විරෝධතාවක් අතරතුර සරණාගත අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු පැහැති තීන්ත වීසි කර තිබේ.
ඒ සිදුවීමත් සමග එවෙලෙහි අගමැති මොරිසන් සිටි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලෙන් ඔහුව වහා ඉවතට ගෙන පිටත් කර හැරීමට ක්වීන්ස්ලන්ත පොලිසිය කටයුතු කර තිබේ.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ඔස්ට්‍රේලියානු ජෛව ඉංජිනේරු විද්‍යාව හා නැනෝතාක්ෂණික ආයතනයේ කොටසක් ද රතු පැහැති තීන්ත ගලවා ඇති බව අදාළ ස්ථානයේ සිට සමාජ මාධ්‍ය වෙත යොමු කරන ලද ඡායාරූප වලින් පෙනී යයි.
මේ අතර ව්‍යාජ රුධිරයෙන් තෙත් කළ බැනරයක් මත "I'm sorry I came here by boat, I'm sorry for seeking safety" යනුවෙන් වැකියක්ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අදාළ ඡායාරූප වලින් දැක්වෙයි.

محافظ امنیتی در حال محافظت از دری که به روی آن بنر خونین معترضان چسپانده شده است. Source: AAP
සරණාගත අයිතිවාසිකම් සුරැකීම සඳහා කටයුතු කරන ක්‍රියාකාරීන් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට පැවසේ.