2019 වසර සඳහා ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය පසුගිය සතියේදී Henley Passport Index විසින් අනාවරණය කළ අතර මෙම වසරේදී ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය ලෙස වැජඹීමට ජපානය සුදුසුකම් ලබා තිබේ.
ජපාන විදේශ ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් 190 කට යාමට හැකි බව එහි සඳහන් වෙයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමව ඇත්තේ සිංගප්පූරුවට සහ දකුණු කොරියාවට වන අතර එම රටවල ගුවන් විදේශ බලපත්‍ර වලින් වීසා නොමැතිව රටවල් 189 කට යාමට හැකි බව Henley Passport Index අනාවරණය කරයි.
ප්‍රංශය සහ ජර්මනිය ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ වීසා නොමැතිව රටවල් 188 කට යාමට හැකි වීමෙනි.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉතාලිය සහ ස්වීඩනය මෙවර දර්ශකයේ සිව්වන ස්ථානය හිමි කරගෙන තිබේ.
මේ අතර ලක්ෂම්බර්ග් සහ ස්පාඤ්ඤය යන රටවල ගුවන් විදේශ බලපත්‍ර ලොව බලවත්කම අතින් පස්වන ස්ථානයට පත්ව තිබේ.

Japan passport Source: Flickr
2019 ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර
Henley Passport Index විසින් මෙසේ වාර්ෂිකව ලොව විවිධ රටවල විදේශ ගමන් බලපත්‍ර වල මනිනු ලබන්නේ ඒ ඒ විදේශ ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් කිනම් ප්‍රමාණයකට යා හැකිද යන නිර්ණායකය මතය.
ඒ අනුව මෙවර Henley Passport දර්ශකයේ පළමු 10 අතරට පැමිණි විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුව පහත පරිදි වේ.

Source: Henley Passport Index
ඔස්ට්‍රේලියාව කී වෙනි තැනද?
2019 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 10 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් 181 කට ගමන් කළ හැකි වෙයි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව මෙම දර්ශකයේ 7 වන ස්ථානයේ පසුවූ නමුත් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 171 ක් බවට වාර්තා විය.
ඒ අනුව මෙවර Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සාපේක්ෂව පහළට ඇද වැටී ඇති බවක් පෙනෙන්නට තිබේ.
නවසීලන්තය සහ අයිස්ලන්තයද ඔස්ට්‍රේලියාව සමග මෙවර දර්ශකයේ 10 වන ස්ථානයට පත්ව ඇත.

Source: AAP
ශ්‍රී ලංකාව?
මෙවර දර්ශකයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට 95 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 43 ක් බව දැක්වෙයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 93 වන ස්ථානයේ පසුවූ අතර වීසා නොමැතිව එමගින් රටවල් 41 කට යා හැකි බව වාර්තා විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------