කොරෝනා නිසා දේශසීමා වසාදැමීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත් අයදුම් කිරීම පහත වැටී ඇතැයි හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

travel bags and passport flight travel traveller

Source: Getty

කොරෝනා වසංගතය හමුවේ සිදු කල විදේශ සංචාර බාධක හේතුවෙන් ඔස්ට්‍ර්ලියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා වන අයදුම්පත් විශාල ලෙස පහත ගොස් තිබේ. මෙය 2020 වසරේ මුල් භාගයේදී අයදුම් පත් 400,000 කින් පමණ පහත වැටීමකි.
 
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 100ක පමණ පාඩුවක් ඕස්ට්‍රේලියානු රජයට විඳීමට සිදුව තිබේ.නමුත් 2019-20 වසර වලදී  ඔස්ට්‍ර්ලියානු විදේශ ගමන් බලපත්‍ර මිලියන 1.7ක් පමණ ප්‍රථම වරට ගැනීම සහ අලුත් කිරීම සිදු කොට ඇති අතර එමගින් රජය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 449.3ක් පමණ උපයා ඇතැයි විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දේ.මෙය 2018-19 වසර වලට සාපේක්ෂව අයදුම් පත් මිලියන 2.1කින් පහත වැටීමකි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියානුවන් සිය විදේශ සංචාර සඳහා වසරකට ඩොලර් බිලියන 65ක් පමණ වැය කරන අතර එම මුදලෙන් යම් ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුල සංචාරක කර්මාන්තයට ලැබේ යයි මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් 2019 වසරේදී බලාපොරොතු විය. 


 
නමුත් එම බලාපොරොත්තු වූ කාලය අතරතුර මෙලෙස ඔස්ට්‍ර්ලියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා වන අයදුම්පත් විශාල ලෙස පහත වැටීම සිදු වූ බව සංචාරක සහ වෙළඳ කටයුතු ප්‍රකාශකයකු සඳහන් කරයි.
 
2019-20 කාලය තුල ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත් සඳහා අධික ලෙස අයදුම් පත් ලැබුනද කොරෝනා වසංගතය හේතුවෙන් ගමන් සීමා පැනවීමත් සමග එම අයදුම්පත් අඩු වී තිබේ.මාර්තු මස ආරම්භයේ සිට ජුනි මස අවසානය දක්වා විදේශ ගමන් බලපත්‍ර 300,000ක් පමණ ඉල්ලුම් කිරීම හෝ අලුත් කිරීම සිදුව තිබේ.
Empty airport
Source: Pixabay
දත්තයන්ට අනුව ජුලි මස සිට අයදුම්පත් 109.402ක් පමණක් ඉල්ලුම් කිරීම සහ අලුත් කිරීම සිදු කොට ඇති අතර එලෙස පැවතුනහොත් 2020-21 කාලය තුල අයදුම්පත් සංක්‍යාව 6,000කට වැඩ අඩු මට්ටමක පවතිනු ඇත.
 
තමාට හදිසි විදේශ ගමන් සිදු කිරීමට වේ යැයි සිතීම මත ඇතැමුන් තම බලපත්‍ර අලුත් කිරීම සිදුකරන අතර ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින ඕස්ට්‍රේලියානුවන් අතර මෙලෙස ගමන් බලපත් අයදුම් කිරීමේ ප්‍රවනතාවයක් පවතින බව සංචාරක සහ වෙළඳ කටයුතු ප්‍රකාශකවරයා සඳහන් කොට තිබේ.
 
මේ වන විට ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර මිලියන 14.6 ක් පමණ නිකුත් කොට තිබේ. විදේශ ගමන් බලපත්‍ර පොලී පහත වැටීම ඕස්ට්‍රේලියාවෙන් පිටත්වීම සඳහා වන සීමාවන්ට අනුකුල වන අතර අත්‍යාවශ්‍ය ගමන් සිදුකරන සේවකයින් සඳහා යම් නිදහස් කිරීම් ලබාදීමට කටයුතු කොට තිබේ.
 
මෙම නිදහස් කිරීම් අනුමත කරන ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා කොමසාරිස් Michael Outram කියා සිටින්නේ 2019 වසරේ අගෝස්තු මස ඕස්ට්‍රේලියානුවන් 984,000ක් රටින් පිටව ගොස් ඇති අතර මෙම වසරේ අගෝස්තු මස එම සංක්‍යාව 18,000ක් වන බවයි.
 
Geelong හි විදුලි භාණ්ඩ බෙදාහරින්නෙකු වන James McKeown මෙම වසරේදී ජර්මනියට යාමට සැලසුම් කර සිටියද දේශසීමා පැනවීම මත ඔහුට එම සැලසුම අතහැර දැමීමට සිදු විය. 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


නමුත් තවමත් සංචාරක තහනම ඉවත් නොකිරීම පිළිබඳව කලකිරීමට පත්ව සිටින ඔහු පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සහ නිරෝධායන කාලයකට යටත් වීමට කැමති ඕස්ට්‍රේලියානුවන් හට රටින් පිටත්වීමට ඉඩ ලබාදිය යුතු බවයි. 



 
එමෙන්ම සීමා පැනවීම මත ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමට නොහැකිව පුද්ගලයින් නැවත ඔවුන්ගේ විදේශ ගමන් අලුත් කිරීමේදී යම් සහනයක් ලබාදිය යුතු බව James McKeown සඳහන් කරයි. වසර 10කට ලබාදෙන විදේශ ගමන් බලපත්‍රය $298ක් වන අතර එය වසරකට $30ක් වැනි මුදලක් වේ. මේ හේතුවෙන් සංචාරක තහනම පවතින සෑම වසරකටම සිය විදෙස් ගමන් බලපත්‍රය නැවත අලුත් කරන සෑම පුද්ගලයකුගෙන්ම $30ක් අඩු කිරීමට පියවර ගත යුතු බව ඔහු පවසයි. 
 
නමුත් මේ සම්බන්ධයෙන් සංචාරක සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනතෙක් විදෙස් ගමන් බලපත්‍ර සඳහා වන මුදලේ වෙනස්කම් පිළිබඳව සලකා බැලීමක් සිදුකොට නොමැති බවයි. 
 

Share
Published 24 September 2020 7:09am
By Nipuna Dodangoda

Share this with family and friends