Dementia රෝගය ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයකට පමණ මේ වනවිට තර්ජනයක් බවට පත්ව තිබේ. ඉදිරි වසර 25 තුළ එම සංඛ්‍යාව දෙගුණයක් වීමේ අවධානමක් පවතින අතර බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඉදිරි වසරවලදී තම පවුලේ අය සහ මිතුරන් අතර Dementia රෝගයේ බලපෑම අත්විඳීමට පටන් ගන්නා බව අනාවරණය වී තිබේ.
මෙම මස 21 දින සිට 27 දින දක්වා යෙදී තිබෙන "Dementia Action week" මගින් මෙවර අවධානය යොමු කොට ඇත්තේ Dementia රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර ගණනාවක් හොඳින් ජීවත් වීමේ හැකියාව ලබා දීම යන්න සඳහායි.
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින COVID-19 වෛරසය නැවත ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය දැඩි සීමා පැනවූ අතර මේ හේතුවෙන් වැඩිහිටි සත්කාරක සේවා මධ්‍යස්ථාන තුල දැඩි සීමා ස්ථාපිත කිරීමද සිදු විය.මෙම තත්වය මත අභියෝග සඳහා සඳහා මුහුණ දෙමින් සිටින පවුල් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කල ජාතික වයස්ගත පර්යේෂණ ආයතනයේ සමාජ ප්‍රවේණි විද්‍යා අධ්‍යක්‍ෂ, සහකාර මහාචාර්ය Bianca Brijnath සඳහන් කරන්නේ ඇතැම් සංක්‍රමණික පවුල් සිය වැඩිහිටි සාමාජිකයින් වැඩිහිටි සේවා මධ්‍යස්ථාන තුලින් ඉවත් කිරීම සඳහා පියවර ගත් බවයි. නමුත් එම තීරණය ගැනීමට පෙර තම වැඩිහිටි පවුල් සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකලයුතු බව Bianca Brijnath අවධාරණය කර සිටී.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සත්කාරක සේවා මධ්‍යස්ථාන තුල සිටිය යුතු සිය වැඩිහිටි පවුල් සාමාජිකයින් නිවසෙහි තබාගැනීම ඔවුන්ගේ සෞක්‍යයට දැඩි තර්ජනයක් වන අතර විශේෂයෙන්ම Dementia රෝගයෙන් පෙලෙන වැඩිහිටියන් මගින් ඔවුන්ට මෙන්ම ඔබටත් අවධානමක් පවතින බවයි.
Lockdown තත්වය පවතින කාලසීමාව තුලදී Dementia රෝගය පවතින තම වැඩිහිටි පවුල් සාමාජිකයින් තම නිවාස තුල තබාගැනීම මගින් එම වැඩිහිටි සාමාජිකයින් මෙන්ම ඔවුන් රැකබලාගන්නන් දැඩි ආතතියකට පත්වන බවට අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් සිය වැඩිහිටි පවුල් සමාජිකයා තම නිවසට ගෙන්වාගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් හොඳින් සුදානම් වියයුතු අතර ඔබට ප්‍රාන්ත රජය මගින් ලබාගතහැකි උපකාර පිළිබඳව වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් විය හැකිය. කෙසේ නමුත් ඊට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස ජාතික වයස්ගත පර්යේෂණ ආයතනයේ සමාජ ප්‍රවේණි විද්‍යා අධ්‍යක්‍ෂ, සහකාර මහාචාර්ය Bianca Brijnath සඳහන් කර සිටී.

Source: Getty Images/FG Trade
වැඩිහිටි පුද්ගලයකු රැකබලාගැනීමේ හැකියාව සහ ශක්තිය ඇති බවට සහතික කිරීම සඳහා ස්වයං රැකවරණය අවශ්‍ය අතර හැකි සෑම අවස්ථාවකදීම සෙසු ඥාතීන්ගේ සහාය ලබාගැනීම යෝග්‍ය බව Bianca Brijnath පෙන්වා දෙයි. එමෙන්ම Lockdown තත්වය තුල ඇතැම් අවස්ථාවන්හිදී බාහිර පවුල් සාමාජිකයකුගෙන් උපකාර ලබාගැනීමට හැකියාව පවතින අතර බොහෝ අවස්ථාවන්හිදී ව්‍යාප්ත පවුල් හි සිටින සෙසු සාමාජිකයින් විසින්, Dementia රෝගය පවතින වැඩිහිටි පවුල් සාමාජිකයින්ව නොකඩවා රැකබලාගැනීම සිදුකරන බව සිය පර්යේෂණ මගින් හෙළිව ඇතැයිද Bianca Brijnath පවසයි.
COVID-19 වසංගතය වැඩිහිටි සත්කාරක සේවා මධ්‍යස්ථාන තුල සේවයෙහි නිරතවන නිලධාරීන් හට සහ වැඩිහිටි සේවා ලබාගන්න පිරිසගේ පවුල්වල සාමාජිකයන් හට පමණක් නොව Dementia රෝගයෙන් පීඩා විඳින වැඩිහිටි සත්කාරක සේවාව ලබන පිරිසටද දැඩි අභියෝගයක් එල්ල කොට ඇතැයි Dementia Australia හි ප්‍රධාන විධායක නිලධාරී Maree McCabe පවසයි.

Source: Getty Images/FG Trade
පවතින වසංගතය හේතුවෙන් වැඩිහිටි සත්කාරක සේවා මධ්‍යස්ථාන තුල පවතින දැඩි නීති හේතුවෙන් බොහෝ දෙනෙකුට සිය සාමාජිකයින් දැකබලාගැනීමේ හැකියාව අහිමි වී තිබේ. Dementia රෝගය පවතින බොහෝ දෙනෙකු හට ඔවුන් පෙර සිදුකල බොහෝ දේ සිදුකිරීමට පවතින හැකියාව ක්‍රමයෙන් අහිමි වන අතර අවාසනාවකට මෙන් එම හැකියාව නැවත යත තත්වයට පත්වීමක් සිදු නොවේ.
මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කල Maree McCabe සඳහන් කරන්නේ සමාජයේ සිටින බොහෝ Dementia රෝගීන් හට මෙම තත්වය පවතින අතර පෙර සිදු කල කටයුතු මේ වන විට සාමාන්‍ය ලෙස සිදුකිරීමට පවතින නොහැකියාව මත එම පිරිස සමාජය තුල ගැවසීමට බියක් දක්වන බවයි.
COVID-19 වසංගතය හමුවේ නිරෝධායනය වීමට සිදුවීම මත බොහෝ වැඩිහිටි සත්කාරක සේවා මධ්‍යස්ථාන තුල සිටි සේවකයින් %80 ක් හෝ %100ක් අහිමිව යාම සහ සහන සේවකයින් Dementia රෝගය පවතින වැඩිහිටියන් පිළිබඳව අවබෝධයක් නොතිබීම එම මධ්‍යස්ථාන සඳහා දැඩි අභියෝගයක් එල්ල කොට තිබේ.
Dementia Australia හි ප්‍රධාන විධායක නිලධාරී Maree McCabe පෙන්වා දෙන්නේ වැඩිහිටි සත්කාරක නිවාස තුල සිටින පුද්ගලයින් පිළිබඳව වැඩි දැනුමක් සෙසු පිරිස තුල පැවතීම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බෙහෙවින් ඉවහල් වන බවයි. තමන් කොරෝනා වෛරසයට නිරාවරණය වී නොමැති සහ කොරෝනා වෛරසය වැළඳුනු පුද්ගයකු සමග සම්බන්ධතා නොපවත්වා ඇති බවට එම මධ්‍යස්ථාන තුල පවතින ප්‍රතිපත්ති ප්‍රකාශයන් අත්සන් කිරීම මගින් සිය සමාජිකයා බැලීම සඳහා සෙසු පවුල් සාමාජිකයින් හට අවස්ථාව හිමි වේ.
Dementia රෝගයෙන් පෙලෙන සිය වැඩිහිටි පවුල් සමාජිකයා හට මේ වන විට පවතින භයානක තත්වය පිළිබඳව කිසිදු ඒත්තුගැන්වීමක් සිදු නොකොට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බොහෝ දෙනා පියවර ගෙන ඇතැයි Maree McCabe පවසයි. ඇය පෙන්වා දෙන්නේ එම කාර්යය සිදුකලයුත්තක් වන අතර වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ සිටින තම වැඩිමහල් පවුල් සාමාජිකයාගේ යහපැවැත්ම පරීක්ෂා කිරීම සහ සන්නිවේදනය කිරීම නිතිපතා සිදුකරන ලෙසයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේස්ත්රයේ සිය රැකියාව සිදුකරන Edgard Proy සඳහන් කරන්නේ පැවති වාතාවරණය හමුවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි සිය දෙමාපියන් බැලීම සඳහා තමාට අවසර හිමි නොවූ බවයි. නමුත් තමන් ඔවුන්ව රැකබලාගන්නා ලෙස සඳහන් කිරීමෙන් අනතුරුව දැඩි සනීපාරක්ෂක නීති මධ්‍යයේ සතියකට දෙවතාවක් සිය දෙමාපියන් බැලීමට එම මධ්‍යස්ථානයේ කළමනාකරු අවසර දී තිබේ.

Source: Getty Images/RyanJLane
තමන් තුන් වරක් කොරෝනා වෛරය සඳහා පරීක්ෂණයන්ට බදුන් වූ අතර සිය දෙමාපියන් බැලීමට යන සෑමවිටම පිරිසිදු වීමට වගබලාගත් බවද ඔහු පවසයි. සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන මරණ අතුරින් %95ක් පමණ වැඩිහිටි පුද්ගල මරණ ලෙස වාර්තා වද්දී සිය දෙමාපියන් මෑතකදී ඔවුන්ගේ 54 වැනි සංවත්සරය සැමරූ බවද ඔහු සඳහන් කොට සිටී.
තම දෙමාපියන්ගේ ඉතිරිකිරීම් මගින් මෙම කටයුතු සඳහා මුදල් යෙදවීම සිදුවන අතර ඔවුන් හට රජයෙන් අරමුදලක් නොලැබෙන් හෙයින් දෙමාපියන්ගේ වගකීම තමන් ගත් බව පෙන්වා දෙන Edgard Proy කියා සිටින්නේ හිටපු සත්කාරක උපදේශිකාවක වන සිය මවට Dementia රෝගය පවතින බවයි. නමුත් ඇය පෙර සිටි සත්කාරක මධ්‍යස්ථානයේ පැවති නිලධාරී හිඟය හේතුවෙන් ඇයට දැඩි ලෙස "රසායනික ඖෂධ" ලබාදී ඇති බව සොයාගැනීම Edgard Proy හට කම්පනයක් ගෙන දී තිබේ.
COVID-19 වසංගතයට පෙරද Dementia රෝගීන්ට "රසායනික ඖෂධ" ලබාදීම සාමාන්‍යයෙන් සිදු කොට ඇති අතර වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන වල සිටින සාමාජිකයින්ගෙන් %32කට පමණ anti psychotic ඖෂධ ලබාදෙන බවට අධ්‍යයන වලින් හෙළිව ඇති බව Human Rights Watch සංවිධානය පෙන්වා දේ.
තම මව මේ වන විට කුඩා දරුවකු සේ හැසිරීමට පටන්ගෙන ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලික රැකවරණය සඳහා ඇය යොමු කිරීමට තීරණය කල බව Edgard Proy සඳහන් කරයි.
නිවාස තුල වැඩිහිටි පුද්ගලයින් ආරක්ෂා කිරීමේ පැකේජහි සාමාන්‍ය සත්කාර සඳහා මාස 7 ක් සහ ඉහල මට්ටමේ සත්කාර සඳහා මාස 34ක කාලයක් වැනි දිගු කාලයක් එය ලබාගන්නන් හට බලා සිටීමට සිදුවන බව ඵලදායිතා කොමිෂන් සභාවේ නවතම දත්ත පෙන්වා දෙයි.
නිවාස තුල වැඩිහිටි පුද්ගලයින් ආරක්ෂා කිරීමේ පැකේජ ලබාගැනීම සඳහා මෙලෙස දිගු කාලයක් ගතවීම හේතුවෙන් විවධ සංස්කෘතික පසුබිම්හි සිටින පුද්ගලයින් Dementia රෝගය පවතින සිය වැඩිහිටි සාමාජිකයින් නිවසේ තබාගැනීමට කටයුතු කරන බව සහකාර මහාචාර්ය Brijnath පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම පැකේජ සඳහා දිගු කලක් ගත වීම හේතුවෙන් සිය වැඩිහිටි පවුල් සාමාජිකයින් නිවසේ තබාගැනීමට සම්පත් සහ හැකියාව තිබේනම් එහි වරදක් නොපවතින බවයි.
තම දෙමාපියන් හට හැකි හොදම රකවරණය ලබාදෙන මෙන් දිගින් දිගටම සිදුකරන ඉල්ලීම් හේතුවෙන් තම කරදරකාරයකු ලෙස පුද්ගලික රැකවරණ නිලධාරීන් හඳුන්වන අතර පවතින දැඩි නීති පිළිබඳව පෙන්වා දෙමින් Edgard Proy සෙසු පුද්ගලයින් හට සඳහන් කරන්නේ ඔබ නීතිඥවරයකුගේ සහාය ගතහොත් ඔබේ වැඩිහිටි සාමාජිකයින් බැලීමටඑම සත්කාරක සේවා මධ්‍යස්ථාන තුලට යාමේ හැකියාව පවතින බවයි. එමෙන්ම වැඩිහිටි සේවා මධ්‍යස්ථාන තුල නීතීන් පැවතුනද සන්නිවේදනය සඳහා සෑම විටම ඉඩක් පවතින බව ඔහු පෙන්වා දේ.
Dementia රෝගය සඳහා හේතු විය හැකි සෙසු රෝග 100ක් පමණ පවතින අතර Dementia රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ගෙන් %70 ක් පමණ දෙනා හට එය වැළඳීමට Alzheimer රෝගය හේතු වී තිබේ.

Source: Getty Images/Geber86))
මතක ශක්තිය අහිමි වීම මෙහි පවතින ප්‍රධානතම රෝගලක්ෂණය වන අතර සිය වැඩිහිටි සාමාජිකයින්ගේ පවතින අක්‍රමවත් හැසිරීම පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස Maree McCabe සඳහන් කරයි.
මෙම රෝගය සමග පුද්ගලයන් ඔවුනට අවේනික නොවන දේවල් කිරීමට පටන් ගන්නා අතර ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන් කිසිවක් කිරීමට ආශාවක් නොමැතිවීම මත උදාසීන විය හැකිය.
වැඩි විස්තර සඳහා 1800 100 500 අංකයෙන් හෝ 1800 951 822 අංකයෙන් අමතන්න.
Dementia රෝගයෙන් පෙලෙන ඔබේ වැඩිහිටි පවුල් සාමාජිකයා රැකබලා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට, Dementia දැනුවත් කිරීමේ සතිය තුළ සැප්තැම්බර් 21 සිට 27 දක්වා දිනපතා උපදෙස් සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.
භාෂා සහාය සඳහා, 13 14 50 ඔස්සේ National Translating and Interpreting සේවාව ඇමතීම මගින් ඔබේ භාෂාවෙන් සේවා සහය ලබාගත හැකියි.