Highlights
- ඔස්ට්‍රේලියාව පුරා මිලියන සංඛ්‍යාත පාසල් සිසුන් යළි පාසල් යාම ආරම්භ කිරීම නිසා ඉදිරි සති කිහිපය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- සිසුන් මේ සතියේ නැවත පාසල් යාම ඇරඹු බැවින් පාසලට පෙර සහ පසු සත්කාර වියදම් සඳහා උපකාර කිරීමට NSW ප්‍රාන්තයේ දෙමාපියන්ට සෑම ප්‍රාථමික පාසල් ළමයෙකු සඳහාම $500 වවුචරයක් ලැබෙනු ඇත.
- වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වලට වායු පිරිපහදු යන්ත්‍ර 50,000කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ගුරුවරුන්ට එළිමහනේ පන්ති පැවැත්වීම සඳහා සෙවනදෙන ටෙන්ට් රෙදි 300ක් ද ලබා දී ඇත.
- ක්වීන්ස්ලන්තයේ යළි පාසල් ආරම්භ කළ පසු ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනඅතර සිසුන් රැස්කරන විශාල රැස්වීම් අත්හිටුවනු ඇත. එමෙන්ම අසනීප සිසුන් සහ ගුරුවරුන් සඳහා rapid antigen පරීක්ෂණ (RAT) සඳහා ක්‍රියා පටිපාටියක් හඳුන්වා දෙනු ඇත.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් lockout කිරීම අද සිට ආරම්භ වේ. ඒ අනුව අද සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අවන්හල්, ආපනශාලා, මත්පැන් හල්, ක්ෂණික ආහාර අලෙවිසැල්වල ආහාර පාන ගන්නා පාරිභෝගිකයින් තමන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති බවට වූ සාක්ෂි ඉදිරිපත් කළ යුතු වේ. මෙම නීතිය රජයේ සහ පුද්ගලික රෝහල්වලට, aged care මධ්‍යස්ථානවලට මෙන්ම කැසිනෝ, සිනමා ශාලා, play centres වැනි විනොද්සවාදය සපයන ගෘහස්ථ ස්ථානවලටද අදාළ වේ.
- NSW ප්‍රාන්ත රජය සති අන්තයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ඩොලර් බිලියන 1 ක ආර්ථික උපකාරක පැකේජයක් එළිදක්වන ලදී. ඒ හරහා සිය සතිපතා වැටුප් ලේඛනයෙන් 20% ක මුදලකට සතියකට උපරිම $5000 දක්වා සුදුසුකම් ලත් ව්‍යාපාරවලට එකවර ගෙවන මුදලක් ලැබේ.
- පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි Omicron ප්‍රභේදයේ වඩාත් බෝවන ප්‍රභේදයක් ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇතත් එය වඩාත් දරුණු ප්‍රභේදයක්දැයි කීමට දැනට ඉක්මන් වැඩි බව පවසා තිබේ.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 13,026 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 27 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,779 ක් රෝහල්ගත කර ඇති අතර 185 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 10,053 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 873 ක් රෝහල්ගත කර ඇති අතර 102 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 504 ක් වාර්තා වේ. මෙය ජනවාරි මුල සිට ප්‍රාන්තයේ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
සංචාරය කිරීම සම්බන්ධයෙන්
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න: