Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 35 ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 13 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 09 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක්ද ඊට ඇතුලත්වේ.
නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා සහ Australian Capital Territory හි රෝහල්වල සිටින කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ යමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියාවේ වර්තමාන නව කොවිඩ් රැල්ල හිස ඔසවමින් තිබුණද මුව ආවරණ අනිවාර්යෙන් පැළදීම, කොවිඩ් නීති හා lockdown කිරීම් යළි බලාත්මක කිරීම අපහසු බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC පුවත් වෙත පැවසීය.
ඔස්ට්‍රේලියාව මුව ආවරණ පැළදීම අනිවාර්ය කිරීමේ පුළුල් නීති, lockdown කිරීම් වැනි දේවල්වලින් ඔබ්බට ගොස් ඇති බව ඔහු පැවසීය. ඒ වෙනුවට, තමන්ගේ ආරක්ෂාව සඳහා මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ වගකීම භාරගෙන තමන්ම නිවැරදි දේ කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
CISRO විසින් "නැගී එන සහ භයානක" COVID-19 ප්‍රභේද හඳුනා ගැනීම සඳහා machine-learning toolඑකක් භාවිතා කරමින් වේගවත් ක්‍රමයක් සකස් කර ඇත. මිනිස් සිරුරක් තුළ නව ප්‍රභේදයක් හැසිරෙන්නේ කෙසේද යන්න වඩා හොඳින් පුරෝකථනය කළ හැකි බව පර්යේෂකයන් විශ්වාස කරයි.
Omicron රැල්ලේ දී ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන් සඳහා දරුණු රෝග ඇතිවීමේ ප්‍රතිශතය සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනය මෙන් 1.4 ගුණයකින් වැඩි බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය (AIHW) සිය මෑත වාර්තාවේ සඳහන් කළේය.
COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය සියලුම පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් නොමිලේ ලබා දෙනු ඇත.
විශේෂ පාසල්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අමතර Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් ලැබෙනු ඇත.
Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 46.4 ක් ලබා දීමෙන් මුහුණට මුහුණ පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සහතික කිරීමට හැකිවෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ක්වීන්ස්ලන්ත වැඩිහිටි පදිංචිකරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අගෝස්තු මස අවසානය දක්වා මුව ආවරණ පැළඳීමට දිරිමත් කරයි.