කොරෝනා වෛරසය ව්‍යාප්ත වන මූලික අවධියේදී, චීන ව්‍යාපාර, ඕස්ට්‍රේලියාවෙන් ආරක්ෂක උපකරණ මිළට ගෙන චීනයට ආනයනය කල බවට ඇතැම් ඔස්ට්‍ර්ලියානු මාධ්‍ය පසුගියදා සඳහන් කොට තිබිණ. නමුත් එම තොරතුරු අසත්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකරන බව චීන තානාපති කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.
Sydney Morning Herald සහ News Corp යන මාධ්‍ය ආයතන මගින් පසුගිය සති අන්තයේදී වාර්තා කොට තිබුනේ චීන සමාගම් මගින්, ආසන්න වශයෙන් ඔස්ට්‍ර්ලියානු ඩොලර් බිලියන 2ක පමණ වටිනාකමින් යුත් මුහුණු ආවරණ සහ ආරක්ෂක ඇඳුම් විශාල ප්‍රමාණයක් ජනවාරි සහ පෙබරවාරි මාස වලදී මෙලෙස මිළට ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් චීනයෙන් ඔස්ට්‍රේලියාවට ආරක්ෂක උපකරණ ආනයනය කරමින් පවතින තරතුර විවිධ ඕස්ට්‍ර්ලියානු මාධ්‍ය මගින් චීන දෙශීය සමාගම් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වීම කණගාටුවට කරුණක් බව කැන්බරා හි චීන තානාපති කාර්‍යාලයේ නියෝජිතයෙකු සඳහන්කොට තිබේ.
එසේම ඔස්ට්‍ර්ලියානු මාධ්‍ය මගින් ජනතාව නොමග යැවීමක් මෙම පුවත් මගින් සිදුකොට ඇති බවත් චීන සමාගම් මගින් එවකට සිදු කල මිළට ගැනීම් මානුෂීය ක්‍රියාවලියක් වන අතර එය ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් නින්දා සහගත ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇති බවත් පසුගිය සඳුදා (06) නිකුත් කල මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පසුගිය ජනවාරි සහ පෙබරවාරි යන මාස තුළදී මුහුණු ආවරණ සහ ආරක්ෂක උපකරණ චීනයට ආනයනය කිරීම නින්දා සහගත ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නේනම් මේ වන විට ඕස්ට්‍රේලියානු සමාගම් විසින් චීනයෙන් සිදුකරන ආනයන පිළිබඳව වන නිර්වචනය කුමක්දැයි චීන තානාපති කාර්යාලය එම නිවේදනය ඔස්සේ ප්‍රශ්ණ කර තිබේ.
එමෙන්ම මෙවැනි මොහොතක ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යාමට වඩා අන්‍යෝන්‍යාධාර සහ සාමුහිකත්වය අවශ්‍ය බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර, බහු සංස්කෘතික අමාත්‍ය Jason Wood චීන “තෙත් වෙළඳපොල” හෙවත් පොදු වෙළඳපොල COVID-19 වෛරසය හටගැනීමට ප්‍රධාන මුලාශ්‍රයක් වී ඇතැයි බවට හැඟවෙන සඳහනක් තම ෆේස්බුක් පිටුවේ පළ කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

Jason Wood has been criticised for his view on Chinese wet markets Source: AAP
පසුගිය ඉරිදා ඔහු සඳහන් කලේ පවතින අර්බුධය හමුවේ ඕස්ට්‍රේලියානු චීන ප්‍රජාව සහ චීන ජනතාවට සහය දැක්විය යුතු බවයි.
එසේම ඕස්ට්‍ර්ලියාවට ටොන් 100 කට ආසන්න ප්‍රමාණයක් වූ වෛද්‍ය සැපයුම් අපනයනය කිරීමට චීන තෙත් වෙළඳපොළවල් සහ චීන ව්‍යාපාර වලට ඉඩදීමේ චීන රජයේ කාර්යභාරය අමතක කල නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවෙන් චීනයට වෛද්‍ය සැපයුම් නැව්ගත කිරීම හා සබැඳි පුවතක් පිළිබඳව හුවා දක්වමින් අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ චීනය සිදුකල එම ක්‍රියාව නින්දා සහගත බවයි.

. Source: SBS Sinhala radio