KEY POINTS:
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) සිය මුදල් අනුපාතය සියයට 3.35 දක්වා තවත් සියයට දශම හතරෙන් පංගුවකින් ඉහළ නංවා තිබේ.
- උද්ධමනය මත පියවා ගැනීම සඳහා මෙසේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව වියදම් අඩු කිරීමට උත්සාහ කරයි.
- RBA හි අධිපති ෆිලිප් ලෝව් පවසන්නේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇති බව ඔහු අපේක්ෂා කරන බවයි.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) සිය මුදල් අනුපාතිකය සියයට 3.35 දක්වා සියයට දශම හතරෙන් පංගුවකින් ඉහළ නංවා ඇති අතර එය දශකයකට වැඩි කාලයක් තුළ එහි ඉහළම අගය වේ.
ඉදිරියේදී මෙම අගය තවත් ඉහළ යෑමට ලක් වනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
අද දින මෙම පොලී අනුපාත ඉහළ යාම පසුගිය මැයි මාසයේ සිට 9 වැනි වරට සිදුවූ අතර මුදල් අනුපාතිකය 2012 සැප්තැම්බර් මාසයේ සිට ඉහළම මට්ටමට වැඩි වී තිබේ.

RBA governor Philip Lowe said while global factors explain much of this high inflation, strong demand is also adding to inflationary pressures. Source: SBS
උකස් හිමියන්ට මේ වසර තවදුරටත් වේදනාත්මක වසරක් විය හැකි බවට ඔස්ට්‍රෙලියානු මධ්‍යම බැංකු අධිපති ෆිලිප් ලෝව් අනතුරු අඟවයි.
ගෝලීය උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර උද්ධමනය ඉලක්කගත අනුපාතවලට පැමිණීමට පෙර යම් කාලයක් ගතවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
උද්ධමනය ඉලක්කයට නැවත පැමිණීම සහතික කිරීමට සහ මෙම ඉහළ උද්ධමන අනුපාතයන් තාවකාලික බව සහතික කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ පොලී අනුපාත තවදුරටත් වැඩි කිරීම අවශ්‍ය වනු ඇතැයි මහ බැංකු මණ්ඩලය අපේක්ෂා කරයි.
RBA හි තීරණයට "මැදිහත් වීමට" රජයට නොහැකි වුවද, ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහන ලබා දීම කෙරෙහි ඔවුන් විසින් අවධානය යොමු කර ඇති බව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසයි.
ලාභදායී මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීම , මිල අඩු ඖෂධ ලබා දීම සහ ඉහළ යන විදුලි බිල්පත් සඳහා සහන සැලසීම යනාදිය ඔස්ට්‍රේලියානු ආර්ථිකය තුළ දැකීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
ඔස්ට්‍රේලියාවේ සැපයුම් දාමයේ සහ ශ්‍රම බලකායේ ගැටළු සමඟ කටයුතු කිරීම ඔවුන්ගේ ආර්ථික සැලැස්මේ ඊළග කොටස වන බවද ඔහු පවසයි.
උද්ධමනය වැඩිවීම වැටුප් වර්ධනයට වඩා බෙහෙවින් වැඩි වන අතර, එය 2022 සැප්තැම්බර් දක්වා වසරක් තුළ සියයට 3.1 කින් වැඩි විය.රාජ්‍ය අංශයේ වැටුප් සියයට 2.3 කින් පමණක් වර්ධනය වූ අතර, නිවෙස් වල එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දිගටම පහත වැටී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවිනිශ්චිත බව ඉදිරියටත් ක්‍රියාත්මකයි.
පසුගිය පොලී අනුපාත ඉහල දැමීම් දැනටමත් නිවාස වල අයවැයට දරුණු ලෙස දැනෙමින් පවතින අතර, බැංකු විසින් මෙම නවතම පොලී අනුපාත ඉහළ යාමද පාරිභෝගිකයින් වෙත ඉක්මනින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාලයත් සමඟ උද්ධමනය සියයට 2-3 යන පරාසය වෙත ආපසු යාමට අවශ්‍ය බව පවසන ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ලෝවි මහතා එමගින් මේ වසරේදී උද්ධමනය සියයට 4.75 දක්වා ද 2025 වසරේ මැද භාගය වන විට සියයට 3 දක්වාද පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි.
සමහර ඔස්ට්‍රේලියානුවන් මෙය දැඩි ලෙස බලපා ඇති බව තමා දන්නා බවද ඔහු පැවසීය.
ඇතැම් පවුල් වලට සැලකිය යුතු තරම් මූල්‍ය ඉතුරුම් ඇති නමුත් අනෙක් පිරිස පොලී අනුපාත වැඩි වීම සහ ජීවන වියදම වැඩිවීම හේතුවෙන් පවුලේ අයවැය බරින් මිරිකී සිටින බව ඔහු පැවසීය.
නිවාස මිල පහත වැටීම හේතුවෙන් නිවාස ශේෂ පත්‍රවලට ද බලපෑම් එල්ල වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එහෙත් මෙම අවිනිශ්චිතතාවය දිගටම පවතිනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
ලොව පුරා පොලී අනුපාතවල විශාල සහ වේගවත් වැඩිවීමට ගෝලීය ආර්ථිකය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න මෙම අවිනිශ්චිතතාවට තවත් හේතුවක් වේ.
RateCity නම් මූල්‍ය තත්ත්වයන් සසඳන වෙබ් අඩවියට අනුව, පසුගිය මැයි මාසයේ පොලී අනුපාත ඉහළ නැංවීම් ආරම්භයේ සිට පොලී අනුපාත අනුපාත වැඩිවීම හේතුවෙන් ඩොලර් ලක්ෂ පහක ණයක් හිමි සාමාන්‍ය ණය හිමියෙකුට මසකට අමතර ඩොලර් 908ක් ගෙවීමට සිදු වේ
ඩොලර් ලක්ෂ 7.5 ක ණයක් සඳහා, RBA විසින් පසු ගිය මැයි මාසයේ දී පොලී අනුපාත ඉහළ නැංවීමට පටන් ගත් දා සිට වැඩිපුර මසකට ඩොලර් 114 ක් බැගින් මේ වන විට ණය වාරික සදහා ගෙවීමට සිදු වන අමතර මුළු මුදල ඩොලර් 1,362 ක් වේ.