වසර 10 කට පසුව ඔස්ට්‍රේලියානු ඩොලරය වාර්තාගත ලෙස පහත බසී.

Australian dollar has dropped to its lowest levels in 10 years

Source: Getty Images

පසුගිය දස වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය මේ දිනවල ඉතා පහළම අගයට වැටී ඇති බව වාර්තා වේ.

ඊයේ (03/01) දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය ශත 70 ක් වූ අතර එය අද දිනයේ උදෑසන වන විට ශත 67 ක් වී ඇති බව සඳහන්.

අවසන් වරට ඔස්ට්‍රේලියානු ඩොලරය දැඩි ලෙස පහත බැස තිබුණේ වසර 2009 බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අද පෙරවරුවේ ශ්‍රී ලංකා රුපියල වාර්තා වුයේ 128 යි සත 06 ක් ලෙසිනි.




Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends