ලෝක ප්‍රකට Tripadvisor සමාගම විසින් වාර්ෂිකව සිදු කරන සමීක්ෂණයේදී සංචාරකයන් අතර ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනප්‍රියත්වයට පාත්‍ර වූ ස්ථාන 10 මෙවරත් නම් කර තිබේ.
ඒ අනුව මෙතෙක් කලක් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංචාරක සළකුණ ලෙස විරුදාවලිය ලත් සිඩ්නි නුවර ඔපෙරා රඟහල පරයා කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු යුද සිහිවටනය ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වේ.
මෙම කරුණට ආසන්නතම හේතුව නම් මෙවර පැවැත්වූ Anzac සියවස් සැමරුම වීම යැයි අනුමාන කළ හැකි නමුත් Tripadvisor සංචාරක පිරිසෙහි තීරණය ඇත්තෙන්ම අනපේක්ෂිත එකක් බව පැහැදිලි වී තිබේ.
ඒ අනුව සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංචාරක ස්ථාන 10 පහත පරිදි වේ.
1. Australian War Memorial, Canberra
2. Opera House, Sydney
3. Harbour Bridge, Sydney
4. Shrine of Remembrance, Melbourne
5. Block Arcade, Melbourne
6. Port Arthur Historic Site, Port Arthur
7. Fremantle Prison, Fremantle
8. Kings Park War Memorial, Perth
9. Australian Parliament House, Canberra
10. Queen Victoria Building (QVB), Sydney

Australian War Memorial, Canberra Source: Flickr
Australian War Memorial, Canberra
ලෝක යුද්ධ වලදී මිය ගිය ඔස්ට්‍රේලියානු ආරක්ෂක සාමාජිකයන් හා ඊට සහය දුන් සංවිධානවල සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා නිර්මාණය කළ ඔස්ට්‍රේලියාවේ ජාතික යුද සිහිවටනය මෙය වේ. 1941 වසරේ විවෘත කළ මෙම ගොඩනැගිල්ල කොටස් තුනකින් සමන්විත වන අතර ලොව ඇති මෙවැනි ඝනයේ යුද සිහිවටන අතරින් කැන්බරා නුවර පිහිටි මෙම සිහිවටනය සඳහා කැපී පෙනෙන ස්ථානයක්ද හිමිව තිබේ.
නාඳුනන හමුදා සෙබළාගේ සොහොන ඇතුළත් අනුස්මරණ කලාපය (shrine), අනුස්මරණ කෞතුකාගාරය (museum) සහ පර්යේෂණ මධ්‍යස්ථානය (records) යනුවෙන් එම ප්‍රධාන කොටස් තුන වෙන්ව හඳුනා ගත හැකිය. නත්තල් දිනයේ හැරුණු කල වසරේ අනෙකුත් සෑම දිනකම උදෑසන 10 සිට සවස 5 දක්වා මෙය විවෘතව තැබේ.
Tripadvisor සමාගම විසින් වාර්ෂිකව සිදු කරන සමීක්ෂණයේදී සංචාරකයන් අතර ලෝකයේ වඩාත් ජනප්‍රිය ස්ථාන පහත පරිදි වේ.

Machu Picchu, Peru Source: Flickr
1. Machu Picchu, Peru
2. Sheikh Zayed Grand Mosque, Abu Dhabi
3. Angkor Wat, Siem Reap, Cambodia
4. St Peter’s Basilica, Vatican City, Italy
5. Taj Mahal, Agra, India
6. Mezquita Cathedral de Cordoba, Cordoba, Spain
7. Church of the Savior on Spilt Blood, St Petersburg, Russia
8. The Alhambra, Granada, Spain