පසුගිය වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩිතබා බැතිමතුන් 51 දෙනෙකු මරාදැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නවසීලන්ත අධීකරණය අද (27/08) නියෝග කළේය.
මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ 29 හැවිරිදි Brenton Tarrant ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.
තුවක්කුකරු මුලින් තමාට එරෙහි සියලු චෝදනාවලට වැරදිකරු නොවන බව පිළිගත් නමුත් පසුව මිනීමැරුම් චෝදනා 51 ක්, මිනීමැරීමට තැත් කිරීම් 40 ක් සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනාව ඇතුළුව අනෙකුත් සියලු චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබේ.