Greater Brisbane කලාපයට පනවා තිබෙන lockdown නීති අද (11/01) පස්වරු 6න් පසුව ඉවත් කෙරෙන නමුත් තවත් දින 10 ක් යනතුරු එම කලාපයේ වැසියන් නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
ඒ අනුව Brisbane, Logan, Ipswich, Moreton Bay සහ Redlands යන නගර සභා කලාප වල වැසියන්ට ඕනෑම හේතුවක් මත අද (11/01) පස්වරු 6න් පසුව තම නිවෙස් වලින් පිටවීමට අවසර ලැබෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.
එම ප්‍රදේශ වලට පසුගිය සිකුරාදා පස්වරු 6 සිට අද පස්වරු 6 දක්වා දින 3ක lockdown කාලයක් පනවා තිබුණි.
එක්සත් රාජධානියේ පැතිරී ඇති අධික ලෙස බෝවන COVID-19 නව ප්‍රභේදය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පැතිරීම වළක්වාලීමේ අරමුණින් එම lockdown නීති පැනවිණි.
පවතින තත්ත්වය අවබෝධකරගෙන lockdown නීති සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් Greater Brisbane කලාපයේ ජනයාට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk තම ස්තුතිය පළ කළාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එක්සත් රාජධානියේ පැතිරී යන නව COVID-19 ප්‍රභේදය ගැන ක්වීන්ස්ලන්තය අවධානයෙන්
එක්සත් රාජධානියේ පැතිරී යන නව COVID-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ ප්‍රජාව තුළින් හමුවූ පළමු අවස්ථාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමග Greater Brisbane කලාපය දින 3 කට lockdown කිරීමේ තීරණය ගැනුණි.
ඔස්ට්‍රේලියාවට පැමිණි විදෙස්ගතව සිටි පුද්ගලයින්ව නිරෝධායනය කරමින් සිටින බ්‍රිස්බේන් නුවර හෝටලයක සේවය කරන පිරිසිදු කිරීමේ සේවකයකු හට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ජනවාරි 02 වන දින සිට එම නව ප්‍රභේදය ක්වීන්ස්ලන්ත ප්‍රජාව තුළ ඉහළින්ම ක්‍රියාකාරී විය යුතුව තිබුණද මේ දක්වා ප්‍රජාව තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීය.
lockdown නීති ඉවත් කළද ඉදිරි දින 10 තුළ Greater Brisbane කලාපයේ වැසියන් තම නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ.
ඒ අනුව සුපිරි වෙළෙඳ සැල්, කඩ සාප්පු, ගෘහස්ථ සල්පිල්, රෝහල් හා aged care මධ්‍යස්ථාන, ආගමික ස්ථාන, පුස්තාකල, සිනමා ශාලා, කලාගාර හා කාය වර්ධන මධ්‍යස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
කෙසේ වෙතත්, පුද්ගල දුරස්ථභාවය රැකිය හැකි රැකියා ස්ථානවල රැකියා කරන පුද්ගලයින්ට වෙස්මුහුණු පැළඳිය යුතු නැත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකළ ස්ථාන 3 ක්
කොරෝනා වයිරසයට නිරාවරණය වූ සමීප ආශ්‍රිතයින් 370 දෙනෙකු මේ වන සොයාගෙන ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Jeannette Young පැවසුවාය.
කෙසේනමුත්, පහත සඳහන් දින හා වේලාවන් තුළ පහත සඳහන් ස්ථාන වෙත ගිය පිරිස් ඔවුහු තවමත් සොයමින් සිටිති.
- Woolworths (Calamvale North) - ජනවාරි 03 පෙරවරු 11 සිට දහවල් 12 දක්වා
- Coles (Sunnybank Hills Shoppingtown) - ජනවාරි 05 පෙරවරු 7.30 සිට පෙරවරු 8.00 දක්වා
- Newsagent (Sunnybank Hills Shoppingtown) - ජනවාරි 05 පෙරවරු 8.00 සිට පෙරවරු 8.15 දක්වා
නොකඩවා කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස වෛද්‍ය Young ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටින අතර ඊයේ දිනයේදී පමණක් කොරෝනා පරීක්ෂණ 18.904 ක් සිදුකළ බව සඳහන්.
ඉහත සඳහන් ස්ථාන වලට අදාළ දිනවල හා වේලාවන් වලදී ගිය පිරිස් මෙන්ම රෝග ලක්ෂණ මතුවූ පිරිස් වෙතොත් ඒ සියල්ලෝම පැමිණ කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස වෛද්‍ය Young ඉල්ලා සිටියාය.

A customer wearing a protective face mask is seen leaving a pharmacy. Source: AAP Image/Darren England
ප්‍රාන්ත සීමා නීති ලිහිල් කෙරේ
අද පස්වරු 6 න් පසුව Greater Brisbane වැසියන්ට Northern Territory සහ ACT වෙත සංචාරය කිරීමට කිසිදු තහනමක් නොමැති බව සඳහන්.
පසුගිය සිකුරාදා පටන් Brisbane සිට ACT වෙත පැමිණෙන පුද්ගලයින් ස්වයං නිරෝධායනය විය යුතු අතර Brisbane වල මේ වන විට සිටින ACT වැසියන් හට lockdown නීති ඉවත් කරන තුරු Brisbane වලම නැවතී සිටින ලෙස උපදෙස් දී තිබුණි.
lockdown නීති ඉවත් කිරීමට අද ගත් තීරණයත් සමග Canberra නුවර නිරෝධායනය වෙමින් සිටි 4,800 ක් පමණවූ පිරිස නිරෝධායනයෙන් කලින් නිදහස් කිරීමට ඉඩ ලැබුණි.
පසුගිය සිකුරාදා පටන් Brisbane සිට Northern Territory වෙත යන සංචාරකයින් අධීක්ෂණය යටතේ අනිවාර්ය නිරෝධායනය විය යුතුය.
මේ වන විට Darwin වලින් පිටත පිහිටි Howard Springs නිරෝධායන මධ්‍යස්ථනයේ එලෙස නිරෝධායනය වෙමින් සිටින පිරිස 400 ක් පමණ බවත් දැන් ඔවුන්ට පිටව යාමට අවසර බවත් Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner අද (11/01) මධ්‍යහනයේ පැවසුවේය.