පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම නවතා දැමීමත් සමග රට නැවතත් යථා තත්වයට පත්වීම්ව්දී ආර්ථිකමය වශයෙන් සහ සමාජීය වශයෙන් ගැටලුකාරී තත්වයකට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි විශ්ලේෂකයින් පවසා තිබේ.
වෛරස තත්වය මත, සංචාරක සීමා පැනවීමට සහ ඇතැම් ක්ෂේස්ත්‍රයන්හි කටයුතු නවතාදැමීමට ඕස්ට්‍රේලියානු රජය ගත් තීරණය මත ඕස්ට්‍රේලියාවට මෙම වසර තුලදී සංක්‍රමණිකයන්ගේ පැමිණීම දරුණු ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සජීවීව සහ පසුව SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
ඔස්ට්‍රේලියාවේ ආගමන ක්ෂේස්ත්‍රය, පසු ගිය දශක තුනක පමණ කාලයක් පුරා ආර්ථික වර්ධනයට දැඩි ශක්තියක් වූ අතර ගෝලීය වශයෙන් දේශසීමා වසාදැමීම හේතුවෙන් මෙම මුල්‍ය වර්ෂය තුළදී ස්ථිර සහ තාවකාලික පදිංචියට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ දරුණු පසුබෑමක් සිදුවෙතැයිද විශ්වාස කෙරේ.
මෙම වසර මුල භාගයේදී සංක්‍රමණිකයන් 300,000 ක් පමණ ඕස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති බවට රාජ්‍ය වාර්තා පෙන්වාදෙන අතර මෙම වසර අවසානය වනවිට තවත් 240,000ක් පමණ ඕස්ට්‍රේලියාවෙන් පිටව යනු ඇතැයි අනුමාන කරන බව බලධාරීහු පවසති.
එසේම ඔස්ට්‍රේලියාව, සංක්‍රමණික ක්ෂේස්ත්‍රය මත දැඩි ලෙස රදාපැවතීම හේතුවෙන් පශ්චාත් වසංගත කාලසීමාවේදී රට නැවත යථා තත්වයට පත්වීමට යම් කාලසීමාවක් ගතවනු ඇති බවට නවතම සමීක්ෂණයක් හෙළිකොට තිබේ.
ඕස්ට්‍රේලියානු අනාගතයේ මීළඟ අදියර සාර්ථක කරගනීමට නම් සංක්‍රමණිකයින්ගේ නොනැසීම අත්‍යවශ්‍ය බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල සංක්‍යාලේඛණ ශිල්පී Liz Allen SBS මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායෙන් විශ්‍රාම යන පුද්ගලයින් ඇති විශාල ප්‍රමාණයක් සිටීම හේතුවෙන් ඉදිරියේදී රටේ පාසල්, මාර්ග.රෝහල් ඇතුළු යටිතල පහසුකම් සඳහා සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බදු ගෙවීමේ කාර්යයට දායක වන පිරිස අවම වන බවද Liz Allen අවධාරණය කොට ඇති අතර ඒ හේතුන් මත රට තුළට සංක්‍රමණිකයින් ගෙන්වාගැනීම අතිශය වැදගත් බවද Liz Allen පෙන්වා දී තිබේ..
සංක්‍රමණිකයින් ප්‍රමාණය අඩු මට්ටමක
2019-20 ස්ථිර සංක්‍රමණික වැඩසටහන ඔස්සේ ස්ථාන 160,000 ක් රජය අපේක්ෂා කලද එම ප්‍රමාණය බෙහෙවින් අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එමෙන්ම කොටස් වෙළඳපොලෙහි තැරව්කාර සමාගමක් වන CommSec හි ප්‍රක්ෂේපන පෙන්වා දෙන ආකාරයට ඉදිරි මාස 12ක කාලය තුලදී සංක්‍රමණිකයන් 240,000 ක් වැනි අඩු සංක්‍යාවක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ හැකියාවක් පවතී.
සවන්දෙන්න SBS සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙම ගැටලුව පිළිබඳව වැඩබලන ආගමන අමාත්‍ය Alan Tudge ගේ මාධ්‍ය ප්‍රකාශකයකු සඳහන් කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට හැර අනෙකුත් සියලුදෙනාට දේශසීමා වසාදමා ඇති නිසා අවසාන ප්‍රතිඵලය අපේක්ෂා කරනවාටත් වඩා අඩු මට්ටමක පැවතීමට හැකි බවයි.
ස්වද්ශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙන ආකාරයට මේ වනවිට ස්ථිර පදිංචිය සඳහා වන ආරාධනා පත්‍ර ලබාදීම දැඩි ලෙස සීමා කොට තිබේ. පසුගිය මාර්තු මාසයේදී 1,750ක් නිකුත් කල ඔස්ට්‍රේලියාව තුල ඕනෑම ප්‍රදේශයක වාසය කිරීමට හැකි 189 වීසා කාණ්ඩය යටතේ වන ආරාධනා පත්‍ර, අප්‍රේල් මාසයේදී නිකුත් කරනු ලැබුවේ 50 දෙනෙකු සඳහා පමණක් වන අතර ප්‍රාදේශීයව පමණක් වාසය කිරීමට හැකි 491 වීසා කාණ්ඩය යටතේ වන ආරාධනා පත්‍ර ප්‍රමාණය 300 සිට 50 දක්වා කප්පාදු කිරීමටද රජය පියවර ගෙන තිබේ.

A lone visitor takes in the view from the Mt Coot-Tha lookout in Brisbane, Wednesday, April 29, 2020. Source: AAP
2019 වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියාව තුල තාවකාලික සංක්‍රමණිකයින් මිලියන 2.43 සිට ඇති අතර එය 2020 අප්‍රේල් මස මුලදී මිලියන 2.17 දක්වා පහත බැස තිබේ. රජය මගින් ලබාදෙන JobKeeper දීමනාව මෙම තාවකාලික සංක්‍රමණිකයින්ට ලබා නොදීම මත ඉදිරියේදී මෙම අගය තවත් පහත යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර ගමන් සේවා සඳහා වන සීමා අවම කිරීමට තවත් මාස කිහිපයක්වත් යනු ඇති බවට ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brendan Murphy සඳහන් කොට තිබේ. මෙම කරුණු මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ පැමිණීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවට බලධාරීහු පෙන්වා දෙති.
මෙම වසංගත තත්වය හේතුවෙන්, ඔස්ට්‍රේලියාව කෙතරම් දුරකට සංක්‍රමණිකයින් මත රඳවා පවතීද යන්න පිළිබඳව නැවත සිතීමට ඉඩප්‍රස්තාවක් ලබා දී තිබේ. ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවල් සමග සංක්‍රමණික ක්ෂේස්ත්‍රය තුළ තරඟකාරීව ක්‍රියාකරමින් සිටී. නමුත් සිඩ්නි විශ්ව විද්‍යාලයේ සංක්‍රමණික විශේෂඥ Anna Boucher සඳහන් කරන්නේ අනෙක් රටවල් සිය දේශසීමා වසා තබන අතරතුට ඔස්ට්‍රේලියාව සිය සංක්‍රමණිකයන් සඳහා අවස්ථා ලබාදුනහොත් ඉතා ඉක්මනින් ඔස්ට්‍රේලියාවට පෙර පැවති තත්වයට ඉක්මනින් පැමිනීමට හැකියාව පවතින බවයි.
ආර්ථික මන්දගාමීත්වය
කොරෝනා වෛරසයෙන් පසු රට නැවත යථා තත්වයට ගෙනඒමට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංක්‍රමණිකයින් රටට බදු සහ අනෙකුත් ක්ෂේස්ත්‍ර ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ඵලදායීතාවය නගාසිටුවීම සඳහා විශාල කාර්යයක් ඉටුකරන අතර ජනගහන වර්ධනයට සහ ආර්ථික වර්ධනය සඳහාද ඔවුන් විශාල දායකත්වයක් දක්වා ඇති බව Grattan ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී John Daley පෙන්වා දී තිබේ.
පසුගිය වසර වලදී සියයට 2- 2.5 වූ ආර්ථික වර්ධනය තුල සියයට 1ක ආර්ථික වර්ධනය සඳහා සංක්‍රමණිකයින් සෘජු ලෙසම හේතු වී ඇති අතර පසුගිය වසර හැර අනෙක් වසර වලදී වාර්තා වී ඇති දත්ත වලට අනුව ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදනයටද සංක්‍රමණිකයන්ගෙන් මහඟු දායකත්වයක් ලැබී ඇති බව ඔහු පවසා තිබේ. මෙම කරුණු අනුව සංක්‍රමණිකයන්ගේ පහත වැටීම මගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත නගාසිටුවීමට වසර ගණනක් ගතවනු ඇති බවට විශ්වාස කරන බව John Daley අවධාරණය කොට තිබේ.

市場基本對財政預算案抱著正面態度。 Source: AAP
සමස්ත ආර්ථිකයෙන් සියයට 10ක් පමණක් කප්පාදු කිරීම මගින් පවා ඔස්ට්‍රේලියාවට සැලකියයුතු ආර්ථික බලපෑමක් සිදුවන බව ජේෂ්ඨ ආර්ථික ආර්ථික විද්‍යාඥයකු වන Ryan Felsman පෙන්වා දී තිබේ.දේශ සීමා වසාතබන තෙක් අනෙකුත් රටවල්වලට වඩා මන්දගාමී ආර්ථිකයක් ඔස්ට්‍රේලියාව තුල පවතින බවද ඔහු පෙන්වා දේ.
අනාරක්ෂිත බව
පශ්චාත් වසංගත කාලය තුල රට නැවත නගාසිටුවීම සඳහා සංක්‍රමණිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය වුවද පවතින තත්වය මත ඔවුන් වෙනත් රටවල ජීවත්වීමට තෝරාගත හැකි බවට අවධානමක් පවතින බව මහාචාර්ය Allen සඳහන් කර තිබේ. මේ වනවිටත් රට තුල සංක්‍රමණිකයින් විශාල පිරිසක් සිටින අතර ඔවුන්ට සහයෝගයක් හෝ රැකවරණයක් නොලැබෙන බව ඇය පෙන්වා දී තිබේ. සංක්‍රමණිකයින්ගෙන් ඔස්ට්‍රේලියාව විශාල සහයෝගයක් ලබන නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සපුරාලීමට ඔස්ට්‍රේලියාව අපොහොසත් වී ඇතැයිද ඇය අවධාරණය කොට තිබේ. මෙමෙ කරුණු සහ ඔස්ට්‍රේලියාව තුල ක්‍රමයෙන් මතුවන වාර්ගික හිංසනයන් හේතුවෙන් නුදුරේදීම ඔස්ට්‍රේලියාව අනාරක්ෂිත ස්ථානයක් බවට නම් දරනු ඇතැයිද මහාචාර්ය Allen පෙන්වා දී තිබේ.
Boucher මහත්මිය සඳහන් කොට ඇත්තේ පවතින ගැටළුකාරී ආර්ථික තත්වය හමුවේ සහ සම්පත් අවම වීම මත ගැටුම් ඇතිවීමේ අවධානමක් පවතින බවයි. රට තුල ආර්ථිකය යම් මට්ටමකට රඳවා පැවතුනද පවතින ආතතිය හේතුවෙන් තත්වය තවත් බරපතල වනු ඇතැයි ඇය පවසා තිබේ.
කෙසේ වෙතත්, සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාව ගොඩනැගීමේ කාර්යයෙහි විශාල කාර්යභාරයක් සිදුකලා සේම ඔවුන් නොමැතිව කිසිසේත්ම මෙම රටේ දිගුකාලීන අනාගතය පිලිබඳ විශ්වාසය තැබිය නොහැකි අතර අනිවාර්යයෙන්ම සංක්‍රමණිකයන් රැකබලගනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කලයුතු බව මහාචාර්ය Allen අවධාරණය කොට තිබේ.

A person walks in isolation as heavy rain begins to fall in Melbourne, Wednesday, April 29, 2020. Source: AAP

. Source: SBS Sinhala radio