ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය JobTrainer නමින් සිය නවතම නිපුණතා ආයෝජන වැඩසටහන (skills investment program) එළිදක්වා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර වල කොරෝනා වසංගතය මධ්‍යයේ රැකියාවක් සොයන පුද්ගලයින්ව පුහුණු කිරීම හෝ නැවත නිපුණතාව ලබාදීම ට මේ මගින් අවධානය යොමු කෙරේ.

Prime Minister Scott Morrison Source: AAP
JobTrainer යනු කුමක්ද?
ඩොලර් බිලියනයක මෙම වැඩසටහනට මධ්‍යම රජය විසින් අර්ධ වශයෙන් අරමුදල් සපයනු ඇති අතර එය ඩොලර් මිලියන 500 ක් වන අතර අනෙක් බාගය ප්‍රාන්ත සහ ටෙරිටරි අතර බෙදී යන සේ සකසා ඇත.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පසුගිය සතියේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රාන්ත හා ටෙරිටරි නායකයන් සමඟ මෙම සැලැස්ම සාකච්ඡා කළ අතර එම අදහසට බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් හි සහය හිමිවී තිබේ.
JobTrainer මෙන්ම ආධුනිකයින් සහ පුහුණු වැටුප් සහනාධාර වැඩසටහන සඳහා ඩොලර් බිලියන 1.5 ක අමතර මුදලක් යොදවන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළේය.
JobTrainer යනු පාසලෙන් නික්ම ගිය පුද්ගලයින් පුහුණු කිරීම සඳහා හෝ දැනට රැකියාවක් සොයන නැවත නිපුණතාවක් ඇති කරගැනීමට අවශ්‍ය පුද්ගලයින් පුහුණු කිරීම සඳහා හෝ ඔස්ට්‍රේලියාව පුරා පුහුණු ස්ථාන 340,700 ක් පමණ නිර්මාණය කිරීම අරමුණු කරගත් පැකේජයකි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නොමිලේ හෝ අඩු වියදමකින් යුත් කර්මාන්ත ගණනාවකට අදාළ කෙටි පාඨ මාලා සම්පූර්ණ කිරීමට මෙම වැඩසටහන මඟින් ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව සැලසේ.
කොරෝනා වසංගතය නිසා රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අයට රැකියා අවස්ථාවන් ලබා දීම, පාසලෙන් නික්ම ගිය විට රැකියාවක් සොයා ගැනීමට අපහසු යට රැකියා අවස්ථාවන් ලබා දීම මෙන්ම අලුතින් පිහිටුවන ලද ජාතික නිපුණතා කොමිෂන් සභාව (NSC) අනාගතයේ දී ඉහළ ඉල්ලුමක් ඇති වනු ඇතැයි සිතන ප්‍රදේශවල කුසලතා වර්ධනය කිරීමේ අවස්ථාවක් ඇතිරීම මෙහි මූලික අරමුණු වේ.

Source: Getty Images/JohnnyGreig
මෙමගින් කුමන ආකාරයේ රැකියා ආවරණය කරයිද?
JobTrainer විසින් ආවරණය කරනු ලබන “ඉලක්කගත රැකියා ක්ෂේත්‍ර” NSC විසින් ප්‍රාන්ත සමඟ සාකච්ඡා කර සකස් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
නමුත් සෞඛ්‍ය, සමාජ සේවා, ප්‍රවාහන, තැපැල්, ගබඩා, නිෂ්පාදන, සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම යන ක්ෂේත්‍ර අනාගත රැකියා වර්ධන කර්මාන්ත ලෙස මධ්‍යම රජය දක්වා තිබේ.
මේ සඳහා අයදුම් කිරීමට නිශ්චිත සුදුසුකම් හෝ පාඨ මාලා අන්තර්ගතය කුමක් ද යන්න තවමත් හෙළි කර නොමැත.

Source: Getty Images/Hidn20 Imagery
මෙම නව පුහුණු ස්ථාන ස්ථාපනය කරන්නේ කොහේද?
මෙම නව පුහුණු ස්ථාන ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත කරනු ඇති අතර විශාල ප්‍රාන්තවලට වැඩි ස්ථාන ප්‍රමාණයක් ලැබෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව එම පුහුණු ස්ථාන ABC පුවත් වෙබ් අඩවිය දක්වා තිබුණේ පහත අයුරිනි.
ප්‍රාන්තය/ ටෙරිටරිය | ආසන්න වශයෙන් ස්ථාන ගණන |
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය | 108,600 |
වික්ටෝරියා ප්‍රාන්තය | 88,900 |
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය | 68,500 |
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය | 35,200 |
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය | 23,500 |
ටස්මේනියා ප්‍රාන්තයss | 7,100 |
Australian Capital Territory | 5,700 |
Northern Territory | 3,200 |

Source: SBS Sinhala