ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දෙන්නේ කවදාද සහ එය සෑම ප්‍රජාවකටම ලබාදෙන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියානුවාසීන් හට ලබා දීම පිණිස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ වන විට ආයෝජනය කර ඇති කොරෝනා එන්නත් වර්ග තුන පිළිබඳ සහ සියලුම ඔස්ට්‍රේලියානුවන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම මෙම ලිපියෙන් පැහැදිලි කරයි.

Australia vaccine graphic

Australia is due to roll out a vaccine in 2021. Source: SBS News

බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය Pfizer/BioNTech කොරෝනා එන්නත තම ජනතාවට ලබා දීම සඳහා හදිසි අනුමැතිය මේ වන විට ලබා දී ඇත.

එමෙන්ම මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය වැළඳීමේ අවදානමට ලක්විය හැකි පිරිස් වෙත Moderna කොරෝනා එන්නත ද ලබා දීම ආරම්භ කර ඇත.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි කලාපයේ යළි කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියානුවාසීන් හට කොරෝනා එන්නත ලබා දෙන්නේ කෙදිනද යන්න සැවොම පාහේ ප්‍රශ්න කරති.

ඔස්ට්‍රේලියානුවාසීන් හට කොරෝනා එන්නතක් ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට සහතික කර ඇති අතර 2021 වසරේ පළමු කාර්තුවේදී එය බෙදා හැරීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. කිසිවක් තවමත් නිශ්චිතව රජය විසින් ප්‍රකාශ කර නැති නමුත් මේ වන විට ලැබී ඇති තොරතුරු පහත පරිදි පෙළගස්වමු.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාව තවමත් කොරෝනා එන්නතක් අනුමත නොකළේ ඇයි?

එම ප්‍රශ්නයට පිළිතුර ඉතා සරළ බව දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Adrian Esterman පැවසීය.

එනම් ඒ සඳහා කලබලවීමට තවමත් අවශ්‍ය නොවන බවයි.

බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ Pfizer/BioNTech කොරෝනා එන්නත සඳහා ලැබී ඇත්තේ හදිසි අනුමැතිය බවත් එහි අර්ථය එම එන්නතේ තෙවැනි අදියරේ අත්හදා බැලීම් තවමත් අවසාන නොමැති බවත් එහි ඉල්ලුම බලා සිටීමට නොහැකි තරම් විශාල බවත් තේරුම් ගැනීම වඩා වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.

"Pfizer/BioNTech කොරෝනා එන්නත මෙලෙස හදිසි භාවිතයට ගැනීම අසාමාන්‍ය දෙයක් වන නමුත් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් COVID-19 සම්බන්ධයෙන් මේ වන විට දරුණු අවස්ථාවකට මුහුණ දෙමින් සිටින නිසා ඔවුන්ට තවත් කාලයක් බලා සිටීමට නොහැකියි" යනුවෙන් ද මහාචාර්ය Adrian Esterman පැවසීය.
Allergic reactions to the Pfizer/BioNtech vaccine are said to be incredibly rare.
Allergic reactions to the Pfizer/BioNtech vaccine are said to be incredibly rare. Source: Photonews

කොරෝනා එන්නත් ලබා දීම ඔස්ට්‍රේලියාවේ ආරම්භ කරන්නේ කවදාද?

"ඔස්ට්‍රේලියාව මේ වන විට ලබා ගැනීමට ගිවිසගෙන ඇති කොරෝනා එන්නත් වල සම්පූර්ණ අත්හදා බැලීමේ ප්‍රතිඵල ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ එන්නත් සම්බන්ධ නියාමන අධිකාරිය වන චිකිත්සක භාණ්ඩ පරිපාලනය (Therapeutic Goods Administration) බලා සිටියි. එම සියලු ප්‍රතිඵල සාර්ථක වූ බව ඔවුන් සනාථ කළ පසු ඔස්ට්‍රේලියාව කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කරනු ඇති." යනුවෙන් දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Adrian Esterman පැවසීය.

Pfizer/BioNTech කොරෝනා එන්නත 2021 වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දීමට හැකිවෙතැයි ඔහු අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාව තුළ මුලින්ම කොරෝනා එන්නත ලබා දෙන්නේ කාටද?

ඔස්ට්‍රේලියාව තුළ කුමන කොරෝනා එන්නතක් මුලින්ම ලබා දුන්නත් එය පළමුව ලබා දෙන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින්ම සිටින පිරිස වෙත බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly තහවුරු කළේය.

ඒ අනුව වියපත් පුද්ගලයින්ට සහ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති අයට පළමු ප්‍රමුඛතාවය හිමිවේ.

එමෙන්ම සෞඛ්‍ය හා aged care සේවකයින් වැනි කොරෝනා වයිරසයට නිරාවරණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින පිරිස් හට කොරෝනා එන්නත ලබා දීමේදී දෙවැනි ප්‍රමුඛතාවය හිමිවන බවත් ඉන් අනතුරුව හදිසි සේවා වල නිරත වන හා අත්‍යවශ්‍ය සේවකයින් හට එන්නත ලබාදෙන බවත් ඔහු පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ වන විට ඔස්ට්‍රේලියාව ලබා ගැනීමට ගිවිසගෙන ඇති කොරෝනා එන්නත් වර්ග මොනවාද?

මීට ප්‍රථම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොරෝනා එන්නත් වර්ග හතරක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබූ නමුත් ඉන් එක් එන්නතක් වන ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය විසින් අත්හදා බලමින් සිටි එන්නතේ ගැටළුවක් නිසා එය අතහැර දැමීමට තීරණය කෙරිණි.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව පහත සඳහන්  කොරෝනා එන්නත් වර්ග තුන ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටී.

එහිදී සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකුම එන්නතෙන් මාත්‍රා දෙකක් ලබාගත යුතු අතර මිලියන 25 කට අධික ජනගහනයක් ආවරණය කළ යුතුවේ.

AstraZeneca එන්නත

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට පෙර AstraZeneca එන්නතෙන් මාත්‍රා මිලියන 33.8 ක් ලබාගැනීමට සැලසුම් කර තිබුණද දැන් එම ප්‍රමාණය මාත්‍රා මිලියන 53.8 ක් දක්වා වැඩි කර තිබේ. මෙය තවමත් කොතැනකවත් අනුමත කර නොමැති නමුත් එහි අත්හදා බැලීමේ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ එය 90% ක් දක්වා ඵලදායී බවය.

"මෙය viral vector ගනයේ එන්නතක්. මිනිසාට හානි නොකරන චිම්පන්සි වයිරසයක් අපට ආසාදනය කිරීමට සලසා පසුව එන්නත ලබාදීමක් මෙහිදී සිදුකෙරේ." දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Adrian Esterman පැවසීය.

මෙල්බර්න් නුවර දී මෙම කොරෝනා එන්නතෙන් මාත්‍රා මිලියන 50 ක් නිපදවීමට ඔස්ට්‍රේලියානු ජෛව තාක්ෂණ සමාගමක් වන CSL සමාගම එකඟ වී තිබේ.

එය දැනටමත් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති නමුත් එය යෙදවීමට පෙර AstraZeneca නියාමන අනුමැතිය ලබා ගන්නා තෙක් බලා සිටිය යුතුය.
AstraZeneca
Source: SBS News

Novavax එන්නත

ඔස්ට්‍රේලියාව ලබාගැනීමට ගිවිසගෙන ඇති තවත් කොරෝනා එන්නතක් වන්නේ Novavax එන්නතය.

ඇමෙරිකානු සමාගමකින් නිපදවන මෙම එන්නත මේ වන විට එහි අත්හදා බැලීම් වල තුන්වැනි අදියරේ සිටී.

මෙම එන්නතින් මාත්‍රා මිලියන 51 ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරයි.

මෙය ප්‍රෝටීන ගනයේ එන්නතක් බවත් මේ සඳහා අනුමැතිය නව වසරේදී ලැබීමට ඉඩ ඇති බවත් මහාචාර්ය Adrian Esterman පැවසීය.

ඔවුන් මෙහි තෙවැනි අදියරේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බැවින් එය පූර්ණ වශයෙන් ලබාගැනීම සඳහා අවම වශයෙන් ලබන වසරේ මැයි හෝ ජුනි වන තෙක් සිටිය යුතු බව ද ඔහු පැහැදිලි කළේය.
Novavax
Source: SBS News

Pfizer/BioNTech එන්නත

Pfizer/BioNTech එන්නත මේ වන විට 95% ක ඵලදායී බවක් පෙන්නුම් කර ඇති අතර ඔස්ට්‍රේලියාවට පළමුවෙන් පැමිණිය හැකි කොරෝනා එන්නත ලෙස මෙය හැඳින්වේ.

Pfizer/BioNTech එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් මේ වන විට ඔස්ට්‍රේලියාව ලබාගැනීමට ගිවිසගෙන තිබේ.

මෙය mRNA ගනයේ එන්නතක් වන අතර එම ආකාරයේ තාක්ෂණයක් මීට පෙර එන්නත් නිපදවීමට යොදා නොගත් බව සඳහන්.

මෙහිද මාත්‍රා දෙක බැගින් එක් පුද්ගලයෙකු ලබාගත යුතු බැවින් ඔස්ට්‍රේලියානුවාසීන් මිලියන 5 කට පමණක් මෙය ලබාගැනීමට අවස්ථාව ලැබේ.

කොරෝනා එන්නත් ලබාගැනීමේ බහුවිධ ගනුදෙනු සුරක්ෂිත කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ උපායමාර්ගය ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසීය.

'සියලු බිත්තර එක කූඩයක' තබා ගැනීම යන උපාය මෙහිදී අනුගමනය කළ නොහැකි බැවින් සාර්ථක අත්හදා බැලීම් සිදුකළ එන්නත් වර්ග කිහිපයක් ලබාගැනීමට සිදුවූ බව ඔහු පෙන්වා දුන්නේය.

කොරෝනා එන්නත් වර්ග තුනක් පමණක් ලබාගැනීමට යාම නුසුදුසු බවත් අවම වශයෙන් කොරෝනා එන්නත් වර්ග 5 ක් හෝ 6 ක් හෝ ලබාගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළ යුතු බවත් කම්කරු පක්ෂය පවසා ඇත.
Pfizer/BioNtech
Source: SBS News

Pfizer එන්නත ගබඩා කිරීම දුෂ්කරද?

Pfizer එන්නත සැමවිටම සෙල්සියස් අංශක ඍණ 70 උෂ්ණත්වයක ගබඩා කර තැබිය යුතු අතර එනිසාම මෙය බෙදාහැරීම සහ ලබා දීම තරමක් සංකීර්ණය.

"එය eskies වැනි ඉතා විශේෂ බහලුම් වල ගබඩා කළ යුතුය. නමුත් අධික සීතල තබාගැනීමට ද්‍රව නයිට්‍රජන් රැඳවිය යුතුය." යනුවෙන් දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Adrian Esterman පැවසීය.

ඔස්ට්‍රේලියාවට මෙම ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ අමතර අභියෝගයට මුහුණ දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

Pfizer/BioNTech එන්නත් වැනි mRNA ගනයේ එන්නත් ඔස්ට්‍රේලියාව තුළ නිපදවිය නොහැකිය. මන්ද ඒවා නව ආකාරයේ තාක්‍ෂණයකට සම්බන්ධ වන බැවිනි.

mRNA එන්නත් ඔස්ට්‍රේලියවේම නිපදවීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බවත් අනාගතයේදී පැමිණිය හැකි වසංගත සඳහා මුහුණ දීමට එය කදිම පිළියමක් බවත් මහාචාර්ය Esterman පැවසීය.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය හා CSL සමාගම අත්හදා බලමින් සිටි කොරෝනා එන්නතට කුමක් සිදුවීද?

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ කොරෝනා වයිරස් එන්නත් අත්හදා බැලීම දෙසැම්බර් මුලදී අත්හිටුවිණි.

එම අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ඇතැම් පුද්ගලයින් වෙත අත්හදා බැලීමෙන් අනතුරුව HIV සඳහා ව්‍යාජ-ධනාත්මක ප්‍රතිඵල ලබා දීම හේතුවෙන් මෙලෙස සියලු අත්හදා බැලීම් නවත්වා තිබේ.

"එයට HIV ආසාදනය වීමේ අවදානමක් නොතිබුණි" යනුවෙන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය Robert Booy පැවසුවේය.

ඇත්ත වශයෙන්ම ඒ සඳහා භාවිතා කරනු ලැබුවේ ප්‍රෝටීන් ස්වල්පයක් පමණක් බවත් සැබෑ බෝවන වයිරසය සමඟ කිසිදු සම්බන්ධයක් නැතිබවත් ඔහු පැහැදිලි කළේය.

මෙම එන්නත මුළුමනින්ම ආරක්ෂිත වුවත් HIV සඳහා ව්‍යාජ-ධනාත්මක ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ HIV පරීක්ෂණ වැඩසටහනට බාධා කළ හැකි වීම සම්බන්ධව විද්‍යාඥයින් සැලකිලිමත් විය.
داروشناسی در حال تحویل‌گیری نخستین محموله واکسین کرونا در شفاخانه‌ای در لندن.
The Pfizer/BioNTech vaccine must be kept at very cold temperatures. Source: Getty

කොරෝනා එන්නතක් ලබා ගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් සිතන්නේ කුමක්ද?

ඕනෑම එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට නම්, බහුතරයක් ජනතාව ඒ පිළිබඳ හොඳින් දැනුවත්ව හා කැමැත්තෙන් සිටිය යුතුය.

"එය ආරක්ෂිතද? එය අනිවාර්ය වේවිද? එය භයානක විය හැකිද? යනුවෙන්  කොරෝනා එන්නත් පිළිබඳ විශාල වශයෙන් ප්‍රශ්න පැවතුණා." යනුවෙන් මෙල්බර්න් නුවර වෛද්‍ය Abhishek Verma පැවසීය.

කොරෝනා එන්නත් නිපදවීමේ තරගය තුළ එහි ආරක්‍ෂිත බව කප්පාදු කරනු ඇතැයි බියක් තමන්ගේ රෝගීන් බහුතරයකගේ සිතෙකි ඇතිවී ඇති බවද ඔහු පැවසීය.

"අප කරන්නේ රෝගීන් සමඟ විවෘත සංවාද පැවැත්වීම සහ ඔවුන්ගේ ගැටළු විසඳීමයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපට ලැබෙන දත්ත මෙන්ම සායනික අත්හදා බැලීම් ද භාවිතා කරමින් අපි එම අවස්ථාවන් ලබා ගැනීමට උත්සාහ කරනවා. ආරක්ෂිත හා ඵලදායී එන්නතක් යැයි අප විශ්වාස කරන දේ ප්‍රවර්ධනය කිරීම සඳහා සාක්ෂි පදනම් කරගත් ක්‍රියාමාර්ගයක් භාවිතා කිරීමට අපි උත්සාහ කරනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය වැඩිහිටියන් 3,061 ක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකදී හෙළිවූයේ කොරෝනා එන්නතක් ලබාගැනීමට ඉන් 58.5% ක් අනිවාර්යෙන් බලා සිටින බවය. තමන් අනිවාර්යෙන් කොරෝනා එන්නතක් ලබා නොගන්නා බව සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 6% ක් පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රජාවන් කොරෝනා එන්නත ලබාගැනීමට ඉදිරිපත් වේද?

ඇතැම් නව සංක්‍රමණික කණ්ඩායම් සඳහා, භාෂා බාධක සහ සංස්කෘතිකමය වශයෙන් සුදුසු සෞඛ්‍ය සේවා විකල්පයන් නොමැතිකම නිසා ඔවුන් බොහෝ විට මෙම සංවාදයෙන් ඉවත් වී ඇති බව වෛද්‍ය Verma පැවසීය.

"සෑම විටම සාමාන්‍ය වෛද්‍ය සේවා ලැබීමට සහ ප්‍රාථමික රැකවරණයෙහි යෙදීමට ඔවුන්ට සාම්ප්‍රදායිකව අපහසුය. එනිසා නිවැරදි ප්‍රභවයන්ගෙන් තොරතුරු ලබා නොගන්නේ නම් ඔවුන් වැරදි තොරතුරු ලබා ගැනීමට වැඩි ඉඩක් ඇති බැවින් එම පුද්ගලයින්ට නිශ්චිත බාධක ඇති වනු ඇතැයි මම සිතනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කොරෝනා වසංගතයේදී ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන් සමඟ සන්නිවේදනය කිරීමේ දෝෂ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයේ දෙපාර්තමේන්තු විවේචනයට ලක්විය. දුර්වල ලෙස පරිවර්තනය කරන ලද තොරතුරු වල සිට, සංස්කෘතික නියෝජිතයන් සමඟ සාකච්ඡා නොකිරීම දක්වා චෝදනා එල්ලවූ අතර එයින් සිදුවුයේ ඇතැම් අය වයිරසය පිළිබඳ තොරතුරු සඳහා නිල නොවන මූලාශ්‍ර වෙත යොමුවීමය.

අන්තර්ජාලය ඔස්සේ කොරෝනා එන්නත පිළිබඳ බොහොමයක් වැරදි තොරතුරු ගලා එන බව වික්ටෝරියා ඉස්ලාමීය සභාවේ නියෝජිතයෙකු වන Adel Salman පැවසීය. ඒ අනුව එන්නත සම්බන්ධ වැරදි තොරතුරු සමඟ සටන් කිරීම ඔස්ට්‍රේලියාවේ සුළුතර ප්‍රජාවන් මුහුණ දෙන අභියෝගයක් නොව සමස්ත ජනගහනයම මුහුණ දෙන අභියෝගයක් බව ඔහු පැවසීය.

කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ නිවරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙස ඔහු ඔස්ට්‍රේලියානු මධ්‍යම  රජයෙන් ඉල්ලා සිටී.

කොරෝනා එන්නත් ලබා දීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඇතුළු COVID-19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව රජය විසින් ඉහළම බහු සංස්කෘතික සංවිධාන සහ පාර්ශවකරුවන්ගෙන් උපදෙස් හා නිර්දේශ නොකඩවා ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ගේ නියෝජිතයෙකු SBS පුවත් වෙත පැවසීය.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් ගෙන් සැදුම්ලත් COVID-19 සෞඛ්‍ය උපදේශන කණ්ඩායමක්ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ වන විට පිහිටුවා ඇත.

ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සංකීර්ණ විය හැකි බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Paul Griffin පැවසීය.

"කොරෝනා එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී ඒවා ප්‍රවාහනය කිරීම හා එන්නත ලබා ගැනීමට මැලිවීම යන අභියෝග වලට ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුවේවි. අපි තවම ඒ ගැටළු දෙකටම ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් දේ කර ඇති බවක් මට පෙනෙන්නට නැහැ" යනුවෙන් මහාචාර්ය Griffin පැවසීය.

"කොරෝනා එන්නත ප්‍රවාහනය කිරීම බරපතල ලෙස සංකීර්ණ වේවි. අපි මීට පෙර මෙවැනි දෙයක් සිදු කර නැහැ. " යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

"මිනිසුන්ට එන්නතක් ලැබුණු බවට සාක්ෂි සැපයීමට සහ ඒ පිළිබඳ වාර්තා තබා ගැනීමට ඇති හැකියාව ඉතා වැදගත් වෙනවා. අප ලබා දීමට යන එන්නත් සඳහා අවම වශයෙන් මාත්‍රා දෙකක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. මිනිසුන් ඔවුන්ගේ දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා ආපසු නොඑන්නේ නම් අපි සැලකිය යුතු ලෙස ආරක්ෂිත මට්ටමෙන් පහළට වැටෙනවා" යනුවෙන් ද ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Paul Griffin පැවසීය.

එන්නත ඵල දරාවිද?

එන්නත් කිරීමේ වැඩසටහනේ කෙටිකාලීන හා දිගු කාලීන අරමුණු පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය ක්‍රිස් මෝයි වෛද්‍ය Chris Moy පැවසීය.

"ඔබ අසනීප වීම නැවැත්වීම සඳහා ඒවා ඵලදායී වන නමුත් වයිරසය සම්ප්‍රේෂණය වීම වලක්වාලීම සඳහා මෙන්ම එය අභිභවා යාමේ හැකියාව පිළිබඳ අකොතරම් හොඳදැයි අපට විශ්වාස නැත. ඉතින්, එම එන්නත් එක් දෙයකට හොඳ විය හැකි නමුත් අනෙක් දෙයට හොඳ නොවිය හැකියි" යනුවෙන් ඔහු පැවසීය.

"අපි උත්සාහ කරන්නේ පුද්ගලයා ආරක්ෂා කිරීමට පමණක් නොව, ප්‍රජාව තුළ වයිරසය පැතිරීම නැවැත්වීමටත්ය. සමස්තයක් ලෙස මෙම එන්නත් වල සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනීය ලක්ෂණ ද පවතිනවා. එන්නතේ බලය කොපමණ කාලයක් පවතිනවාද වැනි තවම නිශ්චය කර නොගත් කරුණු කිහිපයක්ද තිබෙනවා." යනුවෙන්  වෛද්‍ය Chris Moy පැහැදිලි කළේය.

අපි මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගන්නේ කවදාද?

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම පිළිබඳ සම්පූර්ණ තොරතුරු ජනවාරි මාසයේදී ප්‍රසිද්ධ කරන බව මහාචාර්ය Paul Kelly පැවසීය.


Share
Published 30 December 2020 1:59pm
Updated 12 August 2022 3:10pm
By Amelia Dunn, Marcus Megalokonomos, Madhura Seneviratne


Share this with family and friends