COVID 19 update 20 September: අවුරුදු 9 ක කුඩා දරුවෙකු නිසා තවත් NSW නගරයක් lockdown කරයි

2021 සැප්තැම්බර් 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Cowra township, Lachlan River Valley (from hill)

The regional town of Cowra in NSW. Source: Getty Images/ The Image Bank RF

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Cowra නගරය අද පස්වරු 5 සිට lockdown කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් ලබාගැනීමට දහස් ගණනින් අවස්ථාවන්.
  • ACT හි වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ගැනීමට දැන් වේලාව වෙන්කරවාගත හැකිය.
  • NT හි එක් සංචාරකයෙක් කොවිඩ් වයිරසයට ධනාත්මක බව හෙළිවෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 935 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 52.7% ක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Cowra නගරයේ නව හැවිරිදි පිරිමි දරුවෙකු කොව්ඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වීමෙන් ඔහු ආ ගිය තැන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

තවද Cowra නගරය අද පස්වරු 5 සිට lockdown කෙරෙන අතර සැප්තැම්බර් 13 සිට Cowra හි සිටි යම් අයෙකු සිටීනම් ඔවුන් සෑම දෙනාම stay-at-home නීතියට අනුව සිටිය යුතුවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ Dareton හි අපජල පවිත්‍රාගාරයේදී කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට 

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 567 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර AstraZeneca මාත්‍රාවන් 4,800 ක් සහ Pfizer මාත්‍රාවන් 2,000 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට මේ වන විට අවස්ථාව ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඔක්තෝබර් මාසයේදී Pfizer එන්නත ඔස්ට්‍රේලියාවට ලබා ගැනීම පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලය සිදුකළ අනතුරු ඇඟවීම හේතුවෙන් Pfizer එන්නත එනතෙක් තවත් බලා නොසිටින ලෙස ද ඔහු උපදෙස් දෙයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 7 ක් වාර්තා වේ.

මේ අතර මේ වනවිට ACT හි කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 55% ක් පමණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.

තවද ACT හි වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ගැනීමට අද පටන් වේලාව වෙන්කරවාගත හැකිය.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි

Northern Territory

බ්‍රිස්බේන් ගුවන් තොටුපල හරහා පැමිණි Northern Territory සංචාරකයෙක් කොවිඩ් වයිරසයට ධනාත්මක බව හෙළිවෙයි.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන්  කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා  වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share
Published 20 September 2021 1:28pm
By Madhura Seneviratne


Share this with family and friends