ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ස්වයං නිරෝධායනය අවසන්වීමත් සමග කොවිඩ් ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

කොවිඩ් වසංගතය වසර දෙකහමාරකට පෙර ආරම්භ වූ දා සිට සෞඛ්‍ය ආරක්ෂාව තබා ගත් පිළිවෙත්ම ශ්‍රමිකයින් දිගටම අනුගමනය කළ යුතු බව විශේෂඥයෝ පවසති.

NSW CORONAVIRUS COVID19 SAFE TRANSPORT

Workers clean the carriage of a public train at Central Station in Sydney. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

COVID-19 ආසාදනය වූ පුද්ගලයින් සඳහා අනිවාර්ය ස්වයං නිරෝධායනය කිරීම ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරිටරිවල පසුගිය සතියෙන් අවසන් විය.

ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනුණි.

මේ හේතුවෙන් බොහෝ දරුවන්ගේ දෙමාපියන් කණගාටුව පළ කර ඇති අතර තම දරුවන්ව පාසල් වෙත හෝ childcare මධ්‍යස්ථාන වෙත යැවීමට ද බියට පත්වී සිටියි.

තමාගේ දරුවන් වයස අවුරුදු 5 ට වඩා අඩු බැවින් නිරෝධායනය නොවීමට අවශ්‍ය නීති යටතේ කොවිඩ් ආසාදිත childcare මධ්‍යස්ථානයේ ගුරුවන්ගෙන් තම දරුවන්ට වයිරසය බෝවනු ඇතැයි සිඩ්නි වාසී මවක් වන Jenny Choo, SBS වෙත සිය කණස්සල්ල පළ කළාය.

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ගෙන් ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගත හැකිවන්නේ වයිරසය හමුවේ අවදානමට ලක්විය හැකි දරුවන්ට පමණක් වන අතර වයස අවුරුදු පහට වැඩි දරුවන් COVID-19 එන්නතක මාත්‍රා දෙකක් සඳහා සුදුසුකම් ලබයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සැලකිය යුතු තර්ජනයක් ලෙස COVID තවමත් පවතී

COVID ආසාදන, රෝහල්ගතවීම් සහ මරණවල අඩුවීමක් තිබියදීත්, රජයන් සහ නිවැසියන් කොවිඩ් පිළිබඳ ක්‍රියාත්මක වීම් අත නොහැරිය යුතු අතර වසංගතය පිළිබඳ ප්‍රවේශම් වීමේ සියලු හැඟීම් නැති කර ගත යුතු නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Steve Robson පවසයි.

තවත් කොවිඩ් රැල්ලක් උතුරු අර්ධගෝලයේ ගොඩනැගෙමින් පවතින අතරේ ඔස්ට්‍රේලියානුවන් එන්නත් ලබා ගැනීම හරහා ලබාගත් ප්‍රතිශක්තිය දැන් ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යාම බරපතල අවදානමක් බව මහාචාර්ය Robson පෙන්වා දෙයි.

දේශපාලන නායකයින් විසින් යවන පණිවිඩය වසංගතයේ සියල්ල අවසන් වී ඇති බවට වන නමුත් සත්‍ය වසන් කළ නොහැකි බව ද ඔහු පවසයි.

නව වෙනස්කම් මධ්‍යයේ රැකියාවේදී COVID ආසාදනය වළක්වා ගන්නේ කෙසේද?

කොවිඩ් වසංගතය වසර දෙකහමාරකට පෙර ආරම්භ වූ දා සිට සෞඛ්‍ය ආරක්ෂාව තබා ගත් පිළිවෙත්ම ශ්‍රමිකයින් දිගටම අනුගමනය කළ යුතු බව විශේෂඥයෝ පවසති.

"නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ අමාරුව, කැස්ස හෝ flu වැනි හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ රැඳී සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් කොවිඩ් පරීක්ෂනයක් පරීක්‍ෂා කර ගන්න" යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියි.

occupational health and safety frameworks යටතේ කළමනාකරණය කළ යුතු කොවිඩ් අවදානම සමඟින්, රැකියා ස්ථානයට ආරක්ෂිතව නැවත පැමිණීම ගැන සේවකයින් තම සේවායෝජකයා සමඟ සාකච්ඡා කළ යුතු බව වෛද්‍ය Kerry Chant පවසයි.

සේවා ස්ථානයක සේවකයින්, අමුත්තන්, පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අවදානම කළමනාකරණය කිරීම සඳහා සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම එහි work health and safety නීති ඇත.

ආරක්ෂිත සේවා පරිසරයක් සැපයීම සේවායෝජකයාගේ වගකීමක් වන අතර, සේවකයින් ඔවුන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට සහ අන් අයට හානියක් නොවන බව සහතික කිරීමට බැඳී සිටී.

ආසාදිත කාලය

අනිවාර්ය ස්වයං නිරෝධායනය අවසන් වී ඇති නමුත් ආසාදන කාලය නොවෙනස්ව පවතී.

පුද්ගලයෙකුට දින 10 ක් දක්වා COVID ආසාදනය විය හැකි නමුත් ඔවුන්ගෙන් අන් යට වඩාත් බෝ වන්නේ ඔවුන්ගේ රෝග ලක්ෂණ ආරම්භ වීමට පෙර දින දෙකේදී සහ ඔවුන්ගේ රෝග ලක්ෂණ පවතින තුරු බව වෛද්‍ය Chant පවසයි.

COVID-19 ඇති පුද්ගලයින්ගෙන් ගෘහස්ථව සහ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳ සිටින ලෙස ඇය ඉල්ලා සිටී.

ඔවුන් අවම වශයෙන් දින හතක්වත් ජනාකීර්ණ ගෘහස්ථ ස්ථාන, රෝහල් සහ aged හෝ disability care වැනි අවදානම් සහිත ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය Chant වැඩිදුරටත් පවසයි.

යාවත්කාලීන ලෙස කොවිඩ් එන්නත් ලබා ගැනීම COVID වලට එරෙහි හොඳම ආරක්ෂාව බව විශේෂඥයෝ පවසති.

ඔබ සමීප ආශ්‍රිතයෙකු නම් කුමක් කළ යුතුද?

සමීප ආශ්‍රිතයින්ට NSW Health පහත උපදෙස් දී තිබේ:

  • රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතුය
  • කොවිඩ් පරීක්ෂණයක් කර අසනීප නම් නිවසේ රැඳී සිටිය යුතුය
  • දින හතක් පුරාවට රෝහල් සහ aged හෝ disability care වැනි අවදානම් සහිත ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතුය
  • දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය බැලීමට යාමෙන් වැළකී සිටිය යුතුය
  • ගෘහස්ථව සහ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණයක් පළඳින්න
  • නිරතුරුවම RAT පරීක්ෂණ සිදුකරන්න
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල මානසික සෞඛ්‍ය සේවා ලබාගත හැකි ස්ථාන හා දුරකතන අංක මෙන්න

ACT — Canberra Health Services Access Mental Health on 1800 629 354

NSW — Mental Health Line on 1800 011 511

NT — Northern Territory Mental Health Line on 1800 682 288

QLD — 1300 MH CALL: Mental health access line on 1300 642 255

SA — Beyond Blue Coronavirus Mental Wellbeing Support Service on 1800 512 348

TAS — Mental Health Service Helpline on 1800 332 388

VIC — Head to Help on 1800 595 212

WA — Mental Health Emergency Response Line on 1300 555 733

SBS is committed to providing all COVID-19 updates to Australia’s multicultural and multilingual communities. Stay safe and stay informed by visiting regularly the 

Share
Published 17 October 2022 3:24pm
By Yumi Oba, Sahil Makkar, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends