Highlights
Omicron කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 6 වන ආසදිතයාද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබේ. පසුගිය සතියේ සිඩ්නි නුවරට පැමිණි අදාළ ගුවන් යානයේම මෙම පුද්ගලයා පැමිණ ඇති අතර ඔහු 40 වන වියෙහි පසුවන බව සඳහන්.
Omicron ප්‍රභේදයේ තර්ජනය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.
මේ අතර නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට ඇතුළු වන සියලුම ජාත්‍යන්තර සංචාරකයින් පැය 72ක් හුදෙකලා වී කොවිඩ් පරීක්ෂණයක් කළ යුතුය. නිව් සවුත් වේල්ස් වෙත පැමිණීමෙන් පසු හයවන දින දෙවන කොවිඩ් පරීක්ෂණය කරගත යුතුය. එමෙන්ම නිරෝධායනය අවසන්ව ගිය පසු පවා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ පස්වන සහ හත්වන දින අතර දෙවන කොවිඩ් පරීක්ෂණය කරගත යුතුය.
Omicron ප්‍රභේදය නිසා අවදානම් රටවල් ලෙස නම් කර ඇති දකුණු අප්‍රිකානු රටවල්වලින් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වෙත ඇතුළු වන සියලුම සංචාරකයින් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය වේ.
නිරෝධායන හෝ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වන අය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය දඩ මුදල ඩොලර් 1000 සිට ඩොලර් 5000 දක්වා වැඩි කර ඇත. අදාළ නීති උල්ලංඝනය කරන ආයතන සඳහා දඩ මුදල ඩොලර් 10,000 දක්වා දෙගුණ කර ඇත.
COVID-19 සංඛ්‍යා දත්ත
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,179 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 251 ක් හමුවී ඇත.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ
සංචාරය කිරීම සම්බන්ධයෙන්
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න: