Key Points
- 2022-23 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම සංක්‍රමණ වීසා කෝටාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හිමිකම් කියයි.
- ඉතිහාසයේ පළමු වරට අදාළ නිපුණතා ලැයිස්තුවල අඩංගු වෘත්තීන් හරහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන අවම ලකුණු මට්ටම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නිවේදනය කරයි.
- ඊට අමතරව අදාළ වෘත්තියේ සේවා පළපුරුද්ද වසර කීයක් අවශ්‍යදැයි කියා ද ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ ප්‍රධාන තැනක් ගන්නා සහ වැඩිම අවධානයක් දිනාගන්නා ප්‍රාන්තය ලෙස හැඳින්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skills lists හෙවත් නිපුණතා ලැයිස්තු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
2022-23 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම සංක්‍රමණ වීසා කෝටාවට හිමිකම් කියන්නේද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.
මෙහිදී ඉතිහාසයේ පළමු වරට අදාළ නිපුණතා ලැයිස්තුවල අඩංගු වෘත්තීන් හරහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන අවම ලකුණු මට්ටමද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
————————————————-
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
—————————————————
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන් පහත සඳහන් වීසා වර්ග නිකුත් කරයි.
- Skilled Nominated visa (subclass 190)
- Skilled Work Regional visa (subclass 491)
මෙහිදී 190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම ලබාදෙන වීසා ඛාණ්ඩයකි.
නමුත් 491 යනු පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන වසර 5 ක රැකියා වීසා වර්ගයකි.
491 වීසා බලපත්‍රයක සිට වසර 3කින් පසුව නියමිත කොන්දේසි සපිරූ විට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ අදාළ නිපුණතා ලැයිස්තුවල ඇති වෘත්තීන් ANZSCO ඒකක කණ්ඩායම්වලට වර්ග කර තිබේ.
Australian and New Zealand Standard Classification of Occupations යන්න ANZSCO ලෙස කෙටියෙන් හැඳින්වේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාව තවත් වැඩිපුර 35,000 කට ස්ථිර පදිංචිය දීමට තීරණය කරයි
SBS Sinhala
02:53
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ANZSCO ඒකක කණ්ඩායම් මට්ටමින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා යොමු කළ SkillSelect EOI වලට තම නාමයෝජනා ලබා දී අදාළ අයදුම්කරුවන්ට වීසා සඳහා ආරාධනා කරයි.
නිව් සවුත් වේල්ස් නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට ඔබ යම් වෘත්තියක නිපුණයෙකු විය යුතු අතර පහත කොන්දේසි ද්විත්වයම සැපිරිය යුතුය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ANZSCO ඒකක කණ්ඩායම් අතර ඔබේ වෘත්තීය තිබිය යුතුය එය 190 හෝ 491 වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබිය යුතුය
ANZSCO ඒකක කණ්ඩායම් තුළ ඇති සියලුම වෘත්තීන් අදාළ වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් නොලබන බව සැලකිල්ලට ගැනීම වැදගත් බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි.

Source: Getty / Getty Images
අවම ලකුණු සහ වෘත්තියේ සේවා පළපුරුද්ද අවශ්‍ය වීම
ඉතිහාසයේ පළමු වරට නිපුණතා වෘත්තීන් අඩංගු ලැයිස්තු අවම ලකුණු සමග නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙවර පියවර ගෙන තිබේ.
ඊට අමතරව අදාළ වෘත්තියේ සේවා පළපුරුද්ද වසර කීයක් අවශ්‍යදැයි කියා ද ප්‍රකාශ කර ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට ඔබේ වෘත්තීය අදාළ ලැයිස්තුවල තිබිය යුතු වන අතර එම ANZSCO ඒකකයට අදාළ අවම ලකුණු සහ අවම සේවා පළපුරුද්ද සපුරාලිය යුතුය.
උදාහරණයක් ලෙස Accountants හෙවත් ගණකාධිකාරීවරුන්ට (occupation code 132211) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ලකුණු 110 ක් තිබිය යුතු අතර වසර 3 ක සේවා පළ පුරුද්දක් තිබිය යුතුය.
එවිට ඔබව ඒ සඳහා සලකා බැලෙනු ඇත.

Source: Getty / Getty Images
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ කෝටාව
2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර කෝටාව 12,290 ක් වන අතර පසුගිය වසරේ ලැබී තිබුණේ 9,840 කි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ කෝටාව පහත අයුරින් බෙදා වෙන් කර ඇත.
- Skilled Nominated visa හෙවත් 190 වීසා - 7,160
- Skilled Work Regional visa හෙවත් 491 වීසා - 4,870
- Business Innovation and Investment Program – 260
LISTEN TO

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ TR වීසා කාලය තවත් දීර්ග කිරීමට තීරණය කරයි
SBS Sinhala
02:14
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තු
190 සහ 491 වීසා ඛාණ්ඩ දෙක සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තු දෙකක් ප්‍රකාශයට පත් කර තිබේ.
එම ලැයිස්තුවල අඩංගු වෘත්තීන්, ඒවාට අදාළ අවම ලකුණු සහ අවම සේවා පළ පුරුද්ද (වසර ගණනින්) ද ඒ සමග ප්‍රකාශයට පත් කර ඇත.