Latest

COVID 19 update 05 August: වයස 12-15 අතර නිරෝගී යොවුන් අයට බූස්ටර් මාත්‍රාව අනවශ්‍ය බව ඔස්ට්‍රේලියාව කියයි

2022 අගෝස්තු 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

 ኮቪድ-19

ATAGI ድርብ ክታበት ኮቪድ-19 እንተወሲዶም ኣብ ክሊ ዕድመ 12-15 ዝርከቡ ምሉእ ጥዕና ዘለዎም ዕሸል መንእሰያት ኣዝዮም ይሓሙ ምዃኖም ዘረጋግጽ እኹል ዘይኮነ መርትዖ'ዩ ዘሎ ይብል። Source: AAP / JAMES ROSS

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 82 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 34 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 08 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත

වයස අවුරුදු 12-15 අතර සියලුම යෞවනයන් සඳහා බූස්ටර් මාත්‍රාවක් නිර්දේශ නොකරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) නැවත අවධාරණය කළේය.

කොවිඩ්-19 එන්නතක මාත්‍රා දෙකක් ලබා ඇත්නම්, එම වයස් ඛාණ්ඩයේ නිරෝගී යොවුන් වියේ පසුවන්නන් තුළ දරුණු රෝග ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ඔවුහු සඳහන් කරති.

කෙසේ වෙතත්, සැලකිය යුතු හෝ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා සහිත දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය අඩු සහ ආබාධිත දරුවන් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලබා ගත හැකිය.

සත්‍ය වශයෙන්ම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැනට ප්‍රකාශයට පත් අගයට මෙන් දෙගුණයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC ගුවන් විදුලියට පැවසීය.

තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් පළමු බූස්ටර් මාත්‍රාව අඩු පිරිසක් ලබා ගැනීම පිළිබඳ තමා කනස්සල්ලට පත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සුදුසුකම් ලත් පුද්ගලයින් මිලියන පහක් තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන නොමැති බවත්, ඔවුන් දෙවන මාත්‍රාව ලබාගෙන මාස හයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බවත් ඔහු පැවසීය.

වයිරසය පහව නොයන අතර COVID-19 හුදකලා කාලය අවසන් කිරීම හෝ අඩු කිරීම පිළිබඳව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා හෝ වෙනත් විශේෂඥයින්ගෙන් තමාට උපදෙස් ලැබී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුකූල වන සහ නව උප ප්‍රභේද හඳුනා ගත හැකි RAT කට්ටල ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.

ඇමෙරිකාවේ monkeypox රෝගීන් 6,600 ක් හමුවීමෙන් පසුව monkeypox රෝගය ඇමෙරිකාව තුළ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් monkeypox රෝගීන් 58 ක් හඳුනාගෙන ඇති අතර, බටහිර ඔස්ට්‍රේලියාව බ්‍රහස්පතින්දා ආපසු පැමිණි සංචාරකයෙකු තුළ monkeypox වයිරසය තිබී එහි පළමු monkeypox ආසදිතයා වාර්තා කළේය.

සියලුම ටස්මේනියානුවන්ට දැන් අගෝස්තු 31 දක්වා නොමිලේ flu එන්නත් ලබා ගත හැක.


Share
Published 5 August 2022 4:12pm
By Madhura Seneviratne
Source: SBS


Share this with family and friends