ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් හට විවිධ වර්ගයේ ආසාත්මිකතාවන් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.
එම ආසාත්මිකතා ඇතිවීමට ප්‍රධාන සාධකයක් ලෙස ආහාර හඳුනාගෙන තිබේ.
දැනට පවතින වාර්තා වලට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිහියන්ගෙන් 1-2% ප්‍රමාණයක් ද වයස අවුරදු 5 ට අඩු දරුවන්ගෙන් 4-8% ක ප්‍රමාණයක්ද මෙලෙස ආහාර ආසත්මිකතාවන්ට ගොදුරු වන බව allergyfacts වෙබ් අඩවිය පවසයි.
මීට අමතරව වයස අවුරුදු 1ට අඩු කුඩා දරුවන්ගෙන් 10% ක් සඳහා ආහාර ආසාත්මිකතාවන් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බවද නවතම දත්ත හෙළිදරව් කරයි.
දරුවන්ට ඇතිවන බොහෝ ආහාර ආසාත්මිකතාවන් එතරම් දරුණු නොවන අතර ඒවා කාලයත් සමග නැතිවී යයි.

Source: Getty Images
දරුවන්ට ආසාත්මිකතාවන් ඇති කරන ප්‍රධාන සහ සුලබ ආහාර පාන වර්ග
- බිත්තර
- රට කජු
- tree nuts
- එළ කිරි

Source: Getty Images
වැඩිහිටියන්ට ආසාත්මිකතාවන් ඇති කරන ප්‍රධාන සහ සුලබ ආහාර පාන වර්ග
- මාළු
- ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන් වැනි කබලු මුහුදු ආහාර
- තල
- සෝයි
- තිරිඟු
- රටකජු
- tree nuts

Source: AAP
එම අවස්තාවන් anaphylaxis හෙවත් අසංරක්ෂණත්වය ලෙස හැඳින්වේ.
දරුවන් අතර ඇතිවන ආසත්මිකතා බහුල ලක්ෂණයක් වන අතර බරපතල ආසාත්මිකතාවන් හට ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියාවේ රෝහල් වල හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තු සූදානමින් සිටියි.
ආහාර ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන මරණ ඉතා කලාතුරකින් වාර්තා වන අතර ඖෂධ හේතුවෙන් මෙන්ම කෘමීන් සපා කෑම් හේතුවෙන් ඇතිවන ආසාත්මිකතා, ආහාර ආසාත්මිකතා වලට වඩා මාරාන්තික බව හෙළිවී ඇත.

Source: Getty Images
ආහාර ආසාත්මිකතා වල ලක්ෂණ
- සමේ ලප ඇතිවීම
- තොල්, මුහුණ සහ ඇස් ඉදිමීම්
- දිව ඉදිමීම
- වමනය
- උදරීය වේදනාව
- ශ්වසන අපහසුතා
- නොනවත්වා පවතින කැරකිල්ල හෝ ක්ෂණික කලන්තය
අදාළ ආසාත්මිකතාවන් හට නිසි ප්‍රතිකාර නොකළහොත් මෙම ලක්ෂණ මාරාන්තික වීමට ඉඩ ඇති බවද සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------