ඔස්ට්‍රේලියාව තුළ ඖෂධ නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් යොදා ගන්නා මෘදුකාංගය වෙනස් කිරීමට යයි.

Australia Budget 2017

Source: www.bitemagazine.com.au

එළඹෙන මැයි 09 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මිලෙන් අඩු නිර්දේශිත ඖෂධ ලබා ගැනීමට ඉදිරියේදී රෝගීන හට හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ.

ඖෂධ නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් යොදා ගන්නා මෘදුකාංගය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරන බවත් එමගින් වෛද්‍යවරුන් හට වර්ගයේ නමින් නොව ඖෂධයේ නමින්ම එම ඖෂධය නම් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද වාර්තා වේ.

මේ අතර වසර 5 ක් පුරාවට ඩොලර් බිලියන 1.8 ක් ඉතිරි කර ගැනීමට මධ්‍යම රජය සහ Medicines Australia ආයතනය එකඟ වී ඇති බවද සඳහන්.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends