COVID 19 update 02 November: කොවිඩ් එන්නත නොලද NSW වැසියන්ට නිදහස ලබාදීම තවත් කල් යයි

2021 නොවැම්බර් 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mashabiki wajumuika wakati wa mchuano wa Melbourne Cup, katika uwanja wa mashindano ya farasi wa Flemington Racecourse, Melbourne.

Mashabiki wajumuika wakati wa mchuano wa Melbourne Cup, katika uwanja wa mashindano ya farasi wa Flemington Racecourse, Melbourne. Source: AAP

ප්‍රාන්ත යළි විවෘත කිරීමේ නීති

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ප්‍රාන්තවාසීන්ට දෙසැම්බර් 01 වනදා සිදු කිරීමට නියමිත කොවිඩ් නීති ලිහිල් කිරීම නොවැම්බර් 08 දා කිරීමට NSW ප්‍රාන්තය තීරණය කරයි.
  • කායවර්ධන මධ්‍යස්ථාන සහ නර්තන පන්ති හැරුනුකොට අනෙකුත් සියලුම ව්‍යාපාරික ස්ථානවල පාරිභෝගිකයින්ගේ උපරිම සීමාවන් NSW ප්‍රාන්තය ඉවත් කරයි. දෙසැම්බර් 01 වනදා තෙක් ගෘහස්ත ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • NSW ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින්ට කොවිඩ් නීති ලිහිල් කිරීම දෙසැම්බර් 15 තෙක් කල් දමයි.
  • යන්න පිළිබඳ උපදෙස් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරයි.
  • නොවැම්බර් 23 දා සිට අනෙකුත් ප්‍රාන්ත සඳහා පනවා තිබූ ප්‍රාන්ත සීමා නීති දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඉවත් කෙරෙන අතර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය විය යුතු කාලය දින 7 කට අඩු කෙරේ.

කොවිඩ් එන්නත ලබා දීම

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 989 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 173 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හමුවී තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන්  කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා  වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share
Published 2 November 2021 2:30pm
Updated 12 August 2022 3:01pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends