ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 25 ක් වාර්තා වී තිබේ. ඊට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 9 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 8 ක්ද ඇතුළත් වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ප්‍රථම වරට Deltacron රෝගීන් වාර්තා කර ඇත. Deltacron යන Delta සහ Omicron උප ප්‍රභේදවල දෙමුහුමකි.
කොවිඩ් පරීක්ෂණ සාම්පලවල තුනකටම Delta/Omicron BA.1 මිශ්‍ර ආසාදන ඇති බවත්, හතරකට Omicron BA.1/BA.2 මිශ්‍ර ආසාදන ඇති බවත් NSW Health කොවිඩ් දත්ත පෙන්වා දෙයි.
COVID-19 වසංගතය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා රාජකීය කොමිසමක් පිහිටුවන ලෙසට සෙනෙට් කමිටුවක් නිර්දේශ කර තිබේ. කම්කරු පක්ෂය මෙහි මුලසුන ගෙන ඇති අතර එම සෙනට් කමිටුවෙන් නිර්දේශ 19 ක් ඉදිරිපත් කර තිබේ.
රෝග පාලනය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයක් පිහිටුවීම, වසංගත සූදානම පිළිබඳව මධ්‍යම රජය සෑම වසර දෙකකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවශ්‍ය වීම සහ aged care සඳහා COVID-19 හි බලපෑම පිළිබඳ විශේෂඥ සමාලෝචනයක් කිරීම අදාළ කමිටුවේ අනෙකුත් නිර්දේශ අතරට ඇතුළත් විය.
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.