ඕස්ට්‍රේලියාවේ නත්තල් කාලගුණ අනාවැකිය: ඔබ නත්තල් දවස සැලසුම් කරන්න කලින්, ප්‍රධාන නගරවල කාලගුණය ගැනත් දැනගන්න

නත්තල් දිනයේ මුහුදු වෙරළට යාමට ඔබ සිතනවාද, නැතහොත් නිවසේ හෝ එළිමහනේ දිවා ආහාරයක් ගැනීමට සිතනවාද? ඔබ නත්තල් දවස සැලසුම් කිරීමට පෙර අවධානයක් යොමු කලයුතු, ප්‍රධාන නගරවල කාලගුණ පුරෝකථනය මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.

A map of Australia with weather emojis on capital cities

Darwin is forecast to be the hottest capital city on 25 December, according to the Bureau of Meteorology. Source: SBS

Key Points
  • Darwin ඕස්ට්‍රේලියාවේ අධිකමඋණුසුමක් සහිත නගරය වනු ඇත, නමුත් Perth සහ Brisbane ද සෙල්සියස් අංශක 30 ක් දක්වා උණුසුම් විය හැක.
  • නත්තල් දිනයේදී ඇතැම් ඕස්ට්‍රේලියානු නගරවල වැසි ඇති වේ යැයි පුරෝකථනය කොට තිබේ.
  • සාමාන්‍යය තත්වයට වඩා උණුසුම් ගිම්හානයක් පුරෝකථනය කර ඇති නමුත් නත්තල් දිනයේ අධික උණුසුමක් පවතී යැයි පුරෝකථනය කොට නොමැත.
LISTEN TO
What is Wine and how is it produced? image

මේ උත්සව සමයේ දී ඕස්ට්‍රේලියාවේ වයින් සංස්කෘතිය සහ වයින් වර්ග නිපදවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වෙමු

SBS Sinhala

11:33
නත්තල් දිනයේදී, උණුසුම් දිවා ආහාරයක් හෝ සිසිල් දිවා ආහාරයක් ගන්නේද එසේත් නැතිනම් එළිමහනේ හෝ ගෘහස්ථව දිවා ආහාරය ගන්නේද යන්න නත්තල් දින සැමරුම් සිදුකිරීම සඳහා සූදානම් වන ඕස්ට්‍රේලියානුවන් අනිවාර්යයෙන්ම සලකා බලයි.

නත්තල් දිනයේදී නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල කුණාටු සහිත විය හැකි බවට අනාවැකි පලව තිබේ.

නමුත් නත්තලට තව සතියක් ඉතිරිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි වල නත්තල් දිනයේදී යහපත් කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Angus Hines පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ Jasper නිවර්තන සුළි කුණාටුව එම ප්‍රන්තයට ගංවතුර තත්වයක් ඇතිකළ නමුත් මෙම තත්වය පහව යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
Santa Claus at the beach with a Christmas tree.
Will it be boardshorts or layers for Santa Claus this year? The Christmas weather forecasts are in. Source: Getty / davidf
ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය මගින් දෙසැම්බර් මස 25 වැනි දින ඕස්ට්‍රේලියාවේ අගනගර සඳහා පුරෝකථනය කොට ඇති කාලගුණ අනාවැකිය පහතින් වේ.

නත්තල් කාලගුණ අනාවැකිය

Sydney

ඉහළම උෂ්ණත්වය 26C, අවම උෂ්ණත්වය 19C.

වලාකුළු සහිත වන අතර වැසි ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී, මද සුළං තත්වයක් පවතී.

Melbourne

ඉහළම උෂ්ණත්වය 21C, අවම උෂ්ණත්වය 15C.

වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිතයි.

Brisbane

ඉහළම උෂ්ණත්වය 32C, අවම උෂ්ණත්වය 22C.

අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවා කාලයේ මද සුළං තත්වයක් පවතී.

Perth

ඉහළම උෂ්ණත්වය 32C, අවම උෂ්ණත්වය 21C.

අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.

Adelaide

ඉහළම උෂ්ණත්වය 24C, අවම උෂ්ණත්වය 13C.

අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.

Canberra

ඉහළම උෂ්ණත්වය 24C, අවම උෂ්ණත්වය 13C.

වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.

Hobart

ඉහළම උෂ්ණත්වය 18C, අවම උෂ්ණත්වය 11C.

වලාකුළු සහිත, වැසි ඇති වීමට ඉඩ පවතින දිනයකි.

Darwin

ඉහළම උෂ්ණත්වය 36C, අවම උෂ්ණත්වය 28C.

අපරභාගයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.

heatwave_aap_1.jpg
Source: AAP
2023 වසරේ ගිම්හාන කාලය, උතුරු අර්ධගෝලයේ වාර්තා වූ ඉහලම උණුසුමක් සහිත ගිම්හානය වශයෙන් සැලකේ.

ඕස්ට්‍රේලියාවට උණුසුම් ගිම්හානයක් පුරෝකථනය කර ඇති අතර, කෙසේ නමුත් මෙවර නත්තල් දිනයේදී බොහෝ දුරකට සාමාන්‍ය මට්ටමේ උෂ්ණත්වයක් පවතින බවට වාර්තා වේ.

LISTEN TO
sinhala_14122023_staysafefestiveseason_smarttraveler_pod.mp3 image

මේ උත්සව සමයේ විදෙස් සංචාර සිදු කරද්දී ප්‍රවේශම් වෙන්න ඔබට උපදෙස් මෙන්න

SBS Sinhala

06:17

Weatherzone සමාගම වාර්තා කරන පරිදි, මෑත ඉතිහාසයේදී නත්තල් දිනයේ උණුසුම්ම නගරය වශයෙන් 2021 දී Perth නගරය වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 42.8C ක් වශයෙන් වාර්තා විය.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න පිවිසෙන්න
————————————————————————————————————————————-

Heatwaves හෙවත් අධික තාප තරංග

බටහිර ඕස්ට්‍රේලියාවේ Kimberley ප්‍රදේශයේ සහ Darwin ඇතුළු නොදෙර්න් ටෙරිටරියේ උතුරු ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට heatwave හෙවත් අධික තාප තරංග තත්වයන් කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර තිබේ.

එමෙන්ම ඉහල මට්ටමේ සිට අඩු තීව්‍රතාවයකින් යුත් heatwave හෙවත් තාප තරංග තත්ව නොදෙර්න් ටෙරිටරියේ මධ්‍යම ප්‍රදේශයට / බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයට සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශවලට බලපෑ හැකි බවටද අනාවැකි පලව තිබේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

 රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share
Published 19 December 2023 4:59pm
By Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends