Highlights
- NSW ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට පවතින lockdown තත්වය අගෝස්තු 28 දක්වා දීර්ග කෙරේ
- වික්ටෝරියා ප්‍රාන්තය lockdown කිරීමේ දින 200ට එළඹී ඇති අතර ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින් ඉහලට
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් ආසාදිතයින් 9ක්
- ක්වීන්ස්ලන්තයෙන් සහ නොදර්න් ටෙරිටරියෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 681 ක් හමුවී තිබේ.
ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 87 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිට ඇති බවට විශ්වාස කෙරේ.
ප්‍රාන්තයෙන් පසුගිය පැය 24ක කාලයේදී කොරෝනා මරණයක් වාර්තා වන අතර ඒ අනුව ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත මරණ සංක්‍යාව 61ක් වේ.
Merrylands, Guildford, Auburn, Granville, Lidcombe, Greenacre සහ Blacktown යන උප නගර වලින් ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය වන Gladys Berejiklian පැවසුවාය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවී තිබේ.
එමගින් ආසාදිතයින් තිදෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.
එමෙන්ම අදාළ ආසාදිතයින්ගෙන් 13 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.
ඊසානදිග වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ සහ මෙල්බර්න් හි Ardeer ප්‍රදේශයේ අපජලයේ තිබී කොරෝනා වෛරස කොටස් හමුවූ බව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Ben Cowie පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබේ.
එමගින් ආසාදිතයින් 5 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.
මේ වනවිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටින බව වාර්තා වේ.
මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් අතර කැන්බරා හි light rail, බස් මාර්ග, Turner හි මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ Belconnen හි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවතී.
පසුගිය පැය 24ක කාලය තුලදී
- ග්‍රේටර් ඩාවින් හි lockdown කිරීම ඉවත් කලද .
- Katherine ප්‍රදේශයේ lockdown තත්වය අගෝස්තු 20 සිකුරාදා දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ.
- NSW සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත දේශසීමා සඳහා හමුදා යොදවන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk ඉල්ලා සිටී.

Source: ALC
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් සහ
- වික්ටෝරියා , සහ
- ACT සහ
- NT සහ
- ක්වීන්ස්ලන්තය සහ
- දකුණු ඔස්ට්‍රේලියාව සහ
- ටස්මේනියා සහ
- බටහිර ඔස්ට්‍රේලියාව සහ
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති NSW බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න