ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ මූලික අදියරට තවත් කලාපයක් තෝරාගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය මෙම DAMA වැඩසටහන සඳහා තෝරාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Immigration Minister David Coleman. Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය
DAMA වැඩසටහනට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය ඇතුලත් කිරීමෙන් එම කලාපයේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
මෙම තීරණයත් සමග DAMA වැඩසටහනේ මූලික අදියරට එක්වන ප්‍රථම කලාප අතරට Orana කලාපයද එක්වනු ඇත.
මීට පෙර Warrnambool ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය සහ Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවේ Goldfields කලාපය මෙම DAMA වැඩසටහනේ මූලික අදියරට එක් කළ කලාප විය.
ඒ අනුව Orana කලාපයේ ඇති කෘෂිකාර්මික, සෞඛ්‍ය, hospitality සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර වල ඇති ශ්‍රම හිඟය පිරවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන යටතේ Dubbo සහ Mid-Western ප්‍රදේශීය සභා මෙන්ම Bogan, Bourke, Brewarrina, Cobar, Coonamble, Gilgandra, Narromine, Walgett, Warren සහ Warrumbungle ප්‍රදේශද ආවරණය වන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම තීරණය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතියේ Orana කලාපයේ සභාපති John Walkom තම ප්‍රසාදය පළ කර තිබේ.
ඉදිරි වසර 5 පුරාවට ඩොලර් බිලියන 7.9 ක ව්‍යාපෘති Orana කලාපයේ සැලසුම් කර ඇති බවත් එම කලාපයේ රැකියා 5000 ක් පමණ අලුතින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

Large Group of Diverse People with Different Occupations Source: Getty Images
Designated Area Migration Agreement (DAMA)
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.
එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය, Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න්, පර්ත්, ගෝල්ඩ් කෝස්ට් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට මේ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබේ.
ඊට අමතරව ඒ ඒ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පුරවා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමද මෙහි මූලික ඉලක්කය වී තිබේ.
එමෙන්ම ආර්ථික සංවර්ධනයක් ඇති කරන අතරේම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන පාලනයක් සිදුකිරීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
DAMA වැඩසටහන යටතේ පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද ඉඩ සැලසෙන නමුත් මෙය ආරම්භ කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------