෙත් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි එම චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කළ අතර, මෙසේ ප්‍රතිලාභ ලබන්නේ ස්වෛරී දේශසීමා මෙහෙයුම ආරම්භ වීමට පෙර මෙරටට පැමිණ ඇති අය බව අවධාරණය කළේය.
Man in suit and glasses at a lecturn.
Anthony Albanese says he's committed to implementing Labor's election commitments. Source: AAP / Mark Baker/AP
TPV අහෝසි කිරීමේ ප්‍රතිඥාවක් ඇතුළත් නිශ්චිත ප්‍රතිපත්තියක් කම්කරු පක්ෂය විසින් මැතිවරණයට ගෙන ආ යුතු බව ඇල්බනීසි මහතා යෝජනා කළේය.

කෙසේ වෙතත්, ඔවුන් මෙම තීරණයෙන් සිදු කරනු ලැබුවේ දශකයක් හෝ ඊට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයින් තවදුරටත් අවිනිශ්චිතභාවයක නොතිබීම වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බෝට්ටුවෙන් පැමිණෙන පිරිස් ආපසු හැරවීමට රජයේ කැපවීම නොවෙනස්ව පවතින බව අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් බෝට්ටුවෙන් පැමිණීමට උත්සාහ කරන ඕනෑම අයෙකු ආරක්ෂිත සහ නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගෙන ඔවුන් පිටත්ව ආ රටට හෝ තම මව් රටට ආපසු ගෙන යනු ඇත. නැතහොත් වෙනත් රටකට මාරු කරනු ඇත.

ඔස්ට්‍රේලියාවේ අවසන් වරට මිනිස් ජාවාරමක් සිදුවී දැනට වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබේ. ස්වෛරී දේශසීමා මෙහෙයුම මුහුදු මිනිස් ජාවාරමට එරෙහි වීමට සහ මුහුදේ ජීවිත ආරක්ෂාව ආරක්ෂා වෙනුවෙන් කැපවී සිටී.

Share
Published 14 February 2023 3:20pm
By Finn McHugh, Athini Amarasiri
Source: SBS


Share this with family and friends