Centrelink ආයතනයේ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය තාවකාලිකව අත් හිටුවන ලෙසට නියෝග.

Centrelink signs in Melbourne

Centrelink signs in Melbourne Source: AAP

ඇතිවී තිබෙන ගැටළු කිහිපයක් නිරාකරණය කරන තුරු Centrelink  ආයතනයේ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය තාවකාලිකව අත් හිටුවන ලෙස නියෝග ලැබී තිබේ.

"income averaging" ක්‍රමය ඔස්සේ ස්වයංක්‍රීයව සිදු කළ සියලුම ණය නැවත ලබා ගැනීම් නැවත වරක් විමර්ශනය කරන මෙන් මේ පිළිබඳ කටයුතු කරනු ලබන සෙනට්  කමිටුව විසින් තීරණය කර තිබේ.

එමෙන්ම අදාළ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය නැවත නිර්මාණය කරන ලෙසටද ඔවුන් දැනුම් දී තිබේ.

2016 වසරේ මැද භාගයේ සිට මෙම ස්වයංක්‍රීය පද්ධතිය මගින් පුද්ගලයින් 200,000 කට පමණ අසාධාරණයක් සිදුවී ඇති බව හඳුනාගෙන ඇත.




Share

Published

By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends