ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් මෙම Partner visa ඛාණ්ඩය සඳහා මෙලෙස සහන හදුන්වා දී තිබේ. පෙර පැවති ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය යටතේ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට Partner visa ඉල්ලුම් කල පුද්ගලයින්, එම වීසා ලැබෙන විට ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු විය. නමුත් මෙම නව සහන යටතේ එසේ සිදු කලයුතු නොවන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
Partner visa සඳහා රටින් පිටත සිටිය යුතු බවට වන නීතිය මෙම කොරෝනා තත්වය හේතුවෙන් වෙනස් කරන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබුණු අතර ඕස්ට්‍රේලියානු රජය අනුමත කල මෙම නව වෙනස්කම් 2021 වසරේ මුල් භාගයේදී හඳුන්වා දීමට නියමිතව තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මේ පිළිබඳව අදහස් පළකරන, දේශසීමා වසාදැමීම හේතුවෙන් පීඩනයට පත්ව සිටින Partner visa ලාභීන් සහ අයදුම් කරන්නන් සඳහා Facebook කණ්ඩායමක් පවත්වාගෙන යන Amelia Elliott සඳහන් කරන්නේ මෙම වෙනස්කම් පිළිගන්නා අතර වෙනස්කම් ඉක්මනින් සිදු වියයුතු බවයි. ඇයගේ සහකරු වන පිලිපීන ජාතික Bowie Domingo හටද මීට පෙර පවතී නීතිය හමුවේ වීසා ලබාගැනීම සඳහා මෙල්බර්න් හි සිට සිංගප්පුරුව වෙත යාමට සිදු විය.
ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වීසා ඛාණ්ඩ සඳහා අයදුම් කල බොහෝ පිරිසකගේ වීසා 2020 වසරේ දෙසැම්බර්, 2021 වසරේ ජනවාරි හෝ පෙබරවාරි යන මාස වලදී කල් ඉකුත් වීමට නියමිත අතර මෙම වෙනස්කම් ඉතා ඉක්මනින් සිදු කලයුතු බවයි.
Partner (subclass 309) වීසා ඛාන්ඩයට අමතරව child (subclass 101), adoption (subclass 102), dependent child (subclass 445) සහ prospective marriage (subclass 300) යන වීසා උප ඛාන්ඩයන් සඳහාද වෙනස්කම් සිදුකොට තිබේ.
වසංගතය අතරතුර රටින් පිටවන ලෙස වන ඉල්ලීම පිළිගත නොහැකියි
දේශසීමා විධිවිධාන කළමනාකරණය කිරීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට මෙම වීසා අයදුම් කිරීම පිළිබඳව සැක සහිත පවුල් සමග SBS සේවය මින් පෙර සාකච්චා කළේය.
සිඩ්නි හි වාසය කරන Johan සහ Kentley Erlandsson යුවල පසුගිය අප්‍රේල් මාසයේදී සිය මුලික වීසා අයදුම් පත් ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ට පැවැති නීතින් අභියෝගයක් විය. පිලිපීන පුරවැසිභාවය හිමි Kentley සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවේ සිටින අතර ඇයට 6 වියැති දියණියක සහ වයස අවුරුදු 2ක් වන දරුවකු සිටී.
සිය සහකාරියට වීසා ලැබෙන තුරු බලා සිටින Johan ලියුකේමියා රෝගයෙන් පීඩා විදින අතර ඔහු පැවසුවේ තමාගේ අඩු ප්‍රතිශක්තීකරණය හේතුවෙන් පවතින සෞඛ්‍ය අවධානම මත ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම සිදු නොකළ හැකි බවයි.
මීට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් දරුවන් සමග රටින් පිටත් වන තම සහකාරියට, දෙරටෙහිදීම නිරෝධායනය වීම සඳහා වන වියදම්, ගුවන් වියදම් දරාගැනීම සිදුවීම සහ හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් ස්ථානයක් සොයාගැනීම සම්බන්ධයෙන් Johan ට බියක් පැවතින.

Johan and Kentley are waiting for their partner visa application to be processed. Source: SBS News
මෙම කරුණු මත, පවතින වසංගත තත්වය තුල Subclass 309 Partner (Provisional) වීසා අයදුම් කල, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පිරිස සඳහා තාවකාලිකව වීසා ලබාදෙන ලෙස
කම්කරු පක්ෂ පාර්ලිමේන්තු සාමාජික Julian Hill පනතක් මගින් වෙනස්කම් ඉල්ලා සිටියේය. ඔහු සඳහන් කලේ පවතින මේ ගෝලීය වසන්ගත තත්වය හමුවේ මෙය ඕස්ට්‍රේලියානු රජය සිදුකලයුතු බුද්ධිමත් ක්‍රියාවක් වන බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කම්කරු පක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally, twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වීසා සහන කටයුතු කඩිනම් කිරීම සඳහා කම්කරු පක්ෂ පාර්ලිමේන්තු සාමාජික Julian Hill සමග ඉදිරියට යන බවයි. ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල නිරෝධායන ස්ථාන අතිශය අවශ්‍ය මෙවැනි මොහොතක මෙම වීසා අයදුම් කරන්නන් රටින් පිට කොට නිරෝධායනය හරහා නැවත ගෙන්වාගැනීම හාස්‍යජනක වන බවයි.