බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.
ඔවුන් දෙදෙනාගේ ප්‍රථම ඔස්ට්‍රේලියානු නිල සංචාරය වන මෙහිදී ඔවුන් Dubbo, Melbourne සහ Fraser දූපත් වල නැවතීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
හැරී කුමරු සහ මේගන් කුමරිය පැසිෆික් කලාපයේ සති තුනක සංචාරයක් සඳහා ඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාවට ගොඩබැසීමට නියමිත අතර එහිදී ෆිජී දූපත්, ටොන්ගා දූපත් සහ නවසීලන්තයටද යාමට නියමිත බව වාර්තා වේ.
නව රාජකීය යුවලව පිළිගැනීමට තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

Source: AAP
හැරී කුමරු සහ මේගන් කුමරියගේ පැසිෆික් කලාප සංචාරයේ වැඩසටහන
October 16: Sydney, Australia
October 17: Dubbo, Australia
October 18: Melbourne, Australia
October 19-21: Sydney, Australia
October 22: Fraser Island, Australia
October 23 -24: Suva, Fiji
October 25: Nadi, Fiji and Nuku'alofa, Tonga
October 26: Nuku'alofa, Tonga and Sydney, Australia
October 27: Sydney, Australia
October 28: Wellington, New Zealand
October 29: Wellington and Abel Tasman, New Zealand
October 30: Auckland, New Zealand
October 31: Rotorua, New Zealand