Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 09 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 05 ක්ද ඊට ඇතුලත්වේ.
එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 08 ක්ද වාර්තා වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගත වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. අද වන විට එම සංඛ්‍යාව 512 ක් ලෙස වාර්තා වූ අතර අප්‍රේල් 28 න් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසද සටහන් වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත ලබාගත හැකිය.
තුන්වන සහ සිව්වන COVID බූස්ටර් මාත්‍රාව ගැනීමට සුදුසුකම් ලත් ජනතාව දිරිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගුවන්විදුලි නාලිකා හරහා භාෂා 32 කින් ඩොලර් මිලියන 11 ක දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇත.
සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් මිලියන හයකට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ තුන්වන එන්නත් මාත්‍රාව තවමත් ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය. Omicron ප්‍රභේදයේ BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉදිරි සතිවලදී නව ආසාදන ඇති කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
මෙම දැන්වීම් ව්‍යාපාරය තම දරුවන්ට කොවිඩ් වයිරසයට එරෙහිව එන්නත් ලබා දීමට දෙමාපියන් දිරිමත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය Butler සඳහන් කළේය. වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා වත්මන් කොවිඩ් එන්නත් අනුපාතය අවුරුදු 12 සිට 15 දක්වා වූ 80% ට සියයට 40% කි.
COVID-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා oral tablets සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය Butler වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කළේය. මෙම පෙති දෙකක් දරුණු රෝග සහ මරණයට එරෙහිව ප්‍රබල ආරක්ෂාවක් සපයන බවද ඔහු පැවසීය. ඒවා Pharmaceutical Benefits වැඩසටහන යටතේ ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මුව ආවරණ ඉවත් කිරීම පිළිබඳව තමාට තවමත් උපදෙස් ලැබී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය. අභ්‍යන්තර ගුවන් ගමන්වල මුව ආවරණ පිළිබඳව තීරණය කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සතු බවද ඔහු පැවසීය.
BA.5 සහ BA.4 ආසාදන ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින බව පසුගිය සතියේදී තම නවතම වාර්තාව හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. BA.5 රටවල් 62 ක හඳුනාගෙන ඇති අතර BA.4 රටවල් 58 ක පවතී.
ඇතැම් රටවල එය රෝගීන්ගේ වැඩිවීම, රෝහල්ගතවීම් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් ඉහළ යාමට හේතු වී ඇති බව එහි සඳහන් වේ.