SBS Radio 1, 2 සහ SBS Arabic24 වෙතින් භාෂා 60 කට අධික සංඛ්‍යාවක podcasts සහ ප්‍රවෘත්ති, ගුවන් විදුලි වැඩසටහන් සජීවීව හෝ on-demand ආකාරයෙන් සවන් දීමට නව පෙනුමක් ඇති SBS Radio app එක භාවිතා කරන්න.
SBS Radio app එක හරහා අපගේ සංගීත ගුවන්විදුලි නාලිකා වන SBS PopAsia, SBS PopDesi සහ SBS Chill වෙතද ඔබට සවන් දිය හැකිය.
Eyes on Gilead, NITV හි Take It Blak ඇතුළු ඉංග්‍රීසි භාෂාවෙන් යුත් SBS podcasts ද SBS Radio app එක හරහා ඔබට ශ්‍රවනය කළ හැකිය.

SBS Radio App - SBS Sinhala Source: SBS Radio App
SBS Radio app එක නොමිලයේ Download කරගන්න
iPhone ජංගම දුරකතන භාවිතා කරන්නන් සඳහා SBS Radio app එක App Store වෙතින් නොමිලයේ Download කරගත හැකිය.
Android ජංගම දුරකතන භාවිතා කරන්නන් සඳහා SBS Radio app එක Google Play වෙතින් නොමිලයේ Download කරගත හැකිය.
ඔබ සතුව දැනටමත් SBS Radio app එක තිබේ නම්, එය update කරගත යුතුවේ. ඒ සඳහා App Store එකට (iPhone භාවිතා කරන්නන්) හෝ Google Play එකට (Android භාවිතා කරන්නන්) ගොස් තිරයේ දිස්වන උපදෙස් අනුගමනය කරන්න.



Source: SBS Radio App
ඔබේ භාෂාවෙන් වන වැඩසටහන් සොයා ගන්නේ කෙසේද?
ඔබ මුලින්ම SBS Radio app එක විවෘත කළ විට, වැඩසටහන් සඳහා ඔබ කැමති භාෂාව හෝ භාෂාවන් තෝරන්න.
My Audio tab එක වෙතද ගොස් ඔබට භාෂාවන් තෝරා ගත හැකිය. ඉහළ දකුණු පැත්තේ ඇති settings icon එක ඔබන්න. ‘Language Preferences’ එක මත Tap කර ඔබ කතා කරන හෝ ඔබේ ප්‍රියතම භාෂා add කරගන්න.

Select languages under My Audio by tapping the settings icon. Source: SBS
SBS Radio app එක භාවිතා කිරීම
තිරයේ පතුලේ ඇති menu එක භාවිතයෙන් SBS Radio app එක පුරා ඔබට සැරිසැරීය හැකිය.
SBS ගුවන් විදුලි ජාලයේ නව අන්තර්ගතයන් සහ විශේෂාංග Home tab එක මගින් සොයාගත හැකිය.
Radio tab එක හරහා ඔබට සජීවීව ගුවන් විදුලියට සවන් දිය හැකිය. SBS Radio app එකේ ඉහළින්, ඔබේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන සොයා ගැනීමට වමට හෝ දකුණට swipe කරන්න.
ඔබේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන සොයා ගත් පසු එම වැඩසටහනේ මාර්ගෝපදේශයට (channel's guide) ප්‍රවේශ වීම සඳහා ඉහළ දකුණේ ඇති "see schedule” හෝ “see full schedule” මත tap කරන්න.
Playlist එකට ප්‍රවේශ වීම සඳහා, වාදනය වූ ගීතයක නම සහ කලාකරුවා බැලීමට "see full list” මත tap කරන්න.
සම්පූර්ණ පරාසයක විහිදුනු SBS podcasts සොයාගැනීමට Podcast tab එක මත tap කරන්න.
ඔබ follow කරන ඔබේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන සහ podcasts My Audio හරහා සොයාගත හැකිය.
ඔබගේ ප්‍රියතම වැඩසටහන් Follow කරන්න
ඔබගේ ප්‍රියතම වැඩසටහන් වලින් කිසිවක් මග නොහැරගන්න!
ඔබ ප්‍රිය කරන ගුවන් විදුලි වැඩසටහන Follow කිරීමට, Radio හෝ Podcast tab වලින් එම වැඩසටහන තෝරාගෙන එහි ඇති “follow” icon එක tap කරන්න.
ඉන්පසු ඒවා My Audio tab එකෙහි දිස්වේ. ඔබගේ notifications, Settings වලට ගොස් ඔබට පාලනය කළ හැකිය.

Discover podcasts in over 60 languages Source: SBS