Highlights
- කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඩොලර් මිලියන 21 ක පැකේජයක් නිවේදනය කරයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොව්ඩ් ආසාදිතයින් වැඩිවීම කෙරෙහි වැඩි අවධානයක්.
- කොවිඩ් නීති ලිහිල් කරන බවට ACT රජය නිවේදනය කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,749 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 89.4% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 67.2% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 21 ක පැකේජයක් ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.
වැඩිපුර තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීම, ප්‍රවාහන කටයුතු සහ කොවිඩ් එන්නත්කරණයට අදාළව ප්‍රජාවන්ට අවශ්‍ය ඕනෑම විකල්පයක් ලබා දීම ඊට ඇතුළත් වේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ් එන්නත්කරණයේ ද්විත්ව මාත්‍රා ලබාගත් පිරිසේ 70% ඉලක්කය කරා ළඟාවූ විට ප්‍රාන්තයේ කොවිඩ් නීති සංශෝධනයේදී හුදකලා වීමේ කාලය කෙටි කිරීමට අපේක්ෂා කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 273 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 12 - 15 අතර දරුවන්ගෙන් 75% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අතර 35.5% ක් දෙවැනි මාත්‍රාව ද ලබා තිබේ.
මෙන්ම වයස අවුරුදු 16 ට වැඩි ප්‍රාන්ත ජනගහනයෙන් මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය 80% මට්ටම ඉක්මවා ගොස් ඇත.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොව්ඩ් ආසාදිතයින් වැඩිවීම වැඩි අවධානයක් යොමු කළ යුතු සිදුවීමක් බවත් එනිසාම මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් ඉක්මණින් එන්නත ලබා ගැනීම සිදුකරන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 24 ක් වාර්තා වන අතර ඉන් 21 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.
ACT හි වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසෙන් 80% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම නිසා කොව්ඩ් නීති ලිහිල් කරන බව ACT ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනය කළේය.
ඒ අනුව ඔක්තෝබර් 21 වනදා රාත්‍රී 11:59 සිට අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලැබේ.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
කොවිඩ් එන්නත්කරණයේ 70%, 80% සහ 90% මට්ටම් වලට පැමිණි පසු දේශීය සහ ජාත්‍යන්තර සංචාර සඳහා ක්වීන්ස්ලන්තය විවෘත කිරීමේ සැලසුම අද එළිදැක්විණි.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් සහ
- වික්ටෝරියා , සහ
- ACT සහ
- NT සහ
- ක්වීන්ස්ලන්තය සහ
- දකුණු ඔස්ට්‍රේලියාව සහ
- ටස්මේනියා සහ
- බටහිර ඔස්ට්‍රේලියාව සහ
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න: