ජාත්‍යන්තර සංවර්ධන කටයුතු හා පැසිෆික් කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක.

Concetta Fierravanti-Wells SL Visit

Concetta Fierravanti-Wells Source: Megapiel

ජාත්‍යන්තර සංවර්ධන කටයුතු හා පැසිෆික් කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය, Concetta Fierravanti-Wells අද (04/04) සිට ලබන අප්‍රේල් 07 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

2013 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්තාව මෙය ලෙසද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හි 70 වසරක් සැමරීම මේ වසරේ සිදු වීමද මෙම සංචාරයේ විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියාව වසර 4 ක් පුරාවට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 80 ක ආධාරද පිරි නමා තිබේ.

නිපුණතා සංවර්ධනය, සුළු පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් වෙළෙඳ පොළ අවස්ථා නිර්මාණය කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සේවා ස්ථාන වල කාන්තාවන් දිරිමත් කිරීමට සහය දීම සහ වෙළෙඳ හා ආර්ථික අවස්ථා ඇති කිරීමට සහය දීම යනාදී ව්‍යාපෘති සඳහා එම ආධාර මුදල් යෙදවේ.

මේ අතර අමාත්‍ය Concetta Fierravanti-Wells ගේ සංචාරය අතරතුරේ කොළඹදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව හා එක්ව ශ්‍රී ලංකේය කාන්තාවන් හට රැකියා හා ව්‍යවසාය අවස්ථා උදා කරදීමට ඩොලර් මිලියන 15 ක වැඩසටහනක්ද දියත් කිරීමට නියමිතය.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව ලැබූ සිසුන් 1000 කගෙන් කිහිප දෙනෙකු ද ඔස්ට්‍රේලියාවෙන් ආධාර ලබන ශ්‍රී ලාංකික සිසුන් කිහිප දෙනෙකුද හමු වීමට ඇය අපේක්ෂා කරයි.

මේ අතර ඇය උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීමටද නියමිත බව වාර්තා වේ.


Share

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends