ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ Tax return යොමු කිරීමේ අවසන් දිනය ඔක්තෝබර් 31 න් අවසන්, ATO එකෙන් සිහිපත් කිරීමක්

තමාගේ 2021–22 tax return එක යොමු කිරීමට අවසාන දිනය තෙක් බලා නොසිටින ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය බදු ගෙවන්නන් හට සිහිපත් කරයි.

The Australian Taxation Office at Lang Streetin Sydney on November 24, 2008. (AAP Image/Tom Compagnoni) NO ARCHIVING

The Australian Taxation Office at Lang Street in Sydney Source: AAP

ඔස්ට්‍රේලියාවේ 2021–22 මුල්‍ය වර්ෂය සඳහා වූ tax return එක හෙවත් ආදායම් බදු ප්‍රකාශ කිරීම එළඹෙන ඔක්තෝබර් 31 දක්වා සිදු කිරීමට හැකියාව ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වයි.

නමුත් තමාගේ 2021–22 tax return එක යොමු කිරීමට අවසාන දිනය තෙක් බලා නොසිටින ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය බදු ගෙවන්නන් හට සිහිපත් කරයි.

අදාළ දිනයට පෙර තමා පුද්ගලිකව හෝ ලියා පදිංචි බදු නියෝජිතවරයෙකු හා සම්බන්ධ වී හෝ අදාළ කටයුතු සිදු කරන ලෙසට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කරයි.

LISTEN TO
What are the common mistakes, which you are doing in your annual Tax Claim? image

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික බදු සැකසීමේ ක්‍රියාවලියේදී බදු ගෙවන්නන් විසින් පොදුවේ සිදු කරන වැරදි ගැන දැන ගනිමු.

SBS Sinhala

08:51

සැප්තැම්බර් මස තෙක් tax return එක යොමු කළ පිරිස

2022 සැප්තැම්බර් අග වන විට මිලියන 8.3 කට අධික බදු ගෙවන්නන් ඔවුන්ගේ 2021–22 බදු වාර්තාව ගොනු කර ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.

පසුගිය වසරේදී, ඔක්තෝබර් 31 වන විට මිලියන 9.6 කට වැඩි පිරිසක් ඔවුන්ගේ 2020-21 බදු වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

LISTEN TO
How do you get the tax relieves given in the 2022-23 Australian budget? image

SBS සිංහල වැඩසටහන: 2022-23 ඔස්ට්‍රේලියානු අය වැයේ බදු සහන ඔබට ලැබෙන්නේ කොහොමද?

SBS Sinhala

10:32

තමන්ගේ වාර්ෂික ආදායම් බදු වාර්තාව යොමු කිරීමට විකල්ප ගණනාවක් පවතින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පවසයි.

“සරල ආදායම් බදු ඇති පුද්ගලයින්ට අප විසින් නොමිලේ සපයන myTax සේවාව හරහා විනාඩි 30කට අඩු කාලයකින් තමන්ගේ tax return එක යොමු කළ හැකියි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

"ඔබට අවශ්‍ය තොරතුරු බොහොමයක් දැනටමත් එහි තිබෙනවා, ඒවා නිවැරදි දැයි පරීක්ෂා කරන්න, අමතර ආදායමක් තිබේනම් ඒවා එකතු කරන්න, ඔබ සුදුසුකම් ලබන වියදම් අඩු කරන්න." යනුවෙන් ඔහු තවදුරටත් myTax සේවාව පිළිබඳ පැහැදිලි කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
යම් පුද්ගලයෙකුට තමන්ගේ tax return එක සකස් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය නම්, අදාළ පුද්ගලයාට ලියාපදිංචි බදු නියෝජිතයෙකු සමඟ එක්ව එම කටයුතු සිදුකළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh සඳහන් කරයි.

"ඔබ පළමු වරට ලියාපදිංචි බදු නියෝජිතයෙකු භාවිතා කරන්නේ නම්, හෝ පසුගිය වසරේ සම්බන්ධ කරගත් ලියාපදිංචි බදු නියෝජිතයා වෙනුවට වෙනත් අයෙකු භාවිතා කරන්නේ නම්, ඔබ ඔක්තෝබර් 31 වන විට ලියාපදිංචි බදු නියෝජිතයා සමඟ සම්බන්ධ විය යුතුය." යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ATO figures show that as at the end of September, over 8.3 million taxpayers have lodged their 2022 tax return.
Source: Getty / Getty Images

බදු කටයුතු සඳහා උපකාර කිරීමට නොමිලේ වැඩසටහන්

ආදායම් බදු කටයුතු සඳහා උපකාර අවශ්‍ය බදු ගෙවන්නන්ට සහාය වීමට නොමිලේ වැඩසටහන් ද ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැනුම් දෙයි:

Tax Help වැඩසටහන

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ Tax Help වැඩසටහන පුහුණු ස්වේච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබන අතර සරල බදු කටයුතු ඇති වසරකට ඩොලර් 60,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන බදු ගෙවන්නන් හට මෙහි සේවාව ලබා ගත හැකිය.

National Tax Clinic program

National Tax Clinic වැඩසටහන යනු තමන්ගේ බදු කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් සහ නියෝජනයක් ලබා ගැනීමට නොහැකි වන බදු ගෙවන්නන්ට, කුඩා ව්‍යාපාරවලට, ලාභ නොලබන සංවිධානවලට සහ පුණ්‍යායතනවලට උපකාර කිරීම සඳහා රජයෙන් අරමුදල් සපයන වැඩසටහනකි. මෙය ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විසින් පවත්වාගෙන යනු ලබන අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සහාය දක්වන වැඩසටහනකි.



Share
Published 12 October 2022 8:23am
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends