ගුවන් ගමනකදී ආසන සඳහා ඇතැම්විට ඔබේ යාබද අසුන්වල සිටින පුද්ගලයින් ඔබ ගෙවූ මුදලට වඩා ඉතා අඩු මුදලක් ඔවුන්ගේ ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති බව ඔබට බොහෝ විට අත්දකින්නට ලැබෙන්නට ඇත.
එසේ වන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබට එවිට කුතුහලයක් සහ සාධාරණ සැකයක් ඇතිවන්නට ද හැකිය.

Source: Flickr
ඇත්තෙන්ම එලෙස වීමට හේතු මොනවාද?
ඔබේ ගුවන් ටිකට් පත් ඔබ වෙබ් අඩවියක් හරහා ඇණවුම් කරන විට මෙවැනි තත්ත්වයකට බොහෝ දුරට මුහුණ දීමට ඔබට සිදුවීමට හැකිය.
ඔබේ ඇණවුම සිදුකරන දිනය සහ ඇණවුම් කරන්නේ කොහි සිටද යන්න ඊට ප්‍රධාන හේතු ලෙස දැක්වෙයි.
ඇත්තෙන්ම මෙය price discrimination හෙවත් මිල වෙනස්කොට සැලකීම ලෙස දැක්විය හැකිය.

Source: Flickr
Price discrimination
ගැණුම්කරුවෙකු ලෙස ඔබ ගෙවීමට අපේක්ෂා කරන මුදල විකුණුම්කරුවා අය කිරීම මෙහිදී සිදුවේ.
මන්ද මෙම ගනුදෙනු වලදී එක්තරා තැනකදී අනිවාර්යෙන්ම ගැනුම්කරුවාට ගනුදෙනු මිල අනුමත කිරීමට සිදුවන මොහොතක් එළඹීම අනිවාර්යය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ගුවන් ටිකට් පත් මිලට ගැනීමේදී Price discrimination
ගුවන් ටිකට් පත් මිලට ගැනීමේදී පෙර සඳහන් කළ Price discrimination ප්‍රධාන ආකාර දෙකකින් සිදුවිය හැකිය.
පහත සඳහන් ඒ දෙයාකාරයම සිදුවන්නේ යම් algorithms හෙවත් ගණිත රීති වලට අනුවය.
01. අදාළ ගුවන් සේවයේම නිල වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට් පත් අලෙවියේදී.
02. සංචාරක ඒජන්තවරයින් සහ මිල සංසන්දනය කරන වෙබ් අඩවි වැනි අතරමැදියන් හරහා ගුවන් ටිකට් පත් අලෙවියේදී.

Source: Flickr
මෙය සිදුවන්නේ කෙලෙසද?
වෙබ් අඩවි භාවිතා කරන්නෙකු (user) සහ වෙබ් අඩවිය අතර ඇතිවන අන්තර් සම්බන්ධතා cookies සහ අනෙකුත් උපක්‍රම මගින් අදාළ වෙබ් අඩවිය මතකයේ තබා ගනී.
ගුවන් ටිකට් පත් අලෙවිකරුවන් ගැනුම්කරුවා හට ගුවන් ටිකට් පතේ මිල තීරණය කිරීම සඳහා එම දත්ත භාවිතා කරයි.
උදාහරණයක් ලෙස එකම ගැනුම්කරුවා කිහිප විටක්ම අදාළ වෙබ් අඩවිය හරහා නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක ඇති ගුවන් ගමනක ටිකට් පත් මිල පරීක්ෂා කිරීමේදී එම වෙබ් අඩවිය එම දතත් ගබඩා කරගනියි.
එහිදී එම ගැනුම්කරුවා එකී දිනයේ සහ වේලාවන් ඇතුළතම තම ගුවන් ගමන යාමට උත්සාහ කරන බවට වෙබ් අඩවිය උපකල්පනය කරයි.
එනිසා බොහෝවිට ටිකට් පතේ මිල ක්‍රමයෙන් ඉහළ දැමීමක් සිදුවේ.

Source: SBS
Price discrimination නීත්‍යානුකූලද?
ලොව බොහෝ රටවල මෙන්ම ඔස්ට්‍රේලියාවේද මෙවනි අන්දමේ Price discrimination නීත්‍යානුකූලය.
සාමාන්‍යයෙන් විකුණුම්කරුවන් ගැනුම්කරුවන් මිලදී ගනු ඇතැයි සිතන මිලකින් තම භාණ්ඩයේ මිල ලකුණු කරයි.
ඔස්ට්‍රේලියාවේ සුලබව පවත්වන garage sales වලදී මෙය බහුලව දක්නට හැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
------------------------------------------------------------------------------------------------