Highlights
- තම COVID-19 බූස්ටර එන්නත ගන්නා ලෙස තවමත් ලබාගෙන නොමැති ඕස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි. එමෙන්ම ඉදිරි සති වලදී කොවිඩ් ආසාදිතයින් ඉහල යන බවටද අපේක්ෂා කෙරේ.
- මේ වනවිට ක්‍රමයෙන් පැතිරී යන Omicron BA.2 උප ප්‍රභේදය, Omicron BA.1 උප ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණය විය හැකි බවට සැලකේ.
- වයස අවුරුදු 16ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ගෙන් 66 %ක් COVID-19 එන්නත් මාත්‍රා දෙකකට වඩා ලබාගෙන ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
- Booster එන්නත බොහෝ විට අනිවාර්ය නොවන නමුත් COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා වයස අවුරුදු 16 සහ ඊට වැඩි සෑම දෙනාටම එය නිර්දේශ කෙරේ.
- නව Omicron BA.2 උප ප්‍රභේදය මගින් NSW ප්‍රාන්තයේ නව කොවිඩ් රැල්ලක් ඇතිවන බව දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන Adrian Esterman පවසයි.
- 2019 වසරෙන් පසු වසංගතය හේතුවෙන් චීනය මේ වනවිට දැඩි පීඩනයකට පත්ව ඇති අතර තම රට zero-Covid උපායමාර්ග අනුගමනය කරන බව චීන ජනපති Xi Jinping පවසයි.
- වැඩි සම්ප්රේෂණයක් සහිත Omicron ප්‍රභේදය මෙම උපායමාර්ගය සඳහා දැඩි බලපෑමක් සිදු කරන අතර චීනයේ මිලියන 17.5 ක් වෙසෙන Shenzhen ඇතුළු නගර වසා දමා තිබේ.
- චීනය මීට පෙර සතියකට කොවිඩ් ආසාදිතයින් 100කට වැඩ අඩුවෙන් වාර්තා කලද මේ වනවිට එය දිනකට 1,000 ඉක්මවයි.
- මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් නිවාස තුල සිටීම සිදු කරන අතර බ්‍රහස්පතින්දා රෝගීන් 2,400 කට වැඩි
- සන්ක්යාවක් වාර්තා වූ බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 20,050
- කොවිඩ් මරණ - 6
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,060
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 32
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 9,752
- කොවිඩ් මරණ - 9
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 199
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 23
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 6,103
- කොවිඩ් මරණ - 11
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 245
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 20
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,779
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 23
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ACT
- කොවිඩ් ආසාදිතයින් - 1,123
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 37
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.