ඔස්ට්‍රේලියාව මේ වන විට විවිධ antibiotics හෙවත් ප්‍රතිජීවක 20 ක් ඇතුළුව ඖෂධ 400 කට ආසන්න ප්‍රමාණයක හිඟයකට මුහුණ දී සිටියි.
මේ නිසා ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු සහ ඖෂධවේදීහු මේ සඳහා විකල්ප සොයමින් සිටිති.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ 000 හරහා ගිලන්රථයක් ඇමතීමෙන් පසුව වන දේ ගැන, වැදගත් තොරතුරු
SBS Sinhala
13:37
ඖෂධයට හිඟයට හේතුව
මේ වන විට ලොව පුරා පවතින ඖෂධ හිඟයකට ඔස්ට්‍රේලියාව හසුවී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිජීවක 20 ක් ඇතුළුව ඖෂධ 400 කට ආසන්න ප්‍රමාණයක හිඟයකට ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටියි.
ඔස්ට්‍රේලියාවේ ඖෂධ සැපයීම සඳහා වන නියාමන ආයතනය වන The Therapeutic Goods Administration (TGA) විසින් දැඩි හිඟයක් පවතින බවට ඖෂධ හතළිස් හතරක් ලැයිස්තුගත කර ඇත.
පොදු රෝග සඳහා බෙහෙත් වට්ටෝරුව අවශ්‍ය පුද්ගලයින් සඳහා ප්‍රතිජීවක ඖෂධ සකස් කිරීම පිණිස ඔසුසැල්වලින් ඖෂධ නිර්දේශ කිරීම් ලබා ගැනීම ඔස්ට්‍රේලියාවේ ඖෂධ හිඟය කෙතරම් දරුණුද යන්න පිළිබඳ සංඥාවක් දෙන බව ඖෂධවේදී Mike Yang පැවසීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියාව තුළ ඖෂධ සැපයුම් හිඟයට හේතුව කුමක්ද?
ජාතික ඖෂධ හිඟයට ගෝලීය සාධක හේතු වන අතර එය 2023 මාර්තු අවසානය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව TGA පවසයි.
මෙය ප්‍රතිජීවක ඖෂධ හිඟයේ අයහපත්ම කාලවලින් එකක් බව TGA ප්‍රධානී මහාචාර්ය John Skerritt SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.
"මෙයට හේතු වූ තනි සාධකයක් නොමැති බව පෙනෙනවා. මේ කාලය උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේ මැද භාගයයි. පපුවේ ආසාදන සහ වෙනත් බැක්ටීරියා ආසාදන රාශියක් මේ කාලයේදී එම කලාපයේ ඇතිවීමට හැකි බව අපි මතක තබා ගත යුතුයි. මෙම හිඟය ඔස්ට්‍රේලියාවේ ඇති ඖෂධ හිඟයක් පමණක් නෙමෙයි, ඇමෙරිකාව සහ කැනඩාව ද ප්‍රතිජීවක ඖෂධ හිඟය කළමනාකරණය කරමින් සිටියි.
ඇතැම් ඖෂධ තොගවල හඳුනාගෙන ඇති තත්ත්ව පාලන ගැටළු සමඟින් ස්වභාවික විපත් හේතුවෙන් ඖෂධ නිෂ්පාදන පහසුකම්වල නිෂ්පාදනය ද සීමා කළ හැකි බව ඔහු පැවසීය.
කොවිඩ් වසංගතය සැපයුම් දාමයට සහ ඔස්ට්‍රේලියාවට ඖෂධ ප්‍රවාහනය කිරීමේ හැකියාවට ද බලපා ඇත.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේත් ශීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් තිබෙන XBB.1.5, Omicron උප ප්‍රභේදය ගැන ඔබ දැනගතයුතු කරුණු
SBS Sinhala
09:53
රෝගීන්ට දෙන පණිවිඩය
සාමාන්‍ය ප්‍රතිජීවක රෝහල්වලට නොමැතිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවත්, විශේෂයෙන් දැනට සැපයෙන දියර ප්‍රතිජීවක විශේෂයෙන් ළමයින් සහ වියපත් අය සඳහා වෙන් කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය (AMA) ප්‍රකාශ කළේය.
සාමාන්‍ය ළමා ආසාදනවලට ප්‍රතිකාර කිරීමේදී ගැටලුකාරී තත්ත්ව මේ නිසා මතුවන බව නැගෙනහිර සිඩ්නි කලාපයේ වෛද්‍යවරයෙකු වන Michael Wright පැවසීය.
"අපට amoxicillin සහ සාමාන්‍ය penicillin ඇතුළු ප්‍රතිජීවක වෙනස්වන සැපයුමක් ඇත. එය දෙමාපියන්ට විශාල කනස්සල්ලක් ඇති කරයි, එසේම අප ගැන ඒ ගැන වදවෙනවා." යනුවෙන් පවුලේ වෛද්‍යවරුන් පිළිබඳ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලයේ නියෝජ්‍ය සභාපති ද වන වෛද්‍ය Michael Wright පැවසීය.
මෙයට විකල්ප සොයා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඔසුසල් සමඟ කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.
"රෝගීන් සඳහා ඇති වැදගත් පණිවිඩය නම් විකල්ප පවතින බවයි. නමුත් ඔබට ලබා ගත හැකි වඩාත්ම සුදුසු ප්‍රතිජීවක ඖෂධය ඔබට නියම කර ඇති බවට වග බලා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ වෙනත් වෛද්‍යවරයකු හමුවීම වටිනවා," යනුවෙන්ද වෛද්‍ය Michael Wright වැඩිදුරටත් ප්‍රකාශ කළේය.