ඔස්ට්‍රේලියාවේ සේවය කරන සේවකයින් හට නියමිත වැටුපට වඩා අඩුවෙන් ගෙවන හෙවත් වැටුප් සූරා කන හාම්පුතුන් හට දැඩි නව දඬුවම් පැනවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියානු කර්මාන්ත සම්බන්ධතා පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා වන යෝජිත නව නීති යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Source: Getty
අඩුවෙන් වැටුප් ගෙවන හාම් පුතුන්ට සිර දඬුවම් සහ දඩ
තම සේවකයින් හට දැනුවත්ව ඕනෑකමින් නියමිත වැටුපට වඩා අඩුවෙන් ගෙවන හාම්පුතුන් හට මෙම නව දඬුවම් යටතේ වසර 4 ක් දක්වා වූ සිර දඬුවම් සහ ඩොලර් මිලියන 1.1 ක දඩ මුදල් වලට යටත් වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත නව නීති යටතේ සිදුවේ.
මෙම නව නීති කෙටුම්පත හෙට (09/12) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර නොදැනුවත්වම වැරදි ලෙස හෝ වැරදි ගණනය කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස වැටුප් අඩුවෙන් ගෙවන සමාගම් වෙත අදාළ සේවක හිඟ වැටුප් වලට අමතරව ඩොලර් මිලියන 5.5 ක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
ඕනෑකමින් තමන්ගේ සේවකයින්ව සූරා කන සුළු සංඛ්‍යාවක හාම් පුතුන්ගෙන් අදාළ සේවකයින්ව ආරක්ෂා කරගැනීමට මෙම නීති වලට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Christian Porter පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික අවපාතයෙන් ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත්වීමේදී බාධාවක් විය හැකි සේවා ස්ථාන නීති වල ගැටලු විසඳීමේ උත්සාහයක් ලෙස මෙම සේවා ස්ථාන නීති ගෙන එන බව නීතිපති Christian Porter පවසයි.
ඒ අනුව ඕනෑකමින්ම සේවකයෙකු හට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට අඩුවෙන් වැටුප් ගෙවන හාම්පුතුන් හට මෙම නව නීති යටතේ වසර 5 ක් යනතුරු සමාගමක් මෙහෙයවිය නොහැකි වේ.
සේවක වැටුප් නිසි ලෙස ගෙවීම සඳහා හාම්පුතුන්ගේ අනුකූලතාවය ඉහළ නැංවීමට සිවිල් දඬුවම් ශක්තිමත් කිරීමට රජය උත්සාහ කරන බව Porter මහතා පැවසීය.
මෙම නව පියවර අනුව සේවා ස්ථාන නීති උල්ලංඝනය කිරීම් සඳහා සිවිල් දඬුවම් 50% කින් ඉහළ යනු ඇති අතර එක් පුද්ගලයෙකු සඳහා $19,980 ක් දක්වා ත් සමාගමකට $99,000 දක්වා ත් දඩ මුදල් නියම කෙරේ.

Attorney-General Christian Porter. Source: AAP
අර්ධ කාලීන සේවකයින් හට සුපුරුදු වැටුප් අනුපාතයට අමතර පැය
ආහාර සහ සිල්ලර ක්ෂේත්‍ර වල සේවය කරන ස්ථිර අර්ධකාලීන සේවකයින්ට අමතර පැය ගණනක් සේවය කරන විට අතිකාල ගෙවීම් අහිමි වීම වැළක්වීමට ද මෙම නව යෝජිත නීති හරහා පියවර ගෙන තිබේ.
ඒ වෙනුවට, ඔවුන්ගේ සුපුරුදු වැටුප් අනුපාතයට අමතර පැය ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.
බොහෝ ආහාර සහ සිල්ලර ක්ෂේත්‍ර වල සේවය කරන අර්ධ කාලීන සේවකයින් වැඩ කිරීමට අමතර පැය ගණනක් ලබාගැනීමට කැමති නමුත් ඉහළ ගාස්තු යටතේ කාර්ය මණ්ඩලයට ගෙවීමට ව්‍යාපාරිකයන් දක්වන අකමැත්ත නිසා එය කළ නොහැකි වීම බහුලව දකින්නට ඇති සිදුවීමකි.
මෙම යෝජිත නීති මගින් අර්ධ කාලීන සේවකයින්ව සේවයට බඳවා ගැනීමට සේවා ස්ථාන උනන්දු කෙරෙන බවද බලධාරීහු පවසති.
මෙම නීති කෙටුම්පත හෙට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් ඒ සඳහා ඡන්ද විමසීම ලබන වසර දක්වා නොපැවැත්වේ.