ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ විශාල වෙනස්කමක් කිරීමට ඊයේ (28/06) පස්වරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 40 ට අඩු ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට දැන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් AstraZeneca එන්නත ඉල්ලා සිටිය හැකිය.
Highlights
- වයස අවුරුදු 40 ට අඩු ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට දැන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් AstraZeneca එන්නත ඉල්ලා සිටිය හැකිය.
- ඔස්ට්‍රේලියාවේ aged care මධ්‍යස්ථාන වල සේවය කරන සේවකයින්ට COVID-19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
- විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන ඔස්ට්‍රේලියානුවන්ට තවත් කොරෝනා පරීක්ෂණයක් අමතරව සිදු කිරීමටද ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
වයස අවුරුදු 40 ට අඩු ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට AstraZeneca එන්නත
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 60 ට අඩු වැඩිහිටි පුද්ගලයින් සඳහා නිර්දේශ කර ඇත්තේ Pfizer එන්නතය.
මේ අතර වයස අවුරුදු 40 ත් 59 ත් අතරේ පසුවන පුද්ගලයින් හට Pfizer එන්නත ලබා ගැනීම සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් කටයුය්තු කර තිබේ.
ඒ සඳහා ඔවුන් කලින් වේලාවක් වෙන් කරවාගත යුතුය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා AstraZeneca එන්නත් නිර්දේශ කර තිබේ.
AstraZeneca එන්නත ලබාගන්නා ඇතැම් තරුණ පුද්ගලයින් හට රුධිරය කැටි ගැසීමේ කලාතුරකින් ඇතිවන අතුරු ආබාධයකට මුහුණ දීමට සිදුවීම ඊට හේතුවය.
මේ හේතුව නිසා ඔස්ට්‍රේලියාවට පෙර සැලසුම් කර තිබූ ප්‍රමාණයට වඩා Pfizer එන්නත් ආනයනය කිරීමට් සිදුවී තිබේ.
Pfizer වැනි mRNA වර්ගයේ එන්නත් මහා පරිමාණයෙන් දේශීයව නිපදවීමට ඔස්ට්‍රේලියාවට තවමත් හැකියාවක් නොමැත.
නමුත් මෙල්බර්න් නුවර CSL ආයතනයේ AstraZeneca එන්නත් නිපදවන නිසා ඔස්ට්‍රේලියාවට ප්‍රමාණයටත් වඩා AstraZeneca එන්නත් ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කර අවශ්‍යනම් Pfizer එන්නත වෙනුවට AstraZeneca එන්නත ලබාගැනීමට හැකි බව අගමැති Scott Morrison ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවසීය.
Aged care සේවකයින්ට COVID-19 එන්නත අනිවාර්ය කෙරේ
ඔස්ට්‍රේලියාවේ aged care මධ්‍යස්ථාන වල සේවය කරන සේවකයින්ට COVID-19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ (28/06) ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ප්රමුඛ ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන් හමුවූ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය කෙරිණි.
COVID-19 වයිරසයේ අතිශය භයානක Delta ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පැතිරී යමින් පවතින නිසා මෙම තීරණය ගත් බව පැවසේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මේ වන විට මරණ 910 ක් වාර්තා වී ඇති අතර ඉන් 685 ක් ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ පුද්ගලයින් බව වාර්තා වේ.
ඒ අනුව residential aged care මධ්‍යස්ථාන වල සේවය කරන සේවකයින්ට COVID-19 එන්නතේ පළමු මාත්‍රාව අනිවාර්යෙන් එළඹෙන සැප්තැම්බර් වන විට ලබාදීමට ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.
ඊට අමතරව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් COVID-19 එන්නත් ලබා ගැනීම පිණිස අදාළ aged care මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීම සඳහා ඩොලර් මිලියන 11 ක් ලබා දෙන බවද අගමැති මොරිසන් පැවසීය.

Source: Getty Images/Morsa Images
විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන ඔස්ට්‍රේලියානුවන්ට තවත් කොරෝනා පරීක්ෂණයක්
විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන ඔස්ට්‍රේලියානුවන්ට තවත් කොරෝනා පරීක්ෂණයක් අමතරව සිදු කිරීමටද ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව යම් පුද්ගලයෙකු විදේශයන්හි සිට පැමිණ දින 14 ක නිරෝධායන කාලය සාර්ථකව අවසන් කර පිටව ගොස් දින 2කට හෝ තුනකට පසුව තවත් කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බව එහිදී තීරණය කෙරිණි.
ඊට අමතරව විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් සමග යාබද කාමරවල දේශීය ප්‍රජාවේ පුද්ගලයින් හට නවාතැන් පහසුකම් සැපයීම ඉදිරියේදී තහනම් කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ව වෙනමම මහලක හෝ වෙනමම පරිශ්රයක නිරෝධායනය කෙරෙනු ඇත.
එමෙන්ම නිරෝධායන කටයුතු සඳහා සහභාගී වී සිටින සේවකයින් ද අනිවාර්යෙන් කොරෝනා එන්නත ලබාගත යුතු බවටද ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.