ගෝලීය සමාගම්වලට ඔවුන්ගේ හොඳම සහ දීප්තිමත් කාර්ය මණ්ඩලය ඔස්ට්‍රේලියාවට ගෙන ඒම පහසු කිරීමේ යෝජනාවක් පිළිබඳ කම්කරු පක්ෂ රජය සලකා බලමින් සිටියි.
ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය සමනය කිරීමට උපකාර වන එක් මාර්ගයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව (CEDA) විසින් intra-company transfers හෙවත් සමාගම් තුළම සේවකයින් මාරු කිරීම සඳහා වන ක්‍රියාවලිය සරල කිරීම යෝජනා කර ඇත.
LISTEN TO

මාර්ග 6 කින් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න
SBS Sinhala
03:55
ඇමෙරිකාව සහ සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකටම බහුජාතික සමාගම්වලට දක්ෂයින් ඉක්මනින් සහ විධිමත් ක්‍රියාවලියක් හරහා ගෙන ඒමට දැනටමත් පැහැදිලි මාර්ග ඇති බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jarrod Ball පැවසුවේය.
2021 දී ඇමෙරිකාව intracompany (L1) වීසා 116,000 ට අධික ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් කොවිඩ් වසංගතයට පෙර එම සංඛ්‍යාව 2019 දී 698,000 ට වඩා වැඩි විය.
ඔස්ට්‍රේලියාවේ ද එවැනිම වේගවත් මාර්ගයක් හඳුන්වා දීමෙන් වැඩි ආයෝජනයක් සහ විදේශයන්හි සිටින විශේෂඥයින්ගෙන් දැනුම හුවමාරු කර ගැනීමට දිරිමත් කරන බව Jarrod Ball පැවසුවේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ජෛව තාක්ෂණ බහුජාතික සමාගමක් වන CSL සහ වෛද්‍ය උපාංග සමාගමක් වන Cochlear ඇතුළු ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක් වසර ගණනාවක් පුරා සමාගම් අතර පහසුවෙන් සේවාකයින්ට සේවා ස්ථාන මාරුවීම්, විශේෂිත විශේෂඥයන් හුවමාරු කරගැනීමට සහ රටවල් අතර කුසලතා වැඩි දියුණු කිරීමට යෝජනා කර ඇත.
සාමාන්‍යයෙන් බහුජාතික, විශාල සමාගම් වීසා ක්රමයේ විශ්වාසවන්ත පරිශීලකයින් වන අතර, ඔවුන් සාධාරණ විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ශ්‍රම බලකාය හරහා දැනුම හුවමාරු කිරීමට නැඹුරු වන බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jarrod Ball පැවසීය.

Staff from overseas offices could be more easily transferred to Australia under a proposal being considered by the federal government. Source: Getty / XiXinXing/iStockphoto
විශ්වාසවන්ත සේවා යෝජකයන්ට වීසා සඳහා ප්‍රවේශය
මේ වන විට ඔස්ට්‍රේලියාවට තම කාර්ය මණ්ඩලය එවීමට අවශ්‍ය සමාගම් temporary skill shortage වීසා බලපත්‍රයක් හෝ ස්ථිර පුහුණු වීසා බලපත්‍රයක් (permanent skilled) සඳහා අයදුම් කිරීම වැනි සියලුම සංක්‍රමණිකයන් සඳහා පවතින සම්මත මාර්ග භාවිත කළ යුතුය.
සෑම වසරකම temporary skilled වීසා 20,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරනු ලබන අතර 2021/22 දී 32,062 ක් ප්රදානය කෙරුණි.
LISTEN TO

ඔස්ට්‍රේලියාවට Visitor වීසාවලින් ඇවිත් Student වීසා දාන්න පුළුවන්ද? ඇත්ත කතාව මෙන්න
SBS Sinhala
09:27
නමුත් මෙම ක්‍රමය භාවිතා කරමින් සේවකයෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණීමට මාස හයක් ගත විය හැකි බව ආර්ථික විද්‍යාඥ Jarrod Ball පැවසීය.
ආයෝජනවල වටිනාකම් සහ ව්‍යාපෘතිවල සේවය කිරීමට මිනිසුන් රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් එය සැලකිය යුතු දිගු කාලයක් බව ද ඔහු පැවසීය.
ස්ථීර පදිංචිය සඳහා මාර්ගයක් සහිත නව සිව් අවුරුදු වීසා බලපත්‍රයක් විශ්වාසදායක සේවා යෝජකයන්ට සහ වීසා ක්රමයේ පිළිගත් පරිශීලකයින්ට intra-company transfers සඳහා ලබා දිය හැකි බව ඔහු විශ්වාස කරයි.
එවැනි සේවකයින්ට $100,000 කට අධික වාර්ෂික වැටුප් සීමාවක් ද පැනවිය හැකි බව ඔහු සඳහන් කළේය.
"පැමිණෙන පුද්ගලයා අව්‍යාජ සේවකයෙකු බව ඔබ සහතික කළ යුතුයි. එම පුද්ගලයා මාස 12කට වඩා වැඩි කාලයක් අදාළ සමාගමේ රැකියාවක නිරතව සිටිය යුතුයි වැනි නීති බලාත්මක කළ යුතුයි" යනුවෙන් ඔහු පැවසීය.

Scientists at the CSL Biotech facility in Melbourne. Source: AAP
2023 දී ප්‍රගතියක්
කම්කරු පක්ෂ රජය මෙම අදහසට විවෘතව සිටින බව පෙනේ.
මෙම යෝජනාව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු වැදගත් යෝජනාවක් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පසුගිය මාසයේ CEDA සමුළුවකදී පැවසුවේය.
එකම සමාගමක් තුළ ජාත්‍යන්තර කාර්ය මණ්ඩල සංචරණය සඳහා සරල ක්‍රියාවලීන් සමඟ ගෝලීය ව්‍යාපාරවලට ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියාවේ ආකර්ශනීය බව ගොඩනැගීමට මෙය උපකාරී වන බව ඔහු පැවසීය.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ කොතැන හිටියත් ඔස්ට්‍රේලියාවෙන් පිට හිටියත් PR ගත හැකි බටහිර ඔස්ට්‍රේලියාවේ 491 වීසා
SBS Sinhala
04:53
නමුත් මෙම නීති මගින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපලේ නියම කළ වැටුප් අනුපාත ගෙවීමේ වගකීම් වලින් බැහැර වීමට අදාළ සමාගම්වලට ඉඩ නොදිය යුතු බවත් අමාත්‍ය Giles අවධාරණය කළේය.
CEDA හෙවත් ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව යනු ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සහ සමාජය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම අරමුණු කරගත් ස්වාධීන බුද්ධි ආයතනයකි.
මේ සඳහා වන අදහස් ලබා ගැනීමේ සාකච්ඡා පත්‍රිකාවට අදාළ යෝජනා දෙසැම්බර් 15 වන දිනට පෙර ලබා ගැනීමට නියමිත අතර, විශේෂඥයින් පෙබරවාරි අග වන විට මේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබා දීමටත්, අවසාන වාර්තාව මාර්තු/අප්‍රේල් අග වන විට ලබා දීමටත් අපේක්ෂා කරයි.